ඛේමා
තෙරණින් වහන්සේ
සිසි කැන් නටයි රජගහනුවර උතුරලා
මල් ගොමු සැලෙයි මද නල සමඟ දැවටිලා
රූමත් බවින් මත්වී ඇත උඩඟුවෙලා
ඛේමා සිටී බිම්සර වතට නෙත හෙළා
වේළුවන අරම තුළ බුදුහිමි සිටිති වැඩ
එහි යනු මැනවි ඛේමා ඒ රජුගෙ හඬ
සමිඳුන් දොස් දකිති ළඳුනගෙ රුවැති හැඩ
මට බැහැ හිමියනේ” කී රූ මදය උඩ
ගී නලුවක් පරිදි ගයමින් පැදි ගොන්න
නදුනුයනක් කළා වෙළුවන නව පන්න
කුසුමින් පිරුණ තුරු කුරවින් නඳ දුන්න
ඛේමා ගියා ඒ අසිරිය විඳ ගන්න
මල් පෙති පිබිදමින් දෙන සුවඳ සහ බැඳී
මඳනල හමයි උයනට මිහිර ගෙන දිදී
අරමෙහි වේළුවන සසරෙන් ඇති මිදී
තිලොවග සමිඳු දැහැනට සමව වැඩ ඉඳී
සවනක් රැස් ගලා ගඳකිළිය අලු වෙලා
රූමත් ළඳක් සිටියා සෙමෙර සල සලා
මොහොතින් මැහැලියකවී ඇට ද විසි රිලා
මේ දුටු දසුන මන් සිත ඇයගෙ සුනු කළා
“අනිතයි රුව ඔපය එය දැන ගතිමි අද
මා වෙත කමාවනු මැන සමිඳුනි දහම් රද”
සෝපා සන්න වූ කෙලෙසුන් මුලින් සිඳ
ඛේමා සැනසුණා හිමි පා පියුම් වැඳ
රජ අවසරය මත සසරට බියෙන් දිග
කහවත දරා ගෙන පිහිනා දහම් ගඟ
අරහත් පදවි ලැබ එළිකර නිවන් මඟ
අගසවු වූහ පැනසර තෙරණියන් ළඟ
දඹගල්ලේ
කේ.බී. රත්නායක |