ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර අටවක 2022 මැයි 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇහැලියගොඩ ශ්‍රී මදරසිංහාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - ගයාන් පුෂ්පික
මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ. 08 ඉරිදා සිල්.
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
අමාවක
මැයි 29
වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන්ගේ අනූශාසනා පරදි මාර්තු මස 03 වන ගුරු දින විහාරස්ථ රදුන් වහන්සේට ඩිලාන් රුද්‍රිගු මහතා විසින් සෑයේ කොත් පැළඳ වූ අතර, එදින ම ප්‍රසන්න රණවීර මහතා විසින් ධාතූන් වහන්සේ වැඩම කර වූ අතර විහාරාධිපති හිමියන් විසින් සෑයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම ද සිදු කරන ලදී. මාර්තු මස 13 වැනි දා කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොත් වහන්සේ නිරාවරණය කරන ලදී.
මෙවර වෙසක් පුර පසළොස්වක පෝය දිනයට සමගාමී ව බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් පවත්වන ලබන භාවනා වැඩසටහන හෙට සිට (09) 13 වැනිදා දක්වා පැවැත්වේ. එම දිනයන් හි සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වෙන අතර ඔබට ද එයට සහභාගි විය හැකි ය.
ධර්ම දේශනාව:
පරිජිණ්ණමිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං - භිජ්ජති පූතිසන්දේහෝ මරණං තංහි ජීවිතං, අද වෙසක් මස පුර අටවක පෝදා ය. අද දම් දෙසුමේ තේමාව ජීවිතයක මහිමය හෙවත් නිත්‍ය ස්වභාවය වටහා ගැනීමයි. ඉහත සඳහන් කළ ගාථාව ජීවිතයක ඇති නියම තතු මැනවින් පෙන්වා දෙයි. මේ ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ සඳහන් ය. එම ගාථාව පාදක කරගෙන අද දම් දෙසුමට තේමාව සකස්කර ගත්තෙමු. මේ ගාථාවේ තේරුම කෙරෙහි මොහොතක් අවධානය යොමුකර බලමු. අප සරසන, ආවඩන ශරීරය ගැන මෙබඳු දෙසුමක් ඒ තුළ වෙයි. මේ රූපය දිරායන්නේ ය. මේ ශරීරය සියලු රෝගාබාධයන්ට කැදැල්ලක් බඳු ය. මේ ශරීරය වහා බිඳෙන සුළු ය. මෙහි නව දොරකින් කුණු වැගිරෙන්නේ ය. අවසැන ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය. පසුගිය කාලය පුරා ඇතැම් විට අදත් අප කොරෝනා වසංගතය නිසා ජීවිතය යදිමින් මරණයට බියෙන් කල් අරින්නෙමු. තදාසන්න ඉන්දියාව තුළින් පැරැණි විශාලා මහනුවර අත් දුටුවෙමු. ලෙඩවන අයුරු, විලාප දෙන අයුරු දුටුවෙමු. රතන සූත්‍රයේ පහස නැවතත් වින්දෙමු. මෙබඳු පසුබිමක් තුළ ඉහත තේමාව තෝරා ගත්තෙමු. තරමක් නීරස කථාවක් වුවත් අප දත යුතු යම් දෙයක් ඒ තුළ ඇත. ඉහත ගාථාවට පාදක වූ කථාව කෙටියෙන් වුව විමසා බැලිය යුතු ය. එය ජීවිතයේ නියම තතු තේරුම් ගැනීමට ඔබට මඟ පාදනු ඇත.
පුරාණ අටුවාචාරීන් වහන්සේ බෝධිය යනු කවරේදැයි විස්තර කරමින් “බෝධි උච්චති චතුසු මග්ගේ ඤාණං” චතුරාර්ය සත්‍ය අවබෝධය බෝධිය ලෙසින් දැක්වූහ. එහෙයින් බෝධිය යනු චතුරාර්ය සත්‍යයට නමකි. එනිසාම බෝධි පූජාව බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඥානයට, සර්වඥතා ඥානයට පූජෝපහාරයකි. සම්පූර්ණ අවබෝධයට, දැනීමට ද බෝධිය යැයි කියති. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ බුදු වීමට පෙර බෝධිය හැඳින්වූයේ “අස්වත්ත හෙවත් ඇසතු” රුක නමිනි. බුදුපියාණෝ චතුරාර්ය සත්‍ය අවබෝධය, සර්වඥතා ඥානය, සම්පූර්ණ අවබෝධය, දැනීම ඇසතු රුක මුල ලබා ගත් බැවින් ඉන්පසු ඇසතු රුක බෝධිය විය. ජය ශ්‍රී මහා බෝධිය අප සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපන්දා ම ජනිත වූ සහජාත වස්තූන්ගෙන් එකකි. බෝධි පූජාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. පළමුවෙන් ම බෝධියට පූජා දැක්වූවෝ බුදුරජාණන් වහන්සේ ම ය. බුද්ධත්වය ලබා සත්සති ගත කරද්දී එහි දෙවැනි සතියේ දී උන්වහන්සේ සාමාන්‍ය තැනැත්තකුට කළ නොහැකි පූජාවකින් පුරා සතියක් එනම් දින හතක් බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් අනිමිස ලෝචනයෙන් බෝධිය පිදූ සේක. උතුම් චතුස් සත්‍යාවබෝධයට උපකාර කළා වූ බෝධියට පූජා පැවැත්වීමෙන් උන්වහන්සේ කෘතගුණ සැලකීමේ, කළගුණ සැලකීමේ උතුම් ගුණය ද ලොවට ම ආදර්ශයෙන් පෙන්වූහ.
අතීතයේ ලක්දිව රජ බිසවකට මනා රූප සම්පත්තියෙන් යුතු පුත් රුවනක් ලබුණා. රජතුමා මහත් සතුටට පත් වුණා. දිනක් අගබිසව තමන් සමීපයට කැඳවලා මෙහෙම කිව්වා. “දේවිය, ඔබ මට මහත් ප්‍රීතියක් ගෙනාවා. මගේ රාජ වංශය පවත්වාගෙන යන්නට පුත්රුවනක් ලබා දුන්නා. බොහෝ කලක් පුතකු අපේක්ෂාවෙන් සිටියත් එය උදා වූයේ නෑ. ඔබගේ පුණ්‍ය ශක්තිය නිස යි පුතකු ලැබුණේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබට ඕනෑම දෙයක් දෙන්නට මම තීරණය කළා, ඔබ කැමැති වරයක් ඉල්ලන්න යැයි ප්‍රකාශ කළා. බුද්ධිමත් අගබිසව මදක් කල්පනා කර, “ස්වාමිනි, ඔබ වහන්සේට මම මාගේ දිවි ඇති තෙක් ගෞරව කරමි. නමස්කාර කරමි. අද මාහට ලබා දෙන වරය මතු යම් දිනක ලබා ගන්නා තෙක් අවස්ථාව ලබා දෙන්න, යැයි ඉල්ලා සිටියා. පුංචි කුමාරයා සෙල්ලම් වයසට පැමිණියා. සෙසු රාජකුමාරවරුන්ගේ, සේනාපතිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ, ප්‍රභූවරුන්ගේ සහ රාජ පවුලට හිතවත් පිරිසගේ මෙන් ම, නෑදෑයින්ගේ දරුවන් සමඟ සෙල්ලම් කිරීමටත්, විවිධ තරග සහ උත්සව පැවැත්වීමටත්, විනෝදවීමටත් පටන් ගත්තා. ඉතින් දිනක් මේ කුමාරයාට අවශ්‍ය වුණා කුකුළන් පොර කෙටවීමේ තරගයක් සූදානම් කරන්න.
ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමි ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට
නිල්මිණිගම සුමේධ නාහිමියෝ ද්විතීක සංඝනායක පදවි ලබති
ධාතු මන්දිරය සහිත උපෝසථාගාරය විවෘත කිරීමේ පින්කමක්
වත්තල OKI සදහම් ගී සරණිය
ශ්‍රී සුමංගලාරාම විහාරය
සිරි සදහම් පැන විසඳුම්
පැන විසඳුම්
ඉතිරිය»
සුත්තනිපාතයේ පුරාණය
දිවා රෑ දුම් දමන තුඹස ගැන දන්නවා ද?
කරණමක ඉරණම ...
අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයට ය: ඒ ලෝ දහමට පිටු පෑ නොහැකි ය.
වටිනාකම් අනාගතයට ඉතිරි කරමු
පූජාච පූජනීයානං
සදහම් අරණ
පහන් සිතක කවි
ලෙන් විහාර අතර සුවිශේෂී බුද්ධදාස ලෙන වෑඋඩ බුජස්ලෙන රාජ මහා විහාරය
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]