පෙර බවයේ මතකය මේ බවයේ දී ගිලිහී යන්නේ ඇයි?
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්‍ෂිණ ලංකාවේ
ප‍්‍රධාන සංඝනායක,
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
විශ්වාසය යනු බුදු දහම විසින් අගය නො කෙරෙන මානසික ආකල්පයකි. ලෝකයේ පැවතියා වූ ද
,මේ වන විට පැතිර පවතින්නා වූ ද සෑම ආගමක ම පදනම විශ්වාසය
(Belief) යි. එහෙත් බුදු
දහම යනු විශ්වාසය ඉක්මවා සිටින, සම්මා දිට්ඨිය හෙවත් නිවැරැදි දැනුම සහ අවබෝධය
පදනම් කොටගත් ඉගැන්වීමකි.
විශ්වාසය යන වචනය සමඟ ම ඇතිවන අදහස අවිශ්වාසය සමඟ මුසු වූවකි. තම අත්දැකීම්,
ආත්මාවබෝධය, දැනුම ආදී කරුණු සඳහා ඒ තුළ ඉඩක් නැත. විශ්වාසය යන්නට නිරන්තරයෙන් ම
පදනම් වන්නේ අනුන් ගේ වචන, අනුන් ගේ තොරතුරු හෝ පොතපතේ සහ පාරම්පරික ව එන විස්තර,
වාර්තා ආදිය යි. එහෙයින් එහි ලා ස්වතන්ත්‍ර වූ අත්දැකීමක් සම්බන්ධ වන්නේ නැත.
නිදසුනක් වශයෙන්, සදාකාලික අපාය, සදාකාලික දෙව් ලොව, ලෝකය මැවීම ආදී අදහස් දැක්විය
හැකි ය. මේ කරුණු සියල්ල ම වෙනත් කවුරුන් ගේ හෝ අත්දැකීමක් වශයෙන් වාර්තා වී ඇත.
එසේ වූ ව ත් ‘‘නැඟෙනහිරින් ඉර පායනවා” යන්න හෝ ‘‘උපන්නා වූ සෑම සත්වයකු ම
ඒකාන්තයෙන් ම මිය යනවා’’ යන අදහස, එසේත් නැති නම්, ‘‘සොරකම් කිරීම දඬුවම් ලැබිය
හැකි වරදක් ය’’ යන නිගමනය එබඳු බාහිර සංකල්පයක් මත පදනම් වූවක් නොව, ස්වකීය
අත්දැකීම් සහ දැනුම මත පදනම් වූවකි. එහෙයින් එය විශ්වාසය ඉක්මවා සිටි ආත්ම
ප‍්‍රත්‍යක්‍ෂය පදනම් වූවකි. එය දැකීම, අවබෝධය යන්න හා බැඳේ. එහෙයින් සම්මා
දිට්ඨිය යන අර්ථකථනයට එහි සෘජු සම්බන්ධතාවක් ඇත.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ දී කේසපුත්ථ කාලාම ගමේ වැසියන්ට
පහදා දුන්නේ විශ්වාසය සහ දැනුම සම්බන්ධ විශ්වගත සම්මුතිය යි. ඒ අනුව බෞද්ධයන්
වශයෙන් අප කරුණු තහවුරු කර ගත යුත්තේ පොතපතෙන්, පරම්පරාවෙන් හෝ ආගමික විශ්වාසයන් ගේ
බලපෑමෙන් නොව අභ්‍යාසයෙන් සහ ප‍්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු කර ගත් දැනුම හෙවත් ස්වකීය
චින්තනය මුල් කරගෙන ය. එය ම අන්තගාමී නොවන මධ්‍යස්ථ විද්වත් ජන අභිනන්දනයට හේතු
වන්නක් වන බව ද නිසැක ය.
නැවත ඉපදීම නැමැති සංසිද්ධිය පිළිබඳ නිගමනයකට පැමිණීමේ දී අප විසින් අනුගමනය කළ
යුතු ක්‍රමවේදය වන්නේ ද එය යි. වත්මන් හි පැතිර පවත්නා ප‍්‍රධාන සෑම ආගමක ම නැවත
උපතක් පිළිබඳ පිළිගැනීමක් ඇත. ඒ උපතේ ස්වභාවය ගැන වෙනස් වෙනස් මතිමතාන්තර පවතින්නේ
නමුදු මරණයෙන් පසු මනුෂ්‍යයාට අත්විඳීන්නට සිදුවන අත්දැකීමක් වශයෙන් එ කරුණ හැම
ආගමක ම ඒකාග්‍රතාවයකට පැමිණ තිබේ.
මානව සමාජය තුළ විවිධාකාර ආගමික සංවිධාන ආරම්භ වීමෙන් පසු නැවත ඉපදීම පිළිබඳ පොදු
විශ්වාසයක් සමාජගත වූ අතර එයට අමතර ව විවිධ උගතුන්, පර්යේෂකයන්, දාර්ශනිකයන් මේ
මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
බුදුරජාණන් වහන්සේට බෙහෙවින් සමකාලීන ව සිටි පයිතගරස් නැමැති දාර්ශනිකයා ද එවන්
මතයක් දැරුවකු වීය. තම අතීත ආත්මභාවයන් සිහිපත් කිරීමට ඔහුට හැකියාවක් පැවති බව ද
සඳහන් ය. ප්ලේටෝ නැමැති දාර්ශනිකයා ද තම පෙර ආත්ම භාවයන් ගණනාවක් ගැන ප‍්‍රකාශ කර
සිටියේ ය. ඔහු ගේ මතයට අනුව සෑම මනුෂ්‍යයකු ම දහ වරක් නැවත උපත ලබයි. මිනිසා
තිරිසන් ආත්මභාවයන් හි උපත ලබන බව ද තවදුරටත් ප්ලේටෝ තුමන් ප‍්‍රකාශ කර තිබේ.
පුරාණ ඊජිප්තුවේ ත්, චීනයේ ත් පැවති පොදු අදහසක් නම්, රජවරුන් වැනි ප‍්‍රභූවරයින්
දිව්‍ය ලෝකයේ නැවත උපත ලබන බව යි. එ නිසා ම ඔවුන් ගේ මතු ප‍්‍රයෝජනය සඳහා ධන
ධාන්‍ය පමණක් නොව, ළඟින් ම ඇසුරු කළ භාර්යාවන් හා දැසි දස්සන් ද ඇතුළත් කර අතිවිශාල
සොහොන් ගෙවල් තැනීමේ චාරිත‍්‍රය ප‍්‍රකට ව පැවතිණ.
තුන් වැනි සියවසේ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ජීවත් වූ සම්භාවනිය ක්‍රිස්තියානි දාර්ශනිකයා
වූ ඔරිජේන් තුමා (Origen – 185 – 254CE) පුනර් ජන්මය දැඩි ලෙස විශ්වාස කළ
අයෙකි. කිතුනු පල්ලියේ අධිකාරියට අභියෝග කරමින් ඔහු කියා සිටියේ මිනිසා සදාකාලික ව
ම තබනු ලබන සදාතනික අපායක් (enteral hell) කිසිසේත් පිළිගත නොහැකි බව ය. 19 වැනි
සියවසේ ජීවත් වූ ජර්මානු දාර්ශනික ඉමැනුවෙල් කාන්ට් තුමා
(Immanuel Kant - 1804) මිනිසා ගේ නැවත ඉපදීම ගැන විශ්වාසය පළ කළ අතර, සදාකාලික දණ්ඩනය සහිත අපායගාමිත්වය
සම්බන්ධයෙන් පවත්නා කිතුනු මතවාද පිළිකුලෙන් හෙළා දුටුවේ ය. දිව්‍යමය ආත්මභාවයෙන්
මනුෂ්‍ය ආත්ම භාවයටත් ,මිනිසා ගේ ආත්මය මාරුවෙන් මාරුවට ගමන් කරන බව එතුමා ගේ මතය
විය. පුනර් ජන්මය පිළිබඳ හොඳ හෝ නරක තීරණය කරන්නේ වතර්තමාන ජීවිතයේ අනුගමනය කරන
චරිතාකල්පයන් හෙවත් ආචාර විචාර බව ද හේ කියා සිටියේ ය.
නැවත ඉපදීම පිළිබඳ සංකල්පය ගැන සාකච්ඡා කරන විට මතකයට නඟා ගත යුතු තවත් වැදගත්
දාර්ශනිකයකු වන්නේ ජර්මන් ජාතික ෂෝපන් හවර් (Schopenhauer -
1860) මහතා ය. මරණයෙන්
පසු ජීවිතය තවදුරටත් ඉදිරියට පවත්නා බව කී හෙතෙම එසේ අනාගත පැවැත්මට හේතු වන
ප‍්‍රධාන සාධකය වන්නේ එසේ නැවත නැවතත් ඉපදීම සඳහා මිනිසා තුළ ස්වභාවයෙන් ම පවත්නා
අශාව හෙවත් භවාශාව බව ද දක්වාලී ය.
මෙසේ සලකන විට ආගමික ආචාර්යවරුන් පමණක් නොව විවිධ දාර්ශනිකයන්, චින්තකයන් සහ නිදහස්
මතධාරීන් පවා නැවත ඉපදීම පිළිබඳ අදහස තහවුරු වන පරිදි මිනිස් ඉතිහාසය පුරාම මත පළකර
ඇති බව පැහැදිලි ය. ස්වකීය පෞද්ගලික අත්දැකීම්, චින්තනයන්, තර්කයන් හා පර්යේෂණ
මඟින් ඇති කර ගත් දැනුම මෙන් ම ස්වතන්ත්‍ර වූ නිගමන එවන් මතවලට හේතු සාධක වී ඇති බව
පැහැදිලි ය.
ඉන්දියාව චීනය ඇතුලූ පෙරදිග සමාජය ඇසුරු කළ හා ඇසුරු කරන අපට නැවත ඉපදීම යන්න
අරුමයක් නොවු ව ද අපරදිග සමාජයට එය අතිමහත් විමතියකට කරුණක් විය. එයට හේතුව එවන්
මතයක් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරන ආගමික විශ්වාසයන්ට එම සමාජ ගොදුරු වී සිටීමයි.
නැවත ඉපදීමක් යන මතය ආගම් විරෝධී වන්නක් සේ ම යක්‍ෂයා ගේ අදහස් ලෙසින් ද සලකා,
එවැනි මත දැරූවන්ට තාඩන පීඩන පවා සිදුකරන්නට එබඳු සමාජයන් පියවර ගෙන ඇත්තේ එ නිස
යි.
‘‘මරණයෙන් ජීවිතය කෙළවර වෙයි. ශරීරිය සෑදී ඇති මූලද්‍රව්‍ය විසිරී ගිය පසු නැවත
ඉපදෙන හෝ ඉදිරියට යන බලවේගයක් නැත. එනිසා සත්වයා අත් දකින්නේ වර්තමාන ජීවිතය පමණි’’
යනුවෙන් පවත්නා අදහසක් ද සමාජගතවී ඇත. එය භෞතිකවාදය, ද්‍රව්‍යවාදය, කොමියුනිස්ට්
වාදය ආදි වශයෙන් හඳුනා ගනු ලබයි. බුද්ධ කාලයේ පවා පැවති එම දර්ශනය උච්ඡේදවාදය
ලෙසින් දක්වනු ලැබ ඇත.
වත්මන්හි ලෝක ජනගහනයෙන් වැඩි දෙනකු සම්බන්ධ ව පවත්නා බවක් කියැවෙන කි‍්‍රස්තියානි,
යුදෙව්, ඉස්ලාම් යන ආගමික මතවාදවල ද මරණින් පසු උපතක් පිළිගැනී ඇති බව මුල දී සඳහන්
කෙළෙමු. එහෙත් එයින් කියැවෙන්නේ එකම උපතක් ගැන යි. සදාකාලික වූ ඒ එක ම උපත යළිත්
වෙනස් වන්නේ නැත. බුදුදහම දක්වා සිටින්නේ යළි උපතක් ගැන නොව යළි යළිත් සිදුවන උපතක්
(පුනර්භවයක්) ගැන යි. අනාත්මවාදය පිළිබඳ ඉගැන්වීමත් සමඟ බුදුදහමේ ආකල්පය හින්දු
ධර්මය ත් සමඟ නොපෑහෙන ආකාරය අවබෝධ කරගත හැකි ය.
තාඕ, කොම්පියුසියස්, හින්දු, ජෛන, බෞද්ධ ආදී මතවාදයන් හි ඇසුර ලද පෙරදිග වැසියන්ට
පෙරභවය හා පුනර්භවය පිළිබඳ පවත්නේ සාමාන්‍ය දැනීමට සමාන වූ ආකල්පයකි. එම තත්වය
සමස්ත සමාජයේ ම සදාචාර සංවර්ධනයට පවා ඉවහල් වී ඇති හෙයින් සංසාරික පැවැත්ම වූ කලි
ආගමික විශ්වාසයන් ඉක්මවා සිටි සමාජ ව්‍යවස්ථාවක් බවට පත්වී ඇති බව කිව යුතු ය.
පෙර භවය හෙවත් කලින් ජීවත් ව සිටි ජීවිතය පිළිබඳ ඉතා කලාතුරකින් කෙනකු විස්තර කියන
බව නිතර වාර්තාවන කරුණකි. එය එසේ නම්, අප හැම දෙනාට ම, සියලූ මිනිසුන්ට පෙර භවය ගැන
සිහිපත් කළ නො හැක්කේ මන් ද?
එබඳු පෙර භවයක් පිළිබඳ අතීත ස්මරණය නැතිවීමට හේතුව නම්, අප බොහෝ දෙනා ගේ සිත අඳුරු
පටලයන්ගෙන් වැසී තිබීම යි. ප‍්‍රභාෂ්වර හෙවත් සුපිරිසුදු සිත එම අඳුරු පටල මඟින්
ආවරණ ව පවත්නා තාක් කල් අතීත පමණක් නොව බොහෝ විට වර්තමානයට අදාළ තොරතුරු පවා ස්මරණය
කිරීම අපහසු වී තිබෙන බව අප කාගේත් අත්දැකීම් අනුව ඉතාම පැහැදිලි ලෙස පෙනී යන
සත්‍යයකි. එම අඳුරු පටල ස්ථර පහකින් යුතු බවට බුදු දහම විසින් හඳුනා ගනු ලැබ තිබේ.
එනම්,
කාමච්ඡන්ද (කාමරාගය, තෘෂ්ණාව), ව්‍යාපාද (ක්‍රෝධය, තරහ) ,ථිනමිද්ධ (අලසකම,
අනුද්‍යෝගය),විචිකිච්ඡා (සැකය, අවිශ්වාසය), හා උද්ධච්ච කුක්කුච්ඡ (විපිළිසර බව,
අසහනය) යි.
ඇතැම් දිනෙක අහසේ තරු අපට නො පෙනී පවත්නේ තරු නැති වූ නිසා නොව අහස වළාවලින් ආවරණ ව
පවත්නා නිසා ය. අප ඉදිරියේ පවත්නා කණ්නාඩියක් දූවිලිවලින් ආවරණ ව, අපිරිසුදු ව
පවත්නා තාක් කල් අපේ පිළිබිඹුව ඒ තුළින් දැක්ම උගහට ය. ඒ ආකාරයෙන් ම අපේ සිත ද ඉහත
කී කිළිටි කෙලෙස් මඟින් ආවරණය වී පවත්නා බැවින් අපේ අතීත පැවැත්ම පිළිබඳ මතකය
ගිලිහී ගොස් තිබේ.
අප ජීවත්වන මේ ලෝකයේ භෞතික පරිසරය සෑහෙන දුරකට අවබෝධ කර ගැනීමට විද්‍යාත්මක ගවේෂණ
මහත් පිටුබලයක් ව පැවතුණ ද, ඉතිරි කොටස තේරුම් ගැනීමට එමඟින් ලැබෙන ආධාරය
ප‍්‍රමාණවත් වී නැත. එනිසා ම මේ විෂයයෙහි ලා තීන්දු තීරණ ගැනීමේ දී ආගමික හා
සාම්ප‍්‍රදායික අන්තගාමීත්වයෙන් මිදී ප‍්‍රඥානුයාත නිරීක්‍ෂණයට ම ප‍්‍රමුඛත්වය
දිය යුතු ව ඇත.
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි
එබඳු පෙර භවයක් පිළිබඳ අතීත ස්මරණය නැතිවීමට හේතුව නම්, අප බොහෝ දෙනා ගේ සිත අඳුරු
පටලයන්ගෙන් වැසී තිබීම යි. ප‍්‍රභාෂ්වර හෙවත් සුපිරිසුදු සිත එම අඳුරු පටල මඟින්
ආවරණ ව පවත්නා තාක් කල් අතීත පමණක් නොව බොහෝ විට වර්තමානයට අදාළ තොරතුරු පවා ස්මරණය
කිරීම අපහසු වී තිබෙන බව අප කාගේත් අත්දැකීම් අනුව ඉතාම පැහැදිලි ලෙස පෙනී යන
සත්‍යයකි. එම අඳුරු පටල ස්ථර පහකින් යුතු බවට බුදු දහම විසින් හඳුනා ගනු ලැබ තිබේ.
එනම්,
කාමච්ඡන්ද (කාමරාගය, තෘෂ්ණාව), ව්‍යාපාද (ක්‍රෝධය, තරහ) ,ථිනමිද්ධ (අලසකම,
අනුද්‍යෝගය),විචිකිච්ඡා (සැකය, අවිශ්වාසය), හා උද්ධච්ච කුක්කුච්ඡ (විපිළිසර බව,
අසහනය) යි.
ඇතැම් දිනෙක අහසේ තරු අපට නො පෙනී පවත්නේ තරු නැති වූ නිසා නොව අහස වළාවලින් ආවරණ ව
පවත්නා නිසා ය. අප ඉදිරියේ පවත්නා කණ්නාඩියක් දූවිලිවලින් ආවරණ ව, අපිරිසුදු ව
පවත්නා තාක් කල් අපේ පිළිබිඹුව ඒ තුළින් දැක්ම උගහට ය. ඒ ආකාරයෙන් ම අපේ සිත ද ඉහත
කී කිළිටි කෙලෙස් මඟින් ආවරණය වී පවත්නා බැවින් අපේ අතීත පැවැත්ම පිළිබඳ මතකය
ගිලිහී ගොස් තිබේ.
අප ජීවත්වන මේ ලෝකයේ භෞතික පරිසරය සෑහෙන දුරකට අවබෝධ කර ගැනීමට විද්‍යාත්මක ගවේෂණ
මහත් පිටුබලයක් ව පැවතුණ ද, ඉතිරි කොටස තේරුම් ගැනීමට එමඟින් ලැබෙන ආධාරය
ප‍්‍රමාණවත් වී නැත. එනිසා ම මේ විෂයයෙහි ලා තීන්දු තීරණ ගැනීමේ දී ආගමික හා
සාම්ප‍්‍රදායික අන්තගාමීත්වයෙන් මිදී ප‍්‍රඥානුයාත නිරීක්‍ෂණයට ම ප‍්‍රමුඛත්වය
දිය යුතු ව ඇත. |