ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මෙහෙණ සසුන් දොර විවර වූ වගයි. සිතුවම - හර්ෂ ගුණවර්ධන
සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න් පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 01
අව අටවක
සැප්තැම්බර් 10
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනයක් තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය විසින් ආශිර්වාදය හා ප්‍රසාදය එක් කරන ලදී. ජනාධිපති කාර්යාලයේ ඉකුත් 21 දින ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 5 වැනි සැසිවාරය පැවැත්වුණි. මෙහි දී රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ප්‍රතිපත්ති ආගම හා අපේ දරුවන් වෙනුවෙන් විශේෂයෙන් ම සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් දීම ඉතා වැදගත් වන බවත් එවිට උපදේශක සභාවේ ප්‍රතිඵල ලබා ගන්නට හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය. බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇත්නම් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන දෙකම සෘජුවම අධ්‍යාපන ඇමතිතුමා යටතට ගැසට් කළ හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මෙම විෂය කෙරෙහි ම යොමුවන්නට රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළ බව ද එහි දී ජනාධිපතිතුමා සඳහන් කළ අතර බෞද්ධ උපදේශක සභාවේ මහා නා හිමිවරු රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
ඓතිහාසික කසාගල රාජ මහා විහාරයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය පසුගිය 23 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහි දී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ රටේ වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත් , ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කළ යුතු බවත් ය. පාස්කු දින ප්‍රහාරය, ඇතුළු පසුගිය කාලයේ රටේ ඇති වූ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායක වන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු ආගමක ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැති බව ද සඳහන් කළේ ය. බෞද්ධ දහම් පාසල් වැඩ සටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වූ අතර එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළපොත් ලබාදීම සිදු වූ බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී සඳහන් කළේ ය. මෙරට දරුවන් ලක්ෂ 22ක් 23ක් පමණ දහම් පාසල් අධ්‍යාපනය ලබන අතර සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දයාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම වත්මන් රජය අගය කොට සලකන බව ද හෙතෙම සඳහන් කළේ ය.
ධර්ම දේශනාව:
“මහණෙනි කුසීතභාවය නැමැති ස්වර්ග මෝක්ෂ ආවරණය කරන අන් එකම ධර්මයක් වත් මගේ බුදු ඇසට නොපෙනෙයි . ඒ මොන ආකාර කුසීත භාවයක් ද? යම් කුසීත කම කින් උපන් අකුසල් උපදිත් ද, උපන් කුසල් පිරිහෙත් ද එසේ වෙන එකම ධර්මය කුසීත කමයි” “මහණෙනි වීර්යය ආරම්භය පමණ ප්‍රබල සම්පන්න ධර්මයක් මට නොපෙනේ . කුමක් සඳහාද ? නූපන් කුසල් වඩ වඩා වගා කර ගන්නටය. උපන් අකුසල් නසා දමා වනසා ගන්නටය. පටන්ගත් වීර්යය ඇත්තාහට නූපන් කුසල් වැඩේ . සම්පූර්ණ වෙයි. උපන් අකුසල් මැඩෙයි , වැනසෙයි. මෙසේ වීර්යයේ බලය බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබේ” කුසීත භාවය සත්වයා දුගතියට පිරිහීමට ප්‍රපාතයට ඇද දමයි. එබැවින් සුගතිය, නිවන බලාපොරොත්තුවෙන් කටයුතු කරන සෑම පින්වතෙක් ම වීර්යය ආරම්භයෙන් මෙන් ම වීර්ය බලයෙන් ප්‍රබල විය යුතු ය.වීර්ය හා කුසීතකම යනු මනුස්ස සන්තානයක උපදින ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකකි. වීර්යය ඇති තැන කුසීතකම නැත. කුසීත කම ඇති තැන වීර්යය නැත. එසේම කුසීතකම බලවත් වන විට සිතේ නැගෙන වීර්යය යටපත් වී යයි. වීර්යය බලවත් වන විට සිත හැකිලෙන ගතිය ඇති කරන කුසීතකම යටපත් වී යයි.එසේ නම් , අපි කුසීතකම අඩු වන්නටත් වීර්යය වැඩි වන්නටත් , යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කළ යුතුව ඇත. මේ සඳහා කළ යුත්තේ කුසීත භාවයේ ආදීනවයත් , වීර්යාරම්භයේ ආනිසංසත් හොඳීන් දැන නැවත නැවත ඒවා මෙනෙහි කිරීමයි.කුසීත කම ඇති පුද්ගලයා හිරේ විලංගුවේ වැටුණ කෙනෙකු වැනි ය.
බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට හේතුව යි. බිනර පොහෝ දා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතීගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. චුල්ල වග්ග පාලියෙහි භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙන පරිදි එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. "අලං ගොතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති" ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා යන්න මෙහි අර්ථයයි. පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි වන කාන්තාවෝ නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.
ලලාට ධාතු නිකිණි මහා පින්කම සේරුවිල පුදබිමේ දී
ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව
පිරිවෙන
වැඩබලන මහානායක පදවියෙන් පිදුම් ලබති
ඉතිරිය»
ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා: කෙලෙස් සැඩ පහරට හසුවුණොත් නවතින්නේ සතර අපායේ
සිව් පිරිසිදු සිල්
පෙර කළ පව් නිසා ඇතිවන පාප රෝග
සිත කිළිටි කරන කෙලෙස් ධර්ම ප්‍රහීණ කරන පහසු ක්‍රමය
Part 05 : Bhavana for the Mind Full of Hatred
කරදර බාධක හමුවේ වුවත් දියුණු කළ යුතු ශ්‍රද්ධාව
සද්ධර්මරත්නාවලියෙන්: ධර්මාවබෝධය ප්‍රඥාවේ තරමට ය
සැප ලබා දෙන ජීවන ප්‍රතිපදාව
දැවෙන සිත නිවීමට...
බුදු හිමි අගය කළ කාන්තා නිදහස
සසර දිගු කරන්න වචනයටත් පුළුවන්
අභිමානවත් භික්ෂු ජීවිතයකට පිරිවෙන් අධ්‍යාපනය
ගිහි - පැවිදි දෙපිරිසට ම පින් පිරෙන වස්සානය
සුජාත ජාතක කතාව: නොලැබෙන දෙයට හැඬීම
මිහිරි කටහෙඬන් අග්‍ර වූ ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ
සද්ධාතිස්ස රජු ඉදිකළ එළමල්දෙණිය රාජ මහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]