ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2021 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
මහා සංඝ රත්නය මුල් කරගෙන රට පාලනය කිරීම අතීත රජදරුවන් විසින් හෙළ සංස්කෘතියට එක් කළ විශේෂිතම ආදර්ශයක් වන්නේ ය. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය පමණක් නොව මිරිසවැටිය වැනි මහා දාගැබ් බිහි වූයේ ඒ ආභාසයෙන් යුක්තව ය. මෑත ඉතිහාසයේ එවන් විශාල දාගැබක් ඉදිවූවා නම් ඒ කොත්මලේ මහවැලි මහා සෑය පමණි. එහෙත් වසර 30ක් පමණ පැවැති ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය නිමවීමෙන් පසුව යුද්ධයට දිවිදුන් රණවිරුවන් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් ද, අතුරුදන් රණවිරුවන් මෙන්ම දිවි පරදුවට තබා අප වෙනුවෙන් යුද වැදී රට රැක ගත් සියලු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමට මහාසෑයක් ඉදි කිරීමට එවකට ජනාධිපතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු යොදන ලදී. එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය සපයන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම රට බේරාගත් රණවිරුවන්ට කළගුණ දැක්වීමට ඉදිරිපත් වූ දෙස් විදෙස් සියලු දෙනාම මේ සෑය වෙනුවෙන් දායකත්වය දරන්නට ඉදිරිපත් විය. ඒ අනුව ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ම, රුවන්වැලිසෑයට නුදුරින් කළගුණ සැලකීම පිණිස මහා සෑයක් ඉදි කිරීමට යෝජනා විය. එය ‘කළගුණ සෑය‘ නමින් නම් කරන්නට ද යෝජනා විය. ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනි දා මේ මහා සෑය ඉදිකිරීමේ ආරම්භක කටයුතු සිදුවුණු අතර, එය සඳහිරු පවතින තුරා යන්න සිහි කරමින් ‘සඳහිරුසෑය‘ යනුවෙන් එය නම් කරන ලදී. කඩිනමින් වැඩ කටයුතු සිදු කළ එහි 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය. අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල පිහිටි, දුටුගැමුණු රජතුමා හා එළාර රජු මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජතුමා ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි.
සදා ජාගරමානානං - අහොරත්තානුසික්ඛිනං - නිබ්බානං අධිමුත්තානං - අත්ථං ගච්ඡන්ති ආසවා, රජගහ නුවර සිටු නිවසෙහි විසූ පුණ්ණා නමැති දාසියට දවස මුළුල්ලේ වැඩ කොට අවසානයේ තව දුරටත් වී ටිකක් කොටා නිදා ගන්නැයි සිටු දේවිය භාර කළා ය. මධ්‍යම රාත්‍රිය ළං වන තුරු වී කොටමින් සිටිය ඇයට තදබල වෙහෙසක් දැනුනි. දහඩිය ද වැගිරෙන්නට විය. මදක් විවේක ගැනීමට සිටු නිවසින් එළියට බැස්ස ඇයට ඈත සෙනසුනෙහි දබ්බමල්ලපුත්ත හිමියන් සමඟ එහි මෙහි වඩින භික්ෂූන් දක්නට ලැබුණි. තමා වෙත පැවරුණු අධික වැඩ නිසා ඇය නිදිවරන බවත්, එවැනි බරක් නැති භික්ෂූන් රාත්‍රිය ඉකුත්ව යද්දීත් නිදිවැරිමෙහි තේරුමක් ඇත්දැයි ඇය සිතන්නට වූවා ය. පසුව බුදුරදුන් හමු වූ අවස්ථාවෙහි ඇගේ සිතුවිල්ලෙහි වරද පෙන්වා දී ඉහත සඳහන් ගාථාවෙන් බුදුහු ධර්මය දේශනා කළහ. පුණ්ණා දාසියගේ සිතුවිල්ල අතිශයින් වැදගත් ය. මේ සමාජයේ බොහෝ අය වෙහෙස වන්නේත්, නිදි වරන්නේත් තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු කාර්යයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ය. හරිහැටි කෑම් බීම් කිසිවක් නැතිව සමහරු රැකියාවල නිරත වී සිටිති. සමහරු තම මව්පිය දූ දරු ආදීන් ද හැර දා විදේශගතව වසර ගණන් කල් ගෙවති. තවත් සමහර අය යන්ත්‍රයක් පණ ගැන්නුවාක් මෙන් දිවා රෑ නොබලා විවිධ රැකියාවල යෙදී සිටිති. ඒ සෑම දෙනාගේ ම එකම පරමාර්ථය සැප විඳීම වුවත් ඒ අය අතරින් සමහරු එක් වසරකට අඩු තරමින් දින කිහිපයක්වත් ගතට හා සිතට සැනසීමක් ලැබෙන ලෙස පී‍්‍රතිදායක ජීවිත ගෙවති යි සිතිය නො හැකි ය. මේ අනුව සැප විඳින්නට යැයි සිතමින් බොහෝ අය තම ජීවිත කාලයෙහි වැඩි කොටසක් අධික වැඩ කටයුතුවල යෙදී සිට දුකින්ම කල් ගෙවා පරලොව යන බව පැහැදිලි ය.
වස්සාන ඍතුවේ අවසාන දිනය වන ඉල් පුර පසළොස්වක පොහෝදා සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන කරුණු ඒ අතර ප්‍රධාන ය. ධර්මදූත පිරිස ඇමතීම බුදු සසුන තුළ පස් නමකගෙන් ඇරඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබාගත් යස කුල පුත්‍රයා සහ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැටනමක් බවට පත් වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව මුල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ. මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද, මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුනෙමි. නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුණාහුය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක මඟින් නොයන්න. මහණෙනි, මුල, මැද, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න.
විනය පිටකයට අනුව ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් මගධ කෙත ඇසුරෙන් නිම කරනු ලැබූ සිවුරේ ආකෘතිය වර්තමානය දක්වා එසේම පවතී. එහි ආකෘතිය හෝ මෝස්තරය වෙනස් වී නොමැත. මහායාන හා වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදාය, භික්ෂූන් වහන්සේලාගේ චීවරයෙහි දේශගුණික වෙනස්කම්වලට සාපේක්‍ෂව යම් වෙනසක් පැවතිය ද ථෙරවාද සම්ප්‍රදාය අනුගමනය කෙරෙන සියලුම රටවල මෙම විනයානුකූල ආකෘතිය වෙනස් නොවී පවතී. මේ අනුව ලොව දීර්ඝ කාලයක් තුළ වෙනස් නොවී භාවිතයට ගැනෙන එකම මෝස්තරය භික්‍ෂු භික්‍ෂුණී චීවරය විය හැකි ය. කඩ කපා මැසුව ද චීවරය තනි හතරැස් රෙද්දකි. එය දෙවුර වසා පෙරවීම නම් උභයාංස පාරුපනයෙන් හෝ එක් උරයක් වසා පොරවන ඒකාංශපාරුපනයෙන් පෙරවාගත් විට ශරීරයේ වැසිය යුතු සියලු ම ප්‍රදේශ ආවරණය වේ. එය පෙරවාගත් කවර භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් දෙස බලන්නකුට ගෞරව පූර්වක ආකල්පයක් ඇති වේ. එසේම මෙම චීවරය විරාගික අරමුණු පෙරදැරි කරගත් නිර්මාණයකි. කාමභෝගී ගිහියන් විසින් භාවිත කරනු ලබන ඇඳුම් බොහෝදුරට සැකසෙන්නේ ශරීර අවයව ඉස්මතුවන ආකාරයට ය. එසේම ශරීරය විවෘත වූ තරමට කාමභෝගියාගේ අරමුණු මස්තකප්‍රාප්ත වේ. එහෙත් විරාගික අරමුණකට කැපවූ යෝගියාගේ ස්වාභාවය එයින් වෙනස් වේ. ඔහුගේ ඇදුම් භාවිතයේ අරමුණ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීම කෙළවර කොට තිබේ.
බෞද්ධාලෝක පදනමෙන් කිරිඉබ්බන්වැව විහාරස්ථානයට ජල පහසුකම්
කාරක සංඝ සභික ධුරයකින් පිදුම් ලබයි
බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ ගුණ සැමරේ
පිරිවෙන
පැවිදි බිමට
යටියන ශ්‍රී ජයවර්ධනාරාමය
සිරි සදහම් පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
පවෙහි විපාක අඩු වැඩි වන හැටි
උතුම් මොහොත මඟහරවා නොගන්න
අනුසස් ලැබෙන විදිහට දානයක් දෙන්නේ මෙලෙසයි
පව් නොකළ පමණින් පින් රැස්වෙනවා ද?
ලොවට පිපෙන මල් - 05 කොටස: අනුන්ගේ ඇනුම් බැණුම් හිතට ගන්න එපා පව් පිරෙනවා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
දරුවන් ප්‍රඥාවන්තයන් කරන හැටි දැනගන්න උම්මග්ග ජාතක කතාව කියවන්න
වටිනා සිවුරක් පෙරවීම කැප ද? අකැප ද?
භාෂා සාහිත්‍ය දියුණු කරමින් ශාස්ත්‍රීය ලෝකය ඒකාලෝක කළ රත්මලානේ ධර්මාරාම නා හිමියෝ
වර්තමාන බොදු පුනරුදයේ පෙරගමන් කරුවකු වූ උදාර සෙන්පති ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා
ධර්මපාලතුමාගේ චින්තනය මගේ ජීවිතයට තදින්ම බලපෑවා - සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක
ජීවාගේ ලෝකය 4 කොටස: අම්මා හිතයි මට අමුතු පිස්සුවක් හැදීගෙන එනවා කියලා
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා
අවවාද සතුටින් පිළිගන්න
සාඩම්බර ඉතිහාසයක නටබුන් ශේෂ වූ රුහුණු රට සඳගිරිය රාජමහා වෙහෙර බිම
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]