[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවැනි මව සදිසි ඇය

දෙවැනි මව සදිසි ඇය

නිවසේ දිදුලන හිරු රද
මුළුතැන් ගේ වෙත
එන්න කලින්
ඔබ පායාවිත් අපහසු වැඩඳුර
නිවා දමයි සැනෙකින්
සවසට සඳ වී මෝදු වෙලා යළි
අඳුර නසා දමමින්
ඉර හඳ සේ
නිවසට දෙන එළියට
හදේ පිපේ කුසුමන්
අසරණ දරුවන්
තනිකර දමලා
අන් දරුවන්හට
අහර පිසිනවා
තම දරුවන්ගේ
දුකට හෙළන ඒ
සුසුමින් ලිප ගිනිදැල් ඇවිළෙනවා
ලිප ගිනි මැඩගෙන
ඇවිළෙන හද ගිනි
උණුසුම නෙතගට කඳුළු ගෙනෙනවා
කඳුළැල් සඟවා
පිසිනා අහරින්
අපගේ කුසගිනි දැල්ල නිවෙනවා
වැරහැලි ඇඳුමින්
ගත දවටා ගෙන
නිවසේ හැමගේ
කිළිටි සෝදනා
රස අහරින් අන් කුස් පිර වූ වත්
සිය කුස පිරුමට
අහර නොලබනා
නිවහන දෙව් විමනක් ලෙස සරසා
සවසට තම පැල වෙතට ගාටනා
මෙහෙකාරිය නොව
දෙවැනි මවයි ඇය
අපගේ දිවියට
සවියක් ගෙනෙනා

තලල්ලේ චන්දකිත්ති හිමි

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]