මිහිරි කටහෙඬන් අග්‍ර වූ
ලකුණ්ඨක භද්දිය
මහ රහතන් වහන්සේ
විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ ඛේම නම් මිගදායී වනයෙහි මොහු කෝකිලයෙක් ලෙස උපත
ලැබුවේ ‘චිත්‍රපත්‍ර’ නාමයෙනි. තම දරුවන් උදෙසා මිහිරි ඵලයක් තුඩින් රැගෙන පියාසර
කරන මෙම පක්ෂියා පැහැදී ගියේ මහ මඟ වඩින විපස්සී බුදුන් වහන්සේගේ දසුනෙනි. ඒ මොහොතේ
ම කෝකිලයා ගුවනින් බැස පොළෝ තළය වෙත පියාසර කළේතමා සතු එකම වස්තුව වූ මිහිරි අඹ ඵලය
පූජා කිරීමට ය.
කෝකිලයෙකු නඟන මියුරු නාදය සේ මධුර මනෝහර කට හඬකින් යුතු ලකුණ්ඨක භද්දිය මහ රහතන්
වහන්සේ ඒ උදෙසා සසරේ කළ පින් දහම් අපමණ ය. එයට හේතු වූයේ මෙයට අවුරුදු කල්ප ලක්ෂයකට
පෙර පදුමුත්තර බුදුන් වහන්සේගෙන් එක්තරා කුල පුත්‍රයෙක් ලෙස මොහු සදහම් අසද්දී දුටු
පින්බර දසුන යි.
ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මධුර මනෝහර හඬකින් යුතු භික්ෂූන් වහන්සේ අතරින්
අග්‍රස්ථානය ලැබීම යි. ඒ දසුනෙන් පැහැදුන කුල පුත්‍රයා තමා ද අනාගතයේ මෙවන් පදවියක්
ලබමි’යි සිතා කළ පින් දහම් බහුල ය. බුද්ධ ප්‍රමුඛ මහා සඟ රුවනට සත් දිනක් මුළුල්ලේ
ම මහා දන් පුදා තම පැතුම පදුමුත්තර බුදුන් වහන්සේට දන්වා සිටියේ ගෞරව බහුමානයෙන්
වැඳ නමස්කාර කරමිනි.
පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ මෙම කුල පුත්‍රයාගේ පැතුම මෙයින් කල්ප
ලක්ෂයකට පසුව බුද්ධත්වයට පත්වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ඨ සිද්ධ වන බව දැන ඒ උදෙසා
ඔහු කළ පින් දහම් විශිෂ්ට ය.
විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ ඛේම නම් මිගදායී වනයෙහි මොහු කෝකිලයෙක් ලෙස උපත
ලැබුවේ ‘චිත්‍රපත්‍ර’ නාමයෙනි. තම දරුවන් උදෙසා මිහිරි ඵලයක් තුඩින් රැගෙන පියාසර
කරන මෙම පක්ෂියා පැහැදී ගියේ මහ මඟ වඩින විපස්සී බුදුන් වහන්සේගේ දසුනෙනි. ඒ මොහොතේ
ම කෝකිලයා ගුවනින් බැස පොළෝ තළය වෙත පියාසර කළේතමා සතු එකම වස්තුව වූ මිහිරි අඹ ඵලය
පූජා කිරීමට ය.
මේ අදහස දත් විපස්සී බුදුන් වහන්සේ බුද්ධ පාත්‍රය දෝතට ගත්තේ මහා කරුණාවෙනි.
කෝකිලයා තුඩින් රැගත් මිහිරි අඹ ඵලය,පාත්‍රයට පූජා කළේ සතුටු සිතිනි. විපස්සී
බුදුන් වහන්සේ මිහිරි අඹ ඵල වැළඳූ දසුනින් සතියක් පුරාම සතුටු සිතින් කල් ගත කළ
‘චිත්‍ර පත්‍ර’ කෝකිලයා උපත ලැබුවේ දෙව් ලොව ය.
පින්කම කිරීමට පෙර පැවැති සිතත්, පින්කම කිරීමේ දී මතු වූ සිතත්, පින්කමට පසුව ඇති
වූ පින්බර සිතත් නිසා කෝකිලයා උපත ලැබුවේ සුගතිගාමී භවයක ය. මෙලෙස චිත්‍ර පත්‍ර
සත්ව ආත්ම භාවයක් ලැබූව ද කළ පින්කම විචිත්‍ර ය.
නැවතත් කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු මනු ලොවඋපත ලැබුවේ වඩු කාර්මිකයෙක් ලෙස
ය. කාශ්‍යප බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට
චෛත්‍යයක් ඉදිකිරීමට බොහෝ පිරිස කළ යෝජනා අපමණ ය. ඇතැම්හු එය සත් යොදුන් සෑයක් සේ
ඉදිකිරීමට සැරසුණ හ. ඇතැමුන් එය සය යොදුන්, පස් යොදුන්, සතර යොදුන් සෑයක් ලෙස
ප්‍රාමාණික කිරීමට සිතූහ. එකල සිටි ප්‍රධාන වඩුවා පැවසුවේ මෙවන් සුවිසල් සෑයක් සුණු
පිරියම් කිරීම අපහසු බැවින් එය එක් යොදුන් ව ප්‍රාමාණික කළ යුතු බව යි.
මෙලෙස ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට යෝජිත සෑය ප්‍රාමාණික කළේ අප්‍රමාණික ගුණ
කදම්භයකින් සපිරි කාශ්‍යප බුදුන් වහන්සේට යි. මේ පාපයෙන් ඔහු සෑම ආත්ම භාවයක දී ම
උපත ලැබුවේ මිටි සිරුරකිනි.
මෙලෙස තෘෂ්ණාව නමැති වඩුවාට පැරදී සෑය ප්‍රාමාණික ව ඉදිකළ වඩුවා සසර මඟ පියමං කළේ
මිටි සිරුරකින් යුතුව ය. කර්මය තමා පසු පස ම හඹා යන්නේ සෙවණැල්ල සේ ය. තෘෂ්ණාව
ඊතලයක් බවත්, එහි අවිද්‍යාව නමැති විෂ තිබෙන බවත් මජ්ක්‍ධිම නිකායේ සුනක්ඛත්ත
සූත්‍රයේ ද සඳහන් ය. මේ අනුව පින් දහම් කළ යුත්තේ නිසි අවබෝධයෙන් බව මනාව පසක්
වෙයි.
ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ දී මොහු සැවැත් නුවර ධනවත් කුලයක‘භද්දිය’ නමින් උපත ලබා
බණ දහම් අසා පැවිදි වී නොබෝ දිනකින් විදර්ශනා වඩා රහත් ව ලැබූ පදවිය ද අසිරිමත් ය.
ඒ මධුර මනෝහර හඬකින් යුතු භික්ෂූන් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානය ලැබීම යි. එහෙත්
උන්වහන්සේ රහත් වුව ද සසරේ කළ පාපය අවසන් ආත්ම භාවය දක්වා ම ගලා ගියේ මිටි ව පිහිටි
සිරුරකින් යුතු ව ය.ඒ හැඩ රුව නිසාම උන්වහන්සේ හැඳීන්වූවේ ‘ලකුණ්ටක භද්දිය’
නාමයෙනි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුව ද ඒ බව නොදත් ඇතැම් භික්ෂූන් වහන්සේ ,
උන්වහන්සේගේ සිරුර පිහිටි ස්වරූපයට අගෞරව කරමින් සිදු කළ තාඩන පීඩන අපමණ ය. එහෙත්
ලකුණ්ටක භද්දිය මහා රහතන් වහන්සේ අන් අයගේ ප්‍රසාදයට පත් වූයේ හමු වූ තාඩන පීඩන
හමුවේ වුව ද නොසැලී සිටීමේ ගුණය නිස යි.එයට හේතුව විමසූ භික්ෂූන් වහන්සේලා විමතියට
පත් ව ගියේ බුදුන් වහන්සේ නැඟූ පිළිතුරට ය. ඒ ‘ලකුණ්ටක භද්දිය’සිරුරෙන් මිටි වුව ද
සව් කෙලෙසුන් නැසූ මහාරහතන් වහන්සේ නමක් බව යි.
මේ අනුව සුළු දෙයටත් තරහා ගන්නා, කරුණු නොසොයා ක්‍රියා කරන පුද්ගලයන් හමුවේ ලකුණ්ටක
භද්දිය හිමියන්ගේ චරිතයෙන් පෙන්වා දෙන්නේ කදිම ආදර්ශයකි.
ලකුණ්ටක භද්දිය හිමියන් උදෙසා බුදුන් වහන්සේ වදාළ දේශනය ධම්මපද අට්ඨ කතාවෙහි මෙසේ
සඳහන් ය. හමා එන සුවිසල් සුළඟකින් මහා ගල් පර්වතයක් නොසෙල්වෙන්නා සේ විමුක්තිය
අවබෝධ කරගත් රහතන් වහන්සේලා ලාභ - අලාභ, යස - අයස , නින්දා – ප්‍රශංසා, දුක - සැප
ආදී අටලෝ දහමින් කම්පා නොවන බව යි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |