[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළියන්දල ශ්‍රී විද්‍යා ශාන්ති පිරිවෙන් මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඡායාරූපය - ගයාන් පුෂ්පික

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

සාර්ථකත්වයේ රස පල උදෙසා උත්සාහයෙන් ධෛර්යයෙන් ක්‍රියා කරමු

කාල කළමනාකරණය ද, වැඩකටයුතුවල ඉහළ ඵලදායිතාව ද උන්වහන්සේ ලොවට පෙන්වා දුන් සේක. බුදුමඟ වඩින, සරල සුන්දර ගති සොබා දිස්වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ සැබෑ අල්පේච්ඡතාවේ ජීවමාන ප්‍රතිරූපයයි. අද මෙන් නොව එදා බුදුරදුන් දවස පවර මහ සඟ ගණ ධර්ම චාරිකාවේ යෙදී ගත සතපවා ගැනීමට දිවා කල තුරු සෙවණ යට ද, රාත්‍රියේ දී ගිනිහල්ගෙයි, කුඹල් හලේ ද සැතපුණහ. පවස නිවාගත්තේ ළඟපාත ඇළක දොළක ඇල්දියෙනි. තුන් සිවුරක්, පාත්‍රයක් පමණ සන්තකයේ ‘තබාගත් බුදුසව්වෝ සංසාර සරතැස නිවා අනෙකාට ද එ මඟෙහි ප්‍රතිලාභ දානය කළහ. දවසක් පාසල නිමවී පෙරළා නිවෙස් බලා යන ළමයින් පිරිසක් පලබර අඹ රුකක් දුටුවහ. අඹ කෑමේ මහත් රුචියෙන් යුතු ඔවුහු අඹ රැඳි අත්ත වෙත පොලුපහර එල්ල කරන්නට වූහ. වරක් දෙවරක් පහර එල්ල කළ ද අඹ පල බිම වැටුණේ නැත. ඉන් මන්දෝත්සාහි නොවූ ළමෝ නැවත නැවත අඹ රුකට පොලු පහර එල්ල කළහ. අවසානයේ සැවොම සතුටු සිනා පාමින් මිහිරැති අඹපල භුක්ති වින්දහ. වරක්, දෙවරක් වෙර දැරුව ද අඹ නොවැටුණු විට ඉන් නොනැවතී උත්සාහයෙන් යෙදු වෙර වීරිය නිසාම සැමට අඹ රස විඳීමට හැකිවිය. මෙලෙස කවරකු වුව ද උත්සාහයෙන්, වීර්යයෙන් ක්‍රියා කරයි නම්, එම තැනැත්තාගේ මෙලොව දියුණුව ද, පරලොව අභිවෘද්ධිය ද, ඒකාන්තයෙන් ම සැලසෙයි. ගිහියාගේ ගිහි දිවියේ ලෞකික දියුණුවට ද පැවිද්දාගේ ආධ්‍යාත්මික දිවියේ ආලෝකයට ද උත්සාහය, වීර්යය බලගතු මෙවලමකි. වීර්යය බුද්ධාංකුර ධර්මයකි. සම්බුදු බවට පෙරුම් පුරන මහ බෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක අති දීර්ඝතර සංසාර චාරිකාවක දී පූර්ණය කළ යුතු පාරමිතා ධර්ම දහයෙන් එක් ධර්මතාවකි වීර්යය.

 

වැරැදි දෙය නිවැරැදි ලෙස දකිනවාද? අමිහිරි ආදීනව විඳින්නට සිදුවෙය

අවජ්ජේ වජ්ජමතිනො - වජ්ජේ චාවජ්ජ දස්සිනො, මිච්ඡා දිට්ඨි සමාදානා - සතතා ගච්ඡන්ති දුග්ගත (නිවැරැදි දේ වැරැදි ලෙසත් වැරැදි දේ නිවැරැදි යහපත් ලෙසත් ගත්තෝ අපාගාමී වෙති) සැවැත්නුවර වැසි ජනයා අතර ඇතැම් පිරිසක් තුනුරුවන් කෙරෙහි සැදැහැති ව ජීවත් වූහ. තවත් පිරිසක් නිවටුන්ගේ දහම අදහමින් කාලය ගත කළහ. මෙම දෙපාර්ශවයේ ම ළමයි පිරිස කිසිදු භේදයකින් තොරව එකට එක්ව කෙළි සෙල්ලම්වල යෙදෙමින් තම දවස ගත කරන්නට විය. කෙළි සෙල්ලමේ යෙදෙන ඇතැම් අවස්ථාවන්හි තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස තමාට යම් පිපාසයක් දැනෙන අවස්ථාවන්හි තම පිපාසය සංසිඳුවා ගැනීම පිණිස වෙහෙරට ගොඩවෙයි. නිවටුන්ගේ දහම අදහන අයගේ ළමා පිරිස කිසිදු හේතුවක් නිසා හෝ වෙහෙරට නොයයි. ඊට බලවත් හේතුව වූයේ තම වැඩිහිටියන් විසින් වෙහෙරට යාම ඔවුන්ට තහනම් කරනු ලැබ තිබීමයි. එක්තරා දවසක ළමයි පිරිස කෙළි සෙල්ලමේ යෙදෙන අවස්ථාවක ඔවුන්ට පිපාසයක් ඇති විය. ඒ මොහොතේ තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස වෙහෙරට ගොඩ වී පිපාසය සංසිඳුවා ගනිමු'යි යෝජනා කළහ. එහිදී නිවටුන්ගේ දහම අදහන පිරිසගේ එක් දරුවෙක් සඳහන් කරන්නට වූයේ අපට වෙහෙරට යාම තහනම් කොට ඇති බැවින් වෙහෙරට නොයාහැකි බවත්, ඔබලා වෙහෙරට ගොස් ප්‍රමාණවත් තරම් පැන් පානය කොට පිපාසය සංසිඳුවා අපට ද පැන් ස්වල්පයක් රැගෙන එන ලෙසත් ය.

 

විනයට මූලිකත්වය දෙමින් ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ක්‍රියා කරනව

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති “සිරි ඥානාභිවංසාලංකාර ධීරානන්ද ධම්මාධාරවංසපාල මහින්දාලෝක වංසාවතංස විනයාචරිය” අතිපූජ්‍ය රත්මලානේ සිරි සුනීත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. කෙළිදෙළෙන් ගතකරන ළමාවියේදී ම පැවිදි ජීවිතයට ඇලුම් කළ ඔබ වහන්සේ අමරපුර සිරිසද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් මේ වන විට විශාල ශාසනික කාර්යභාරයක් සිදුකරනු ලබනවා. ඒ පිළිබඳ සිහිපත් කරනවා නම් අපේ හාමුදුරුවනේ, මම 1972 මාර්තු 16 වැනිදා රත්මලාන මහින්දාරාම විහාරස්ථානයේ දී උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා තව මාස දෙකක් ගතවන විට පුණ්‍යවන්ත ශාසනික ජීවිතයට පුරා වසර 50 ක් සම්පූර්ණ වෙනවා. මගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වශයෙන් කටයුතු කළ රත්මලානේ මහින්දාලෝක නායක හාමුදුරුවන් වහන්සේ පුණ්‍යානුමෝදනා පූර්වකව ගෞරවයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. පැවිදිවීමෙන් අනතුරුව, අම්බලන්ගොඩ රන්දොඹේ ශිෂ්‍යාලංකාර මහ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගෙන අවුරුදු 20 සම්පූර්ණ වීමේ දී අමරපුර සංඝ සභාවේ සභාපති සහ සද්ධම්මවංස මහානිකායේ මහානායක ධුරන්ධරව වැඩසිටි පරමපූජනීය ගරුසම්භාවිත කොස්ගොඩ ධම්මවංස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් තලල්ලේ ධම්මානන්ද නා හිමි, පින්වත්තේ දේවානන්ද නා හිමි, රත්ගම සුමනානන්ද නාහිමි යන ගරුතර ස්වාමීන් වහන්සේලාගේ කර්මවාගාචාර්යත්වයෙන් වැලිතර මහා කප්පින වලව්බද ස්වේජින් සීමාමාලකයේ දී උතුම් උපසම්පදා සීලයට පත්වුණා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]