[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇහැළියගොඩ බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙනේ සාමණේරයන් වහන්සේ ඡායාරූපය - ගයාන් පුෂ්පික

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත්ව සිදු කෙරෙන වගයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 06 දා පස්වරු 1.00ට අභිමානවත්ව සිදු කෙරේ. බුද්ධ ධර්මය, පාලි භාෂාව හා තදනුබද්ධ විෂය ඥානයෙන් ශික්ෂිත විවිධ කුසලතාවන්ගෙන් පරිපූර්ණ තථාගත ධර්මයෙන් විශද වන ජීවන දර්ශනය ශ්‍රී ලංකාවෙහි මෙන්ම විදේශයන්හි ද ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීමට ප්‍රතිබල සම්පන්න බහුශ්‍රැත ධර්මධරයන් හා ශාස්ත්‍රධරයන් ලොවට දායාද කිරීමේ උදාර චේතනාවෙන් ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිධර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස විද්වත් සම්භාවනාවට අද වන විට පාත්‍රව ඇත.

ධර්ම දේශනාව:

බුදුසරණ යන්නෝ සතර අපායේ නොවැටෙති

සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දීඝායු උපාසක සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක. එකල දිනක් එම නුවර වාසය කළ තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු උපාසකතුමා බලවත් ලෙස අසනීප විය. මෙසේ දැඩි ලෙස අසනීපව සිටි උපාසකතුමා තම පියා වූ ජෝතිය ගෘහපතියාට "පියාණෙනි ඔබ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මා ගැන පවසන්න" යැයි කීය. "භාග්‍යවතුන් වහන්ස, තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු වනාහි මගේ පුත්‍රයා ය. ඔහු මේ අවස්ථාව වන විට දැඩි ලෙස රෝගාතුර වී සිටින්නේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරන බවත්, තමන්ට අනුකම්පා පිණිස නිවසට වැඩම කරන්නේ නම් මැනවි” යනුවෙන් පවසන ලෙසත් මා හට නියම කළේ ය. එබැවින් භාග්‍යවතුන් වහන්ස මාගේ පුත්‍රයාගේ පණිවිඩය රැගෙන මම මෙසේ තථාගතයන් මුණ ගැසීම පිණිස පැමිණියෙමි. වඩින්නේ නම් මැනවි” යැයි ජෝතිය ගෘහපතියා පැවසී ය. භාග්‍යවතුන් වහන්සේ පියතුමන්ගේ ආරාධනාව නිශ්ශබ්දතාවය පළ කොට පිළිගත් අතර වැඩම කළ සේක. දීඝායු අමතා පින්වත් දීඝායු උපාසකය, ඔබ දැඩි ලෙස ගිලන්ව සිටින බව පෙනේ. වේදනාවෙන් ද යුක්ත වූ බව වැටහේ. කෙසේද? මේ රෝගී වේදනාව ඉවසා දරා ගැනීමට අපහසු දැයි ඇසී ය. එවිට දීඝායු උපාසකයන් "භාග්‍යවතුන් වහන්ස, මේ වේදනාව ඉතා දැඩිව දැනෙන්නේ ය. ඉවසන්න බැරි ය, අඩුවක් නොදැනේ" යැයි පිළිතුරු දුන්නේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ "දීඝායු එසේ නම් ඔබ මෙසේ හික්මිය යුතු ය. මනස සන්සුන් කර ගත යුතුයි. තථාගතයන් වහන්සේ මෙසේ ගුණයෙන් යුක්ත ය. තථාගතයන් දේශනා කළ සද්ධර්මය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. ආර්ය සංඝයා මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. එසේම පිරිසුදු ශීලය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. වශයෙන් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ලැබෙන චිත්ත බලය උපයෝගී කොට ගෙන වේදනාව සමනය කර ගන්න" යැයි අනුශාසනා කළ සේක.

 

දැහැමි සතුටක සුවය ගෙන දෙන භාග්‍යවත් මාසයේ සූර්ය මංගල්‍යය

මේ බක් මාසය යි. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් සමාජ වටපිටාවක් දැකිය හැකි බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත කාලයකි. තුරුලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහ උදාවත් සමඟම ආරම්භ වුණි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිම කළ ගොවීහු ද බක් මහ වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ ඉමහත් සැනසිල්ලෙන් ජීවත් වෙති. වෙනසකට මුල පිරීමක් - බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තව යි. අලුත් අවුරුද්ද සූර්යයා මුල්කරගෙන පවත්වන උළෙලක් වන හෙයින් මෙකල එයට “සූර්ය මංගල්‍යය” යන නම ද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අප ගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව යි. සූර්යයා මුල් කරගෙන පවත්වන එකම උළෙල මෙම බක් මහ උළෙලයි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි ඇති තවත් විශේෂ වෙනසක් නම් සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත්, මුලු සමාජය ම යම් වෙනසකට මුල පුරන උත්සවයක් වීමයි. චාරිත්‍ර රැසක් - ලක්දිව සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙහි ඉතිහාසය පණ්ඩුකාභය රාජ්‍ය සමය තෙක් අතීතයට දිව යයි. සතියක් පුරාම පැවැත්වෙන චාරිත්‍රානුකූල අවස්ථා සමූහයකින් සමන්විත අවුරුදු උළෙල හා සමගාමීව ක්‍රියාත්මක කෙරෙනුයේ පහත දැක්වෙන සංස්කෘතික අංග ය.

 

දිවි තොර වුවත් ප්‍රතිපත්ති රකින්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. දුප්පත්කමින්, විවිධ රෝගවලින් සහ අපමණ කායික, වාචසික සහ මානසික දුක්වලින් පීඩා විඳිමින් ජීවත්වන ජනතාව ඒ ධර්මය ශ්‍රවණය කළා. තමන්ට ගැටලු පැමිණි අවස්ථාවල ඒවා විසඳා ගැනීමට විවිධ ආගමික ප්‍රතිපත්ති අනුගමනය කළත් කිසිදු ශාන්තියක් හෝ සහනයක් ලැබී තිබුණේ නෑ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් සහ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අර්හත් උතුමන් වහන්සේලාගෙන් ධර්මෝපදේශ ලබා ගත්තා. භෞතික සහ ආධ්‍යාත්මික සුගතියක් නැති අසරණ ජනයා තම ගැටලු ධර්මයට අනුව විසඳා ගැනීමට පුරුදු වුණා. එහි ඇති ශාන්ත බව, සුන්දර බව හඳුනා ගත්තා. තව තවත් ධර්මය අනුගමනය කළා. ක්‍රමයෙන් ධර්ම කරුණු ක්‍රියාවට නැඟීමටත් පටන් ගත්තා. දිනක් එක් තරුණයෙක් තමන් මුහුණ දෙන ගැටලුවලින් මිදීමට ධර්මය අනුව ක්‍රමයක් සිතා බැලුවා. ඉපදීම සියලුම ප්‍රශ්න ඇතිවීමට හේතුව බව ඔහුට අවබෝධ වුණා. එයින් මිදීමට කළ හැකි එකම මාර්ගය ධර්මය පිළිපැදීම බවත් වැටහී ගියා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]