ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - හිරන්ත ගුණතිලක
ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.
අමාවක
ජනවාරි 02
පුර අටවක
ජනවාරි 09
පසළොස්වක
ජනවාරි 17
අව අටවක
ජනවාරි 25
ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියට, ලක්දිව බිහි වූ රාජධානි අතර සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒ වගේ ම ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, සමාජයීය මෙන් ම දේශපාලනික ක්ෂේත්‍රවල සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු වූ රාජධානියක් ලෙස වැදගත් වේ. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස ද සැලකේ. මේ සියලු කි‍්‍රයාදාමයන්ට මූලික ලෙසින් ම බලපෑවේ රාජ්‍ය පාලකයා සහ මහා භික්ෂු පරපුර අතර පැවැති සහසම්බන්ධතාව යි. ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ඓතිහාසික සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම ද එබඳුම රාජ්‍ය අනුග්‍රහයක් දැක්වීමක් ලෙස පැවසිය හැකි ය. උපෝසථාගාරය ප්‍රතිනිර්මාණ කටයුත්තේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෙත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ ස්තූතිය ප්‍රකාශ කිරීම 2022 ජනවාරි 02 වැනි දින ප.ව. 4.00 ට කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ දී සිදු වේ. ඒ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.
ලක්දිව මහණ උපසම්පදාව ආරම්භ වූ දින පටන් ම ඒ ඒ අවස්ථාවන්හි නැවත නැවත උපසම්පදාව පිහිටුවීමේ දී ද, උපසම්පදාව වෙනත් රාජ්‍යයක් වෙත යැවීමේ දී ද එම කටයුතු සිදුකොට ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙනි. ලක්දිව උපසම්පදා විෂයයෙහි යම් යම් බලපෑම් කතිකාවත් හරහා සිදුව ඇති බව දක්නට ලැබේ. දඹදෙණි කතිකාවතෙහි සඳහන්, නියමය අනුව රාජ සම්මතයෙන් තොරව නොයෙක් නොයෙක් ස්ථානයන් හි උපසම්පදාව නොකොට යුතු කරුණකි. නුවර යුගයේ දී සියම් උපසම්පදාව පිහිටුවීමේ දී ද මේ කරුණ පිළිබඳ අවධානය දක්වා ඇත. මේ ආකාරයෙන් රජු විසින් සම්මත කරනු ලැබුවේ තත්කාලීන සමාජ ගැටලු ආදි නොයෙක් ආකාරයේ විවිධ බාධක හේතුකොට ගෙන ය. මේ පිළිබඳව සැලකීමේ දී බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නීති පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත.බුදුරජාණන් වහන්සේ විසින් ම ආරම්භයේ දී ලබා දුන් මහණ උපසම්පදා කිරීමේ බලය ස්වකීය ශ්‍රාවකයන් වෙත පවරමින් අනුදැන වදාරන ලද්දේ, ඒ ඒ දිශාවන්හි ඒ ඒ ජනපදවල දී මහණ උපසම්පදාව කරන ලෙස ය.එහෙත් දඹදෙණි කතිකාවතෙහි සඳහන් ආකාරයට උපසම්පදාව රාජ සම්මතයෙන් මෙන් ම ව්‍යක්ත විනයධරයන් විසින් සිදුකළ යුත්තකි. ඒ අනුව පහතරට ආරම්භ වූ කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව පිහිටුවාලීමට කටයුතු කළ ගණාචරිය බෙම්තර අත්ථදස්සි හිමි, මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගල හිමි, පැපිළියානේ සීලවංශ හිමි, පානදුරේ සුමංගල හිමි, වලානේ සිද්ධාර්ථ හිමි යන මහ තෙරුන් වහන්සේලා තත්කාලයේ පහතරට ලංකාවේ වැඩ සිටි විනයධර ව්‍යක්ත මහතෙරවරු වීම තුළ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවා එහි උපසම්පදාව ලබා දීමට ආරම්භ කිරීම පෙර කී බුද්ධ නියමය අනුව විනයානුකූල වෙයි.
භූතාන රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණයේ නායකත්වය ගෙන කටයුතු කළ එවකට අගවිනිසුරු සෝනාම් ටොබ්ගුයි විනිසුරුතුමා “බෞද්ධ දර්ශනය සොයා ගැනීමේ අරමුණින්, පැලවත්තේ සීවලී ස්වාමින් වහන්සේගේ නායකත්වය යටතේ “බෞද්ධ දර්ශනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ඉන්දියාවේ බරණැස් නුවර (වර්නාසියේ) දී වර්ෂ 2013 පෙබරවාරි මස 15, 16 දිනයන්හි පවත්වන ලදී. ඒ අනුව වර්ෂ 2014 මැයි මස 10,11 දින ශී‍්‍ර ලංකාවේ දී නීති ක්ෂේත්‍රයේ සහ බෞද්ධ ක්ෂේත්‍රයේ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දි “බෞද්ධ නීති දර්ශනය” නමින් සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහි මුඛ්‍ය දේශනය “සෝනාම් ටොබ්ගයි විනිසුරුතුමා විසින් පවත්වන ලදී. එහි දී විවිධ මාතෘකා ඔස්සේ විද්වතුන් 28 දෙනෙක් විසින් දේශන පවත්වන ලදහ. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් හා විනිසුරු සෝනාම් ටොබ්ගයි භූතාන රාජ්‍යයේ දී “බෞද්ධ නීති දර්ශනය” පිළිබඳ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බෝදාගම චන්දිම හිමියන් හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා එහි බෞද්ධ නීති දර්ශනය පිළිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙස පත්කරනු ලැබීය. ඒ අනුව සෙනෙට් සභාව සහ පාලක සභාවේ අනුමැතිය සහිතව වර්ෂ 2021 දෙසැම්බර් මස 20 වන දින ප්‍රථම බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ජනගත කරනු ලැබීය.
මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති. අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ. මෛත්‍රිය යනු වෛර නොකිරීමයි. තරහ නොවීමයි. නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කිරීමයි. සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි. තමන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට ම ඉහත දැක් වූ ආකාරයට යහපත පැතීම මෛත්‍රියයි. තම යහපත අපේක්ෂා කරනවා මෙන්ම අන්‍යයන්ගේ ද යහපත අපේක්ෂා කිරීම උදාර මිනිස් ගුණාංගයකි. බොහෝ විට මිනිසුන් මානසිකව පීඩා විඳින්නේ තමා පිළිබඳ සිතා නොව අන්‍යයන්ගේ සැපත සතුට දැක ඒ පිළිබඳ ඇති කර ගන්නා අතෘප්තිකර හැඟීම් නිසා ය. මෙ නිසා සැම විටම සියලු දෙනාගේ ම දියුණුව දැක ඊර්ෂ්‍යාව නුපදවාගෙන ඔවුන්ගේ සතුට සැනසුම පිළිබඳ සොම්නසින් මෛත්‍රියෙන් කටයුතු කිරීම නිසා තෘප්තිමත් හැඟීමෙන් සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමට මඟ පෑදෙයි.
බුද්ධංගල ආනන්ද මා හිමිපාණන් වහන්සේ
පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
මිතුරු වෙසින් එන සතුරන් සිහි බුද්ධියෙන් හඳුනා ගන්න
සත්‍යයට කැමැති නම් ධර්මයට ළං වෙන්න . . .
සිතේ මායාව කරන කරදර
සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින් ප්‍රතිනිර්මාණය කෙරුණ වගයි
මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය
අනුරපුර යුගයේ රසිකත්වය සහ ශිෂ්ටත්වය
මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න
ධර්ම ප්රචාරයට වගේම මාතෘභූමියේ ආරක්ෂාවටත් ශක්තියක් වුණා
විදුලකර පිරුවන්පති නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි
සිත්පිත් නැති කඩුව ඔබ වහන්සේගේ ගුණ හඳුනා ගත්තා
ඈත අතීතයක ශාසනික තොරතුරු කියන කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ පද්මාකාර සෑ රදුන්
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]