ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් පුර අටවක පෝදා, 2020 දෙසැම්බර් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සිසි කැන් නටයි රජගහනුවර උතුරලා මල් ගොමු සැලෙයි මද නල සමඟ දැවටිලා රූමත් බවින් මත්වී ඇත උඩඟුවෙලා ඛේමා සිටී බිම්සර වතට නෙත හෙළා
වේළුවන අරම තුළ බුදුහිමි සිටිති වැඩ එහි යනු මැනවි ඛේමා ඒ රජුගෙ හඬ සමිඳුන් දොස් දකිති ළඳුනගෙ රුවැති හැඩ මට බැහැ හිමියනේ” කී රූ මදය උඩ
ගී නලුවක් පරිදි ගයමින් පැදි ගොන්න නදුනුයනක් කළා වෙළුවන නව පන්න කුසුමින් පිරුණ තුරු කුරවින් නඳ දුන්න ඛේමා ගියා ඒ අසිරිය විඳ ගන්න
මල් පෙති පිබිදමින් දෙන සුවඳ සහ බැඳී මඳනල හමයි උයනට මිහිර ගෙන දිදී අරමෙහි වේළුවන සසරෙන් ඇති මිදී තිලොවග සමිඳු දැහැනට සමව වැඩ ඉඳී
සවනක් රැස් ගලා ගඳකිළිය අලු වෙලා රූමත් ළඳක් සිටියා සෙමෙර සල සලා මොහොතින් මැහැලියකවී ඇට ද විසි රිලා මේ දුටු දසුන මන් සිත ඇයගෙ සුනු කළා
“අනිතයි රුව ඔපය එය දැන ගතිමි අද මා වෙත කමාවනු මැන සමිඳුනි දහම් රද” සෝපා සන්න වූ කෙලෙසුන් මුලින් සිඳ ඛේමා සැනසුණා හිමි පා පියුම් වැඳ
රජ අවසරය මත සසරට බියෙන් දිග කහවත දරා ගෙන පිහිනා දහම් ගඟ අරහත් පදවි ලැබ එළිකර නිවන් මඟ අගසවු වූහ පැනසර තෙරණියන් ළඟ
දඹගල්ලේ කේ.බී. රත්නායක
දෙසැම්බර් 21 සඳුදා අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ. සඳුදා සිල්..
පුර අටවක
දෙසැම්බර් 21
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]