ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් අව අටවක පෝදා 2023 පෙබරවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යාම මඟින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, ස්වල්ප කටයුතු ඇත්තකු වීම, සැහැල්ලු පැවතුම් ඇතිවීම, සන්සුන් ඉඳුරන් ඇතිවීම, කුලයන් කෙරෙහි නො ඇලීම ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වේ. පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයටත් පෙර පාත්‍රය ගැන සඳහන් වන නිසා පාත්‍රය යන වචනය හුදු සාසනික ව්‍යවහාරයක්ම නොවේ. දඹදිව් වැසියා පාත්‍රය යන වචනය භාවිත කොට ඇත්තේ ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ලද භාජනයකට ය. අද භික්ෂූන් වහන්සේ දානය වළඳන භාජනයට පාත්‍රය යැයි කියනු ලැබේ. අද ගිහි ජනතාව ආහාර ගන්නා භාජනයට පාත්‍රය යන නම ව්‍යවහාර නොකරයි. එහෙත් අතීතයේ දී පැවිදි නො පැවිදි භේදයක් නොමැතිව ආහාර අනුභවය සඳහා යොදාගන්නා භාජනය පාත්‍රය යන නාමයෙන් හැඳින්වීය. සිඟමන සඳහා ද පාත්‍රය පාවිච්චි කළ බව පෙනේ. “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා වැටුණා වාගේ” යන කියමන් තුළින් එය තහවුරු වේ. පැවිදි බව ලැබීම සඳහා මූලික අවශ්‍ය භාණ්ඩ අතර පාත්‍රය සහ සිවුරු ප්‍රධාන වේ. ඒවා නොමැතිව පැවිද්ද ලබා ගත නොහැකි ය. සිදුහත් බෝසතාණන් වහන්සේට පැවිදි වීමේ දී ඝටීකාර බ්‍රහ්මයා පාත්‍රය, සිවුරු පූජා කළ බව සඳහන් වේ. පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයට පිවිස සතියක් පමණ එහි වැඩ සිට පැවිද්දෙන් අටවැනි දින රජගහ නුවර පිඬු සිඟා වැඩිය බව සඳහන් වේ. මේ අනුව පැවිද්දේ ප්‍රධානම අංගය වනුයේ පිඬුසිඟා යැපෙන ආහාරයෙන් හෙවත් පිණ්ඩපාත දානයෙන් පෝෂණය වීමයි. “පිණ්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා” යැයි දක්වා ඇති පරිදි පැවිද්ද පිණ්ඩපාත භෝජනය නිසා පවතින දෙයකි. පිඬුසිඟා යාම භික්ෂු ආජීවය පාරිශුද්ධියට පත් කරන්නකි. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වැළඳූහ. අදත් එම චාරිත්‍රය අනුගමනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙන් ම යැපෙති.
පෙබරවාරි 13 සඳුදා පූ.භා. 09.44 න් අව අටවක ලබා 14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ. 13 සඳුදා සිල්
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]