ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බිනර අව අටවක පෝදා, 2021 සැප්තැම්බර් 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අනුරාධපුර ජේතවන සෑරදුන් වහන්සේ
සැප්තැම්බර් 28 අඟහරුවාදා අ.භා 18.16 අව අටවක ලබා 29 බදාදා අ.භා 20.29 ගෙවේ. බදාදා සිල්
අව අටවක
සැප්තැම්බර් 29
අමාවක
ඔක්තෝම්බර් 06
පුර අටවක
ඔක්තෝම්බර් 13
පසළොස්වක
ඔක්තෝම්බර් 20
ජීවිතයේ වඩා වැදගත් ම අවස්ථාව උපත නොව මරණය යි. මන්ද යත් සසර ගමනේ දී සුගතිය, දුගතිය තීරණය කිරීම සඳහා මෙම අවස්ථාව බොහෝ සෙයින් බලපෑම් සිදු කරන බැවිනි. එහෙයින් එම මෙහොතේ දී සිත සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වේ. සිත සැකසීමේ දී එය ඒ මොහොතේ දී සිදු කර ගැනීම පහසු නොවේ. එය සිදු කරගත හැකිවන්නේ බුදු සරණ ගිය සැබෑ ශ්‍රාවකයාට පමණි. යහපත් ව හොඳීන් සිටින කාලයේ දී පින් සිදු කරනවා සේ ම ධර්මයෙහි යෙදීම අවශ්‍යය. එමෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස හිතන්න පුරුදු කළ යුතු ය. එසේ නොමැති ව මම ඒ මොහොත් එය බලා ගන්නම්, දැන්ම අවශ්‍ය නොවේ යන හැඟීමෙන් සිටින කෙනකුට එය කළ නොහැකි ය. මරණය හමුවේ සියල්ලෝ ම බියට පත්වේ. “සබ්බේ භායන්ති මච්චුනෝ“ නිවැරැදි ව ධර්මය තේරුම් නොගත් පිරිස් ඒ මත භව සමුදය හෝ භව නිරෝධය නො ලබයි. භව යනු පැවැත්ම යි. එය ධර්මයට අනුව කම්ම භව විපාක වශයෙන් දෙයාකාර වේ. මෙහි දී කම්ම භව යනු පවතින්නට අවශ්‍ය කර්මයෝ ය . විපාක භව යනු එය විපාක වශයෙන් ලබන ස්ථානයන් ය.
අසංවර තාරුණ්‍ය හරියට කිඩාරම් මලක් වගේ. ඉන්න හිටින තැනත් දුර්ගන්ධවත් කරනවා. තාරුණ්‍යයේ බැල්ම පවා රාගික නොවිය යුතුයි. තරහවෙන්, වෛරයෙන් පිරී නොතිබිය යුතු යි. ජීවිතයේ ලස්සන ම කාලය කුමක්ද කියලා ඇසුවොත්, බොහෝ දෙනකු ගේ පිළිතුර වන්නේ ඒ, තරුණ කාලය බවයි. එය බොහෝ විට නිවැරැදි පිළිතුරක්. එහෙත් තරුණ ජීවිතයක් අවාට ගියාට ලස්සන වන්නේ නෑ .ඒ සඳහා සපුරා ගත යුතු ගුණාංග තිබෙනවා. හොඳ දේ, නරක දේ තෝරා බේරා ගන්නට හැකි වීම එහිදී ප්‍රධාන යි. විවිධ සංස්කෘතීන් හා සිරිත් විරිත් මිශ්‍ර වීම නිසා ත් , සිතේ පහළවන කෝපය, ඊර්ෂ්‍යාව, ලෝභය, ආශාව ආදී ආවේග පාලනයකින් තොර විම නිසාත් තරුණ වයස බොහෝ විට වැරැදි මඟ යනවා. බුදු දහමේ මේ ආවේග හඳුන්වා දී තිබෙන්නේ කෙලෙස් හැටියට යි . මේ සියල්ල ම මොහොතෙක්, මොහොතක් පාසා වෙනස් වන ලෝකයේ මම, මගේ කියා වෙනස්වීම අමතක කර කටයුතු කිරීම මෝහය යි. මෙන්න මේ මෝහය සියලු ආවේගවලට මූලික ම හේතුවයි. මේ සියලු කෙලෙස්වල වර්ධනය අපේ ජීවිතයේ දුක් පිණිස හේතු වනවා. ඒවගේ ම මේ කෙලෙස් පාලනය කරනවා නම්, නැති කරනවා නම් එය සැප පිණිස හේතු වනවා. සිතේ ඇතිවන කෙලෙස් හඳුනාගෙන යම් පාලනයකට යටත් කළ හැකි නම්, ඒ කෙලෙස් ආවේග බවට පත් වන්නේ නෑ. . . සිරකරුවන් ගැන සිතමු. ඔවුන් ගෙන් බොහෝ පිරිසක් විවිධ ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වූ අයයි. ඔවුන් ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ එහි ඇති ආදීනව දැන හෝ නොදැන ද විය හැකියි. රාග, ද්වේෂ ආදී මනුෂ්‍යයා ගේ සිතේ පහළවන සිතිවිලිවල හට ගැනීමට හේතුව මෙන් ම, ඒවායේ ඇති අනිත්‍ය ස්වභාවය ද, ඒ සිතිවිලිවලට ගොඩනැඟීමට ඉඩදීමෙන් ඇතිවන හානිකර ස්වභාවය ද මැනවින් තේරුම් ගැනීමෙන් මේ කෙලෙස් සිතිවිලිවල ක්‍රියාකාරිත්වය අඩු කිරීමක් හා නිවීමක් ඇතිකර ගත හැකියි.
ද අප මුහුණ දෙන ආර්ථික රටාවත් එක්ක බොහෝ විට මුල්තැන ලැබෙන්නේ මුදලට. අධ්‍යාපනය වේවා, නිවසක් තැනීමේ දී වේවා, උදව්වක් උපකාරයක් ලබා ගැනීමේ දී වේවා සෑම දෙයකට ම මුදල් ඕනෑ. මේ විදිහට සෑම දෙයකට ම මුදල් අවශ්‍ය නිසා පිනක් දහමක් කරන්නත් මුදල් ඕනෑ කියා බොහෝ දෙනෙක් සිතනවා. ඇත්තට ම පින් දහම් කරන්න මුදල් ඕනෑ ම ද? ඒ ගැන සිතන්නට පළමුව පින් ක්‍රියා කියන්නේ මොනවාද කියලා දැන ගන්න ඕනෑ. දන්දීම, අනුන්නට උදව් උපකාර කිරීම, සිල් රැකීම, පංච සීලය ආරක්ෂා කිරීම, තෙරුවන් සරණ යෑම පින් රැස්වන ක්‍රියාවන්. එලෙස ම යම් යම් සමාජ සේවා කටයුතුවල දී ත්, මං මාවත් ඉදිකිරීම, ළිං පොකුණු, වැසිකිළි ආදිය තැනීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, මව්පියන් පෝෂණය කිරීම, අසරණයටන්ට උදව් කිරීම ආදියෙන් අප පිනෙන් පොහොසත් වනවා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පින්කම් කිරීමේ දී කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය ඇති ව අවබෝධයෙන් කිරීම යි. ජීවිතයේ සැප බලාපොරොත්තු වනවා නම් පින් කරන්නට ම ඕනෑ. විමාන වත්ථු කතා ඒ සඳහා අපට උදාහරණ සපයමින් පින් කරගෙන තිබෙන්නේ කවුද? ඒ කෙසේද කියා පැහැදිලි කර තිබෙනවා. එසේ සම්පූර්ණයෙන් ම පින, පිනක් වශයෙන් කරගෙන තිබෙන්නේ පිරිසුදු චේතනා තිබූ අයයි. මුදල් තිබූ පමණින් , පින් කළ පමණින් ඒ පින මහත්ඵල මානිශංස ලෙස රැස්වන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරැදිකාම සේවනයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම , කේළාම් කීමෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම මේ ආදී සියල්ල පින් ය. මේ පින් සපුරා ගන්නට මුදල් අවශ්‍ය වන්නේ නැහැ.
බෞද්ධ රටවල බැතිමතුන් පුරුදුව ඇත්තේ පුන් පොහෝ දිනවල හා සෙසු පොහොය දින වැනි විශේෂ දිනවල අටසිල් සමාදන් වීමට ය. සැදැහැවත්තු උදෑසනින් විහාර ආරාම වෙත පැමිණ සිල් සමාදන් වී මුළු දවස ම එහි ගත කරති. අටසිල් සමාදන් වීමෙන් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඉදිරිපත්වන භෞතික හා වින්දන ඉල්ලුම්වලින් වෙන් වී සිටිය හැකි වේ. අටසිල් සමාදන් වීමේ පරමාර්ථය නම් විවේකය, සන්සුන් බව වඩා ගනිමින්, සිත පුහුණු කරමින් තමා ගේ ආධ්‍යාත්මික වර්ධනය ලබා ගැනීම යි.සිල් සමාදන් වන කාලය තුළ දී බණ පොත් කියවීමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, භාවනාවේ යෙදීමෙන් ආරාමයේ ආගමික වැඩට සහාය වෙමින් කල් ගෙවති.
කුලදරුවකු සසුන්ගත කිරීමේ පින්කමක්
ඉතිරිය»
තෙමසක් පුරා දහම් පද දෙකකින් අනුමෙවෙනි බණ දෙසූ මලියදේව මහ රහතන් වහන්සේ
ජාතික ප්‍රතිපත්තියක් ගෙනඒම තුළින් බෞද්ධ උරුමය නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි යි
ලක්දිව සංඝරාජ පදවිය - 6: ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ නායක පදවි පත් කිරීම
උපුල්වන් දෙවොල සමීපයේ පිහිටි දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජ මහා විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]