[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තක්ක ජාතක කතාවේ එන අවස්ථාවකි

නිකිණි පුර අටවක

 අගෝස්තු 05 සිකුරාදා පූර්වභාග 05.08 පුර අටවක ලබා 06 සෙනසුරාදා පූර්වභාග
03.57 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

උතුම් ධාතුන් වහන්සේ සැදැහැ සිතින් නමදිමු

ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු හා උද්දේසික ධාතු යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. මින් ශාරීරික ධාතුන් වහන්සේ යනු ලොව්තුරා බුදුරදුන්ගේ කෙස්, දත්, අස්ථි, නිය ආදී ශරීර කොටස් ය. බුදුරදුන් පරිභෝග කළ පාත්‍ර, සිවුරු, ජල සාටක, පීඨාදිය පාරිභෝගික ධාතූහු වෙති. සමන්තකූට පර්වත මස්තකයේ පිහිටා ඇති ශ්‍රී පාද පද්මය ද පාරිභෝගික ධාතුවකි. මීට අමතරව බුදුරදුන් අධිෂ්ඨාන බලයෙන් පිහිට වූ තවත් ශ්‍රී පාද තුනක් පිළිබඳව, පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. ඒවා නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත් සුනාපරන්ත ජනපදයේ (අරාබියේ) මකුලකාරාම මහා විහාරයේත් (වර්තමානයේ මක්කම) පිහිටා ඇත. ලොව්තුරා බුදුරදුන්ට උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පිහිටාධාර වූ විජය ශ්‍රී බෝධි රාජයා ද, ලක්දිව මහමෙව්නාවේ රෝපණය කොට ඇති එහි දක්ෂිණ ශාඛාව ද, ඉන්දියාවේ සැවැත්නුවර දෙව්රමෙහි රෝපණය කොට ඇති ආනන්ද බෝධිය ද පාරිභෝගික ධාතු කොටසට ම අයත් වේ. බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කොට ඇති ප්‍රතිමාදිය උද්දේසික ධාතු කොටසට අයත් වේ. ලෝකයේ බොහෝ රටවල සර්වඥ ධාතූන් වහන්සේ විසිරී පැවතුණ ද ඉන් බොහෝ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩ සිටින්නේ අප ශ්‍රී ලංකා ධරණී තලයේ වීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අමන්දානන්දයට හේතු විය යුතු ය. එමතු නොව සාරිපුත්ත, මෞද්ගල්‍යායන, මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා කිහිප නමකගේ ශාරීරික ධාතූහු ද ලංකාවේ වැඩ සිටිති. ධාතු යන පදය දැරීම් අර්ථයේ යෙදෙන අතර මෙහි කුමක් දරා ද යත්? පූජනීයත්වය, විචිත්‍රත්වය, ශ්‍රේෂ්ඨ තත්ත්වය දැරීම ධාතු නම් වේ. තිලොවට ම එකම අසහාය නායක වූ ලොව්තුරා බුදුරදුන්ගේ උතුම් වූ ශ්‍රී ශාරීරික ධාතු වන්දනා මාන කිරීම ලෝක සත්ත්වයාට මෙලොව පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි යනු ඒකාන්ත සත්‍යයකි. එහි කිසිදු සැකයක් තබා නොගත යුතු ය.

සසර දුක් වේදනා ගෙන දෙන කර්ම රැස් කරන්නේ කුමට ද?

දිනක් මහ මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් රජගහ නුවර ගිජු කුළුපව්ව සමීපයෙන් දිවා කල පිණ්ඩපාතයෙහි වැඩම කරන විට ප්‍රේතයෙක් දුටුහ. කිසි දිනක නොදුටු මෙම ප්‍රේතයාගේ ස්වරූපය වූයේ සර්පයකුගේ ශරීරයට සමාන වීමය. ගව් සියයක් පමණ දිග මිනිස් හිසක් සහිත වූ මෙම ‘අහි’ ප්‍රේතයා බිය උපදවන සුළු ස්වරූපයක් දැරුවේ ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ - සම්මා සම්බුද්ධස්ස. “නහි පාපං කතං කම්මං - සජ්ජු ඛීරං ව මුච්චති, ඩහන්තං බල මන්වෙති - භස්මච්ඡන්නෝව පාවකෝ” කාරුණික පින්වතුනි, සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා දහම් කරුණු කිහිපයක් පින්වත් ඔබ වෙනුවෙන් අද දින ධර්ම දේශනාව මඟින් පහදා දීම සඳහායි බලාපොරොත්තු වන්නේ. “ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන උතුම් අවවාදයට අනුව ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනා බව දැක්වේ. ඒ අනුව අද දින ධර්ම දේශනාව සඳහා තෝරා ගත් ගාථා රත්නය බෞද්ධයාගේ අත් පොත වන ධම්ම පදයෙහි පාප වග්ගයට අයත් 12 වැන්නයි. එහි සරල අදහස මෙසේ ය. “දෙනකගෙන් දොවන ලද කිරි එකෙනෙහි ම නොමිදෙන්නාක් මෙන් අනුවණයා විසින් කරන ලද පව් ද එම අවස්ථාවේ දී ම විපාක නොදෙයි. සසර පුරා ඔහු පසු පස ගමන් කරමින් විපාක දෙයි.” යනුවෙනි. දිනක් මහ මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් රජගහ නුවර ගිජු කුළුපව්ව සමීපයෙන් දිවා කල පිණ්ඩපාතයෙහි වැඩම කරන විට ප්‍රේතයෙක් දුටුහ. කිසි දිනක නොදුටු මෙම ප්‍රේතයාගේ ස්වරූපය වූයේ සර්පයකුගේ ශරීරයට සමානය. ගව් සියයක් පමණ දිග මිනිස් හිසක් සහිත වූ මෙම ‘අහි’ ප්‍රේතයා බිය උපදවන සුළු ස්වරූපයක් දැරුවේ ය. ශරීරය පුරා ගිනිගෙන දැවෙන හෙතෙම අධික ලෙස වේදනා විඳිනු දුටු මහ රහතන් වහන්සේ දෙනම ඒ දෙස විමසිලිමත්ව බලා සිටිමින් පසුව පිණ්ඩපාතයෙහි වැඩම කළහ.

 

බලවත් අකුසල කර්ම විපාකයක් දුබල කරන්නට පුළුවන්ද?

කර්ම යනු ක්‍රියාවයි. කර්ම යනු පව් පින් දෙකටම සාධාරණ නමකි. ‘කුක්කුරවත’ නමින් මජ්ක්‍ධිම නිකායේ එන එක් සූත්‍රයක් ඇත. එහි පුණ්ණ හා සේනිය නම් වූ මිතුරන් දෙදෙනෙක් වෙති. දිගු කාලයක සිට ඔවුහු ගෝව්‍රත හා සුනඛ ව්‍රත රකින නිගණ්ඨනාථ ශ්‍රාවක දෙපළකි. දිනක් මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ. උන්වහන්සේට තමන් හඳුන්වා දී, ඔවුන්ගේ මතු භවය කෙසේ වන්නේ දැයි විමසූහ. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් එය කියන ලෙස ඔවුහු නැවත නැවත ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ. “පුණ්ණ, යම් පුද්ගලයෙක් මෙලොව සුනඛවත්, සුනඛසිල්, සුනඛසිත්, සුනඛ වෙස් අඩු නොකොට, නිරතුරුව වඩන්නේ ද? හේ මරණින් මතු සුනඛයන්ගේ ම සහාවයට පැමිණෙයි. යම් කෙනෙක් මෙම ව්‍රත ශීලයක්, ව්‍රතයක්, තපසක් බඹසරක් වශයෙන් ඉතා දිගු කලක් රැක ගත් හෙයින් තමන්ගේ මරණින් මතු දෙවියන් හෝ බ්‍රාහ්මණයන් හෝ අතර සහවාසයට යන්නේ යැයි සිතයි නම් පුණ්ණ එය මිථ්‍යා දෘෂ්ඨියකි. පුණ්ණ මම මිථ්‍යාදෘෂ්ඨිකයාහට මරණින් මතු ගති දෙකක් කියමි. එනම්, නරකය හෝ තිරිසන් යෝනියයි. මේ දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් හිමි වේ. මෙසේ වැරැදි දෘෂ්ඨී ගෙන රකින සුනඛවත ඇත්තේ සුනඛයන්ගේ ස්වභාවයටම යයි. ගවයකු මෙන් හැසිරීමේ වත (ගෝව්‍රත) ගත්තෝ ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ කල දෙදෙනාම හැඬූහ. මේ ගෝව්‍රතය, කුක්කුරව්‍රතය අපි බොහෝ කල් සිට රකිමු. මම (පුණ්ණ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. මමත්, සේනියත් මේ ව්‍රත හැර දමන්නෙමු. අපට ගැළපෙන දහමක් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හයි කීහ. ඒ අවස්ථාව මුල් කොට මේ කර්ම දේශනාව තථාගතයන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළහ.

නිකිණි පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]