[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2022-02-23

හිත ඇත්නම් සතුට දුර නැත

සිතේ නිදහස,සතුට, සැහැල්ලු බව නැති ජීවිතය කඨෝර ය. එවැනි තැනට පත්වූ කෙනකුට තමන්ගේ ජීවිතය දෙස හෝ අනුන්ගේ ජීවිතය දෙස හෝ සුබවාදී ව බලන්නට අසීරු ය. ඒ පීඩාකාරි බව ඔහු පසුබෑමට ලක්කරන අතර, කරන කියන කටයුතු ද බොහෝ දුරට අසාර්ථක ය.

ජීවිතයේ සතුට, සැනසුම පමණක් නොව අභිවෘද්ධිය ද තීරණය වන්නේ අප සිතන පතන ආකාරය අනුව ය. අපගේ ආකල්ප අනුව ය. කරන කියන දෑ තුළ ය. අවුලෙන් අවුලට පත්වන්නේ, තව තවත් දුක් පීඩාම උරුම වන්නේ එය තේරුම් ගෙන නිවැරැදි වන්නට උත්සාහ නොකිරීම නිසා ය.

තවත් දුර්වලතාවක් වේ. ඒ තමන් අසහනයට, දුකට , පීඩාවට පත්වූ තැන එහි වරද අනුන්ට පැවරීම ය.

කෙනකුගේ ජීවිතයට බාහිර සමාජය යම් බලපෑමක් කළ හැකි ය. එහෙත් තමන්ගේ දියුණුව හෝ පරිහානිය උදා කර ගන්නේ තමන් ම ය. කළ යුතු දැය නොකළ යුතු දැය තෝරා බේරා ගන්නට ය , මිනිසාට උසස් මනසක් ලැබී තිබෙන්නේ.විශේෂයෙන් බෞද්ධයාට ඒ මනස ධර්මානුකූලව මෙහෙයවමින් සැනසීම, සුවය උදාකර ගන්නා ආකාරය සම්බුදු දහම තුළ මනාව පහදා දී ඇත. ඒ ධර්මාලෝකය ජීවිතයම පහන් කරන්නකි.

ඒ දහම් අවබෝධය තිබුණ ද ධර්ම මාර්ගයේ යන්නෝ අල්ප ය. ආලෝකය පෙනි පෙනී අඳුරට ම වැටෙන්නෝ බහුල ය. අඳුරෙන් ආලෝකයට යන්නට, ආලෝකයෙන් ආලෝකයට යන්නට උත්සාහවත් නොවන තැනය පෙරකී අවාසනාවන්ත දුක් විපත්වලට මුහුණ දෙන්නට සිදුවනුයේ.

පින් කරන පුද්ගලයා මෙලොව මෙන්ම මරණින් මතු ජීවිතයේ දී ද සතුටට පත්වන බව, සුවපත් වාසනාවන්ත දිවියක් ගෙවන බව නොදන්නා බෞද්ධයෙක් නැත. එලෙස ම පව් කරන කෙනා මෙලොවත් පරලොවත් දුකට පත්වන බව ද හෙතෙම හොඳින් දනී. එහෙත් පව බැහැර ලා පිනට නැඹුරු වන්නෝ අවම ය. සිතින් ද, වචනයෙන් ද, කයින් ද පව්කම් කරමින් සතුට, සැනසුම පැතීම නිරර්ථක ය.

තථාගත දහම තුළ ගිහියාට අවධාරිත පංචශීල ප්‍රතිපදාව තුළ ඇත්තේ මොන තරම් සැනසුම්දායක බවක් ද? අනුන්ගේ ප්‍රාණය නැති නොකරන තාක්, අනුන්ට හිංසා නොකරන තාක් තමන් ආරක්ෂාකාරී ය. අනුන්ගේ දෙය සුරක්ෂිත කරන තාක් තමන් සතු දැය සුරක්ෂිත ය. කාමය වරදවා නොහැසිරීම තුළ ලැබෙන සුවදායී බව ජීවිතයට ම ආශිර්වාදයකි. බොරුවෙන් අනුන් නොරවටන තාක් තමන් ද බොරුවට හසුවී විඳවන්නට නොවන්නේ ය. පමා බව ඇති කරන මත්ද්‍රව්‍ය නැති තැන සිහි බුද්ධියෙන් ක්‍රියා කළ හැකි වන්නේ ය. මේ ප්‍රතිපදාවන් ජීවිතයට ප්‍රායෝගික කරන පුද්ගලයාට ලැබෙන සැනසීම, සැහැල්ලුව, සතුට තරම් මිල කළ හැකි අන් වස්තුවක් වේ ද?

ශක්තිමත්, අධිෂ්ඨානශීලි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේ නම් පස්පවින් වැළැකී සිටින්නට ඕනෑම කෙනකුට පුළුවන. එයින් රැස් කරන පින තුළ වැඩි වැඩියෙන් ලැබෙන්නේ දිනෙන් දින ගිලිහී යන සතුට සැනසීම ම ය. එය ළඟා කරගැන්ම නම් ඇත්තේ තමන් අත ම ය.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]