[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ලිඛිත සාක්ෂි සහිත පුරාණතම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ

ජම්බුද්වීපයේ (මහා භාරතයේ) ඉතා පැරණි යුගය මොහෙන්ජාදාරෝ හරප්පා ශිෂ්ටාචාරය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. හරප්පාහි ඇති මුදෝවක ඇසතු ගසේ පූජනීයත්වයට සාක්ෂි සපයන පැරණිම අවස්ථාව ලෙසින් සැලකිය හැකි ය. එම හරප්පා මුදෝව ක්‍රිස්තු පූර්ව තුන්දහස ට පෙර යුගයකට අයත් වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ ය. ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය (ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි. පි. 19 - 1994) අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමලුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි රෝපණය කර පසුගිය උඳුවප් පුර පසළොස්වක දිනය එළැඹි දෙසැ. 29 දාට අවුරුදු 2328 සපිරුණේ ය. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව (බුද්ධගයාවේ සිට වැඩම කරවන ලද) රෝපණයෙන් පසුව සිදු වූ සිදුවීම් කීපයක් ම මහාවංසයෙහි සඳහන් වී ඇත. ඒ අතර අෂ්ඨඵල රුහ හෙවත් ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් පැළ අටක් රෝපණය ද, දෙතිස් ඵල රුහ රෝපණය ගැන ද මහාවංසයෙහි සඳහන් වේ. (මහාවංසය - පරිවර්තනය පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමි හා බටුවන්තුඩාවේ පඬිතුමා 19 පරි ගාථා 59 - 64) ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ උද්භිද නාමය වන්නේ ficus religiosa (ෆිකුස් රෙලිජෝසා) යන්නයි.

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]