ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2021 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සදා ජාගරමානානං - අහොරත්තානුසික්ඛිනං - නිබ්බානං අධිමුත්තානං - අත්ථං ගච්ඡන්ති ආසවා, රජගහ නුවර සිටු නිවසෙහි විසූ පුණ්ණා නමැති දාසියට දවස මුළුල්ලේ වැඩ කොට අවසානයේ තව දුරටත් වී ටිකක් කොටා නිදා ගන්නැයි සිටු දේවිය භාර කළා ය. මධ්‍යම රාත්‍රිය ළං වන තුරු වී කොටමින් සිටිය ඇයට තදබල වෙහෙසක් දැනුනි. දහඩිය ද වැගිරෙන්නට විය. මදක් විවේක ගැනීමට සිටු නිවසින් එළියට බැස්ස ඇයට ඈත සෙනසුනෙහි දබ්බමල්ලපුත්ත හිමියන් සමඟ එහි මෙහි වඩින භික්ෂූන් දක්නට ලැබුණි. තමා වෙත පැවරුණු අධික වැඩ නිසා ඇය නිදිවරන බවත්, එවැනි බරක් නැති භික්ෂූන් රාත්‍රිය ඉකුත්ව යද්දීත් නිදිවැරිමෙහි තේරුමක් ඇත්දැයි ඇය සිතන්නට වූවා ය. පසුව බුදුරදුන් හමු වූ අවස්ථාවෙහි ඇගේ සිතුවිල්ලෙහි වරද පෙන්වා දී ඉහත සඳහන් ගාථාවෙන් බුදුහු ධර්මය දේශනා කළහ. පුණ්ණා දාසියගේ සිතුවිල්ල අතිශයින් වැදගත් ය. මේ සමාජයේ බොහෝ අය වෙහෙස වන්නේත්, නිදි වරන්නේත් තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු කාර්යයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ය. හරිහැටි කෑම් බීම් කිසිවක් නැතිව සමහරු රැකියාවල නිරත වී සිටිති. සමහරු තම මව්පිය දූ දරු ආදීන් ද හැර දා විදේශගතව වසර ගණන් කල් ගෙවති. තවත් සමහර අය යන්ත්‍රයක් පණ ගැන්නුවාක් මෙන් දිවා රෑ නොබලා විවිධ රැකියාවල යෙදී සිටිති. ඒ සෑම දෙනාගේ ම එකම පරමාර්ථය සැප විඳීම වුවත් ඒ අය අතරින් සමහරු එක් වසරකට අඩු තරමින් දින කිහිපයක්වත් ගතට හා සිතට සැනසීමක් ලැබෙන ලෙස පී‍්‍රතිදායක ජීවිත ගෙවති යි සිතිය නො හැකි ය. මේ අනුව සැප විඳින්නට යැයි සිතමින් බොහෝ අය තම ජීවිත කාලයෙහි වැඩි කොටසක් අධික වැඩ කටයුතුවල යෙදී සිට දුකින්ම කල් ගෙවා පරලොව යන බව පැහැදිලි ය.
නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]