[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ලෙන් විහාර අතර සුවිශේෂී බුද්ධදාස ලෙන වෑඋඩ බුජස්ලෙන රාජ මහා විහාරය

අනුරාධපුර යුගයේ රජකම් කළ බුද්ධදාස මහ රජතුමා දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රවීණයෙකි. බුජස්ලෙන රාජ මහා විහාරය ගොඩ නංවන ලද්දේ එතුමා විසිනි. බුජස්ලෙන රාජ මහා විහාරය පිහිටා තිබෙන්නේ කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවරට දිවෙන මාර්ගයේ වෑඋඩ ග්‍රාමයේ ප්‍රධාන මාර්ගයෙන් දකුණු දෙස පිහිටි ගිරි ලෙනක් ආශ්‍රිතව ය. පැරැණි කෝරළ සහ පත්තු බෙදීම් අනුව නම් සත් කෝරළයේ වෑඋඩවිල්ලි හත්පත්තු සීමාවට අයත් මාවතගම මැතිවරණ කොට්ඨාසයේ වෑඋඩ ගණේගොඩ ග්‍රාමයේ ය. මහනුවර යුගයේ සකස් කළ විහාර අස්න, නම් පොත ලෙසින් හැඳින්වේ. එහි අසූ එක් වන විහාරය වශයෙන් බුජස්ලෙන විහාරය සටහන් වී තිබේ. බුජස්ලෙන, යාන්ලෙන, ජයකඩුලෙන, සැගෑලෙන, කුඹුරුලෙන හා රිදීලෙන යන සත්කෝරළබද ලෙන්විහාර හයක් ද මෙම නම් පොතේ අන්තර්ගත වී තිබේ. දැදුරු ඔයෙහි අතු ගංගාවක් වූ දික් ඔය නිම්නයෙහි පිහිටි මේ ප්‍රදේශය ආශ්‍රිතව බුද්ධදාස රජතුමා විසින් වැවක් තනවනු ලැබ ඇත. වැවට ඉහළින් යන අරුත දෙමින් වැව උඩ යන්න වෑඋඩ වූ බව පිළිගැනීමයි. මේ වන විට බොහෝ සෙයින් ගොඩ වී ඇති එම වැව ඉංග්‍රීසි යුගයේ දී චකෝරා වැව ලෙස හඳුන්වා තිබේ. බුද්ධදාස රජතුමා විසින් කරවන ලද ලෙන් විහාරය යන අරුත දෙමින් බුද්ධදාස ලෙන, බුදදස් ලෙන, බුජස්ලෙන වශයෙන් විහාරස්ථානයේ නාමය පරිණාමය වී යැයි විද්වත් මතයයි.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]