[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බුදුසරණ යන්නෝ සතර අපායේ නොවැටෙති

සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දීඝායු උපාසක සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක. එකල දිනක් එම නුවර වාසය කළ තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු උපාසකතුමා බලවත් ලෙස අසනීප විය. මෙසේ දැඩි ලෙස අසනීපව සිටි උපාසකතුමා තම පියා වූ ජෝතිය ගෘහපතියාට "පියාණෙනි ඔබ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මා ගැන පවසන්න" යැයි කීය. "භාග්‍යවතුන් වහන්ස, තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු වනාහි මගේ පුත්‍රයා ය. ඔහු මේ අවස්ථාව වන විට දැඩි ලෙස රෝගාතුර වී සිටින්නේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරන බවත්, තමන්ට අනුකම්පා පිණිස නිවසට වැඩම කරන්නේ නම් මැනවි” යනුවෙන් පවසන ලෙසත් මා හට නියම කළේ ය. එබැවින් භාග්‍යවතුන් වහන්ස මාගේ පුත්‍රයාගේ පණිවිඩය රැගෙන මම මෙසේ තථාගතයන් මුණ ගැසීම පිණිස පැමිණියෙමි. වඩින්නේ නම් මැනවි” යැයි ජෝතිය ගෘහපතියා පැවසී ය. භාග්‍යවතුන් වහන්සේ පියතුමන්ගේ ආරාධනාව නිශ්ශබ්දතාවය පළ කොට පිළිගත් අතර වැඩම කළ සේක. දීඝායු අමතා පින්වත් දීඝායු උපාසකය, ඔබ දැඩි ලෙස ගිලන්ව සිටින බව පෙනේ. වේදනාවෙන් ද යුක්ත වූ බව වැටහේ. කෙසේද? මේ රෝගී වේදනාව ඉවසා දරා ගැනීමට අපහසු දැයි ඇසී ය. එවිට දීඝායු උපාසකයන් "භාග්‍යවතුන් වහන්ස, මේ වේදනාව ඉතා දැඩිව දැනෙන්නේ ය. ඉවසන්න බැරි ය, අඩුවක් නොදැනේ" යැයි පිළිතුරු දුන්නේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ "දීඝායු එසේ නම් ඔබ මෙසේ හික්මිය යුතු ය. මනස සන්සුන් කර ගත යුතුයි. තථාගතයන් වහන්සේ මෙසේ ගුණයෙන් යුක්ත ය. තථාගතයන් දේශනා කළ සද්ධර්මය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. ආර්ය සංඝයා මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. එසේම පිරිසුදු ශීලය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. වශයෙන් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ලැබෙන චිත්ත බලය උපයෝගී කොට ගෙන වේදනාව සමනය කර ගන්න" යැයි අනුශාසනා කළ සේක.


බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]