[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙහෙණි සසුන් දොර
විවර වූ වගයි

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

සමන් දෙවිඳුන්ට උපහාර පිදෙන සපරගමු මහසමන් දේවාල පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍යය

තථාගතයන් වහන්සේ සමනල ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළේ සුමන සමන් දෙවිඳුන් ගේ ආරාධනයෙනි. සිරිපා අඩවිය සමන් දෙවිඳුන් ගේ අඩවිය ලෙස සලකන ලක්වැසි බොදු ජනතාව සිරිපා කරුණාවේ දී රැකවරණය ප්‍රාර්ථනා කරන්නේ සුමන සමන් දෙවිඳුන්ගෙනි. තුන් සරණේ කවි කියමින් ,තිසරණ ගුණ සිහි කරමින් ඔවුහු සමන් දෙවිඳුන්ට ගෞරවාදරය දක්වන්නේ සිරිපා කරුණාවේ දී කිසි විටෙක කට වරද්දා නො ගනිමිනි. එසේ සුවිශේෂී වන සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් ඉදිවූ රත්නපුර මහ සමන් දේවාලය සබරගමු පළාත් වැසියන් ගේ සංස්කෘතිය හා බැඳුණු ප්‍රධානත ම සිද්ධස්ථානයකි. ජීවිතයේ සුවිශේෂී වූ කවර කටයුත්තක දී වුවද සමන් දෙවිඳුන් ගේ ආශිර්වාදය ලබා ගැනීම ඔවුන් ගේ සිරිත ය. අතීතයේ සිට ම සමන් දෙවිඳුන් උදෙසා සබරගමුව මහ සමන් දේවාලයෙහි සිදු කෙරෙන පුද පූජාවන් අතර ඇසළ පෙරහර සුවිශේෂි ය. ඉපැරැණි රාජ සම්මත නීතීන්ට අනුව පැවැත්වෙන පෙරහරෙහි අරමුණ සමන් දෙවිඳුන්ට උපහාර දැක්වීම ය. සබරගමු පළාත් වැසි බොහෝ දෙනෙක් මෙම පෙරහර නැරඹීමට හුරු පුරුදු වී සිටින්නේ එය තමන් විසින් කළ යුතු ම චාරිත්‍රයක් කොට සලකමිනි. තමන් ගේ ජීවිතයේ කුදු මහත් ඕනෑම කටයුත්තක දී සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති. රත්නපුර සමන් දේවාලයේ ඇසළ මහ පෙරහර දෙවැනි වන්නේ මහනුවර ශ්‍රී දළදා පෙරහරට පමණක් බව පැවසේ. අතීතයේ සමන් දේවාලයේ පැවැත් වූ දළදා පෙරහර පිළිබඳ කියැවෙන දළදා පූජා කවි එහි අලංකාරයත්, ගාම්භීර බවත් ප්‍රකාශ කරයි. මෙවර රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය කොරෝනා වසංගත රෝග තත්වය නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවත්, එහෙත් සියලු චාරිත්‍ර එලෙස ම සිදු කරන බවත් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර නිලමේ තුමා පැවසී ය.

මෙහෙණි සමාජයට දොරටු විවර වූ බිනර පෝදා

ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමය යි. මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි වස් සමාදන් ව විහාරස්ථානයන් හි නිබඳ ව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේ ම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන ගේ ද ශාසනික කටයුතු සපුරාලමින් ඔවුනුදු ආර්ය මාර්ගයට යොමු කරවති. මෙම වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත් ය. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින් බිනර මහේ උදාවන බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත් පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙරවක් ම ආයාචනය කළා ය. එහි දී බුදුරදුන් දේශනා කළේ “අලං ගෝතමී මා තෙ රැච්චා මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජිති“ යනුවෙනි. “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා“ යනු එහි අර්ථය යි.පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන කාන්තාවෝ නො දකිති. දුක සේ, අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳීන් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ ගැන සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ සම්‍යක් උපායක් බව පෙනේ.

 

ධර්ම දේශනාව:

බුදු සිරිත කියවා බොදු සිරිත දැන ගනිමු

බුද්ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති. දන්‌තො සො භගවා දමථාය ධම්‌මං දෙසෙති. සන්‌තො සො භගවා සමථාය ධම්‌මං දෙසෙති. තිණ්‌ණො සො භගවා තරණාය ධම්‌මං දෙසෙති. පරිනිබ්‌බුතො සො භගවා පරිනිබ්‌බානාය ධම්‌මං දෙසෙතී ති. අද බිනර පුර පසළොස්වක පොහෝ දිනය යි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් හට අෂ්ට ගරු ධර්ම පනවමින් සම්බුදු සසුනේ පැවිදි වීම අනුදැන වදාරන ලද්දේ අද වන් දිනක දී යි. බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ අසරණ ව, පීඩාවට පත් කාන්තාවන්ට සමාජයේ නිසි තැන පිරිනැමුණේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස ගේ පැවිද්දත් සමඟ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් සමග යි. ධර්ම දේශනාවට මා මාතෘකා කළේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහා යමක වග්ගයේ එන චූල සච්චක සූත්‍රයේ අන්තර්ගත වන බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය සැකෙවින් වදාළ දහම් පාඨයක්. සතළිස් පස් වසරක බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය එම පාඨය තුළ මැනවින් සාරාංශ ගත කොට තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට අනුන් හට අවබෝධ කරවනු සඳහා දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ ඉන්ද්‍රිය දමනය කොට අනුන් ගේ ඉන්ද්‍රිය දමනය සඳහා මඟ පෙන්වීමට දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ කෙලෙසුන් සංසිඳුවා, අනුන් ගේ කෙලෙසුන් සන්සිඳවනු සඳහා දහම් දෙසුවා. තමන් වහන්සේ සසරින් එතෙර වී අනුන් සසර සයුරින් එතෙර කරවීමට මඟ පෙන්වූ වා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳුවා ගෙන අනුන් ගේ කෙලෙස් ගිනි නිවනු සඳහා දහම් දෙසුවා. මේ බුදුරජාණන් වහන්සේ ගේ පන්සාළිස් වසරක බුද්ධ කෘත්‍යය සැකෙවින් දක්වා ඇති ආකාරය යි.

 

සමාජයට යහපත් දෙයක් ලබා දී තමන් ගේ යුතුකම ඉටු කරන්න

සසර දුක නිමාකොට විමුක්තිය සාක්‍ෂාත් කිරීම බුදුසමයේ මූලික ඉගැන්වීම යි. එය එසේ වුව ද සසර දුකින් නිදහස් වීම නම් ඉතා කඩිනමින් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා දීර්ඝකාලීන පුහුණුවක් අවශ්‍ය වේ. මේ නිසා සසර දුකින් නිදහස් වීමට අමතර ව සසර සැපවත් කර ගන්නා ආකාරය ද බුදුදහමින් පෙන්වා දෙයි. සංසාරික ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් සැපවත් කර ගැනීමට ආධාර කර ගත හැකි පුහුණු කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් බුද්ධ දේශනාවල ඇතුළත් ව තිබේ. ඒවා ප්‍රගුණ කරන්නකුට මෙලොව මෙන් ම, පරලොව ජීවිතයත් අර්ථවත් හා සුන්දර එකක් බවට පත්කර ගත හැකි ය. සිඟලෝවාද සූත්‍රයෙහි ඇතුළත් සතර සංග්‍රහ වස්තු ඒ සඳහා අනුගමනය කළ හැකි සාරධර්ම පද්ධතියකි. පුද්ගලයා ගේ මෙන් ම සමාජයේත් යහපත හා දියුණුව ඇතිකර ගැනීම ඒවා ප්‍රගුණ කිරීමේ මූලික අරමුණ වේ. දානය හෙවත් පරිත්‍යාගය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හෙවත් සමාජයට මඟ පෙන්වීම හෝ සමාජයට හිතකර කාර්යයක නිරතවීම, සමානාත්මතාව හෙවත් සැමට එක හා සමාන ව සැලකීම යන සිව්වැදෑරුම් ප්‍රතිපත්ති පුද්ගලයා ගේ මෙන් ම සමාජයේත් දියුණුව හා සංවර්ධනය පිණිස හේතු වන, සමාජය ඒකාබද්ධ කෙරෙන ප්‍රතිපත්ති සමූහයකි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]