ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සියවස සමරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.
අව අටවක
දෙසැම්බර් 19
අමාවක
දෙසැම්බර් 25
පුර අටවක
ජනවාරි 03
පසෙලාස්වක
ජනවාරි 10
විජාතිකයන්ගෙන් මව්බිම ත්, සම්බුද්ධ ශාසනය ත් බේරාගෙන අනාගත පරපුරට නිර්මල බුදු දහම සුරක්ෂිත කරලීමේ වගකීම එවකට සිටි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට ම පැවරිණි. එකී අභිමානවත් බෞද්ධ දේශය සුරැකීමේ මහඟු කර්තව්‍යයට අත් පොත් තබමින් 1919 වර්ෂයේ උඳුවප් මස ආචාර්ය සී. ඒ. හේවාවිතාරණ මහතාගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කෙරිණි. 1945 දී ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සභාපතිත්වය දෑරු කාල පරිච්ජේදය තුළ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා වන “ත්‍රිපිටක භාරය” සංස්ථාපනය කරන ලද අතර 1945 පෙබරවාරි මස 04 වන දින එනම් ජාතික නිදහස් දිනයේ දී එහි පළමු කොටස වන “දීඝ නිකාය” පරිවර්ථනය කර ප්‍රකාශයට පත් කරන ලදී.
ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති, මාතර දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය සහ මාතර පොල්හේන පුරාණ මහා විහාරස්ථානයෙහි සම්මාන විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අසූ පස්වන ජන්ම දිනය නිමිත්තෙන් ආර්ථික අපහසුතා ඇති දක්ෂ දරුවන් අසූ පස් දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු වැඩසටහන් රාශියක් සිදුකිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත. දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන 2015 දී ආරම්භ කළ එම වැඩසටහන මෙවර සිදුකරනු ලබන්නේ අඛණ්ඩව පස්වන වරට ය. මෙවර ද බුදුසරණ පුවත්පතෙහි අනුග්‍රහයෙන් තෝරාගත් සෑම දිස්ත්‍රික්කයක ම පාසල් හා උසස් අධ්‍යාපනය ලබන දක්ෂ, දිළිඳු දරුවන් වෙනුවෙන් මසකට රු. 2500/- බැගින් උසස් අධ්‍යාපනය නිමවන තෙක් මෙම ශිෂ්‍යත්වය ලබා දෙයි. මේ වන විට සිසු දරුවන් 156 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට රු. පනස් හය ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති අතර, මෙවරත් පරිත්‍යාගශීලී පින්වතුන්ගේ අනුග්‍රහයෙන් තවත් දරුවන් 85 දෙනෙකු සඳහා මසකට රු. දෙලක්ෂ දොළොස් දහස් පන්සියයක මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බව විහාරස්ථ දායක සභාවේ සහ ශිෂ්‍යත්ව කමිටුවේ ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි.
ධර්ම දේශනාව:
“තත්ථ කතමා සම්මා සමාධි ඉධ භික්ඛු විවච්චේව කාමෙහි විවච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහාරති අයං වුච්චති සම්මා සමාධි” සැදැහැබර පින්වතුනි , මාගේ ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ඉහත දැක්වූ උතුම් සූත්‍ර පාඨය ඇසුරෙන් සම්මා සමාධිය කවරේදැ’යි දේශනාකොට වදාළහ. සම්මා සමාධිය යනු කුමක්ද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසගේ යම් අයකු කාම සම්පත්තියෙන් මිදී අකුසල්වලින් ඉවත්වී විතක්ක, විචාර සහිත වූ විවේකයෙන් උපන් පී‍්‍රතියෙන් සහ සුඛයෙන් යුතු ප්‍රථමජ්ඣානයට සමවැදිී වාසය කරයි ද, එසේ ම පිළිවෙළින් දුතිය, තෘතීය , චතුර්ථජ්ඣාන යන ලෞකික ධ්‍යානයන්ට පැමිණ වාසය කරනව ද අන්න ඒ තත්ත්වයට සම්මා සමාධිය යැයි කියනවා. සමාධිය, සමාධිය යැයි අප නිතර නිතර කියනව, සමහරවිට අපට ඇහෙනවා අනුරාධපුරේ සමාධි ප්‍රතිමා වහන්සේ ගැන එහෙම කථාකරනවා. සමාධි ප්‍රතිමා වහන්සේ කියන්නේ සමාධි ගත ඉරියව්වෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය නිරූපණය වන නිසා. මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව අරිට්ඨ කුමරු ඇතුළුව පනස් පස් දෙනෙකු පැවිදි ව නොබෝ කලකින් ම දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇමතියෙක් තවත් පන්සියයක් පමණ පිරිසක් සමඟ පැවිදි වූ හ. එසේම දෙවනපෑතිස් රජුගේ ම සොහොයුරෙකු වන අභය කුමාරයා සමඟ දහසක් පමණ දෙනා ද , චේතාපි, මිහරවිජ, දොරමඬුලු, ගල්පිටිය, උපතිස්ස යන නමින් හැඳින්වෙන අය සමඟ පන්සියයක් බැගින් ද, මහණවීම තුළ අනුරපුර යුගයේ මුල්කාලීනව ම කෙතරම් භික්ෂු ප්‍රජාවක් ලංකාව තුළ නිර්මාණය වී ඇද්ද යන්න වටහා ගැනීමට පුළුවන. භික්ෂු සමාජයේ වර්ධනය මෙලෙසින් සිදුවන අතරතුර සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවා ගෙන ලක්දිවට පැමිණීමත් සමගින් භික්ෂුණී ශාසනය ලංකාව තුළ බිහිවීම අනුලා බිසව ඇතුළු පන්සියයක් කතුන්ගේ ප්‍රවෘජ්‍යාව නිසා සිදු විය. මහින්දාගමනය ලක්දිවට ඓතිහාසික ම ය සංසිද්ධියක් වූවා සේ ම, දුමින්දාගමනය ද ඓතිහාසික සංසිද්ධියක් බවට ප්‍රවර්තනය වී ඇත. මන්ද අනුරාධපුරයෙන් ඔබ්බට බුදුදහමේ පණිවුඩය ගලායන්නේ දුමින්දාගමනයත් සමගින් වීම නිසාවෙනි. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ දෙවනපෑතිස් රජු ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා උතුර දකුණ යා කරමින් ජනපද අධිපතියන් කැඳවීමට කටයුතු සම්පාදනය කළේ ය. ඒ අනුව කතරගම ක්ෂත්‍රීය යෝ ද, චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීය යෝ ද, තිවංක බමුණා ප්‍රධාන ජනයා ද මහා බෝධිරෝපණය සඳහා අනුරාධපුරයට පැමිණියහ.
අරිට්ඨ කුමරු ඇතුළුව පනස් පස් දෙනෙකු පැවිදි ව නොබෝ කලකින් ම දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇමතියෙක් තවත් පන්සියයක් පමණ පිරිසක් සමඟ පැවිදි වූ හ. එසේම දෙවනපෑතිස් රජුගේ ම සොහොයුරෙකු වන අභය කුමාරයා සමඟ දහසක් පමණ දෙනා ද , චේතාපි, මිහරවිජ, දොරමඬුලු, ගල්පිටිය, උපතිස්ස යන නමින් හැඳින්වෙන අය සමඟ පන්සියයක් බැගින් ද, මහණවීම තුළ අනුරපුර යුගයේ මුල්කාලීනව ම කෙතරම් භික්ෂු ප්‍රජාවක් ලංකාව තුළ නිර්මාණය වී ඇද්ද යන්න වටහා ගැනීමට පුළුවන. භික්ෂු සමාජයේ වර්ධනය මෙලෙසින් සිදුවන අතරතුර සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවා ගෙන ලක්දිවට පැමිණීමත් සමගින් භික්ෂුණී ශාසනය ලංකාව තුළ බිහිවීම අනුලා බිසව ඇතුළු පන්සියයක් කතුන්ගේ ප්‍රවෘජ්‍යාව නිසා සිදු විය. මහින්දාගමනය ලක්දිවට ඓතිහාසික ම ය සංසිද්ධියක් වූවා සේ ම, දුමින්දාගමනය ද ඓතිහාසික සංසිද්ධියක් බවට ප්‍රවර්තනය වී ඇත. මන්ද අනුරාධපුරයෙන් ඔබ්බට බුදුදහමේ පණිවුඩය ගලායන්නේ දුමින්දාගමනයත් සමගින් වීම නිසාවෙනි. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ දෙවනපෑතිස් රජු ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා උතුර දකුණ යා කරමින් ජනපද අධිපතියන් කැඳවීමට කටයුතු සම්පාදනය කළේ ය. ඒ අනුව කතරගම ක්ෂත්‍රීය යෝ ද, චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීය යෝ ද, තිවංක බමුණා ප්‍රධාන ජනයා ද මහා බෝධිරෝපණය සඳහා අනුරාධපුරයට පැමිණියහ.
බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදුගුණ දේශනාවක් 28 දා
හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි 110 වෙනි ජන්ම සමරුවට පින්කම්
ලේල්වල ඉන්දජෝති හිමියන්ට දිගාසිරි පතා පින්කම් මාලාවක්
කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් නොමිලයේ පවත්වනු ලබන ධම්ම,අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති 2020
ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ ත්‍යාග ප්රදානය 22 වන දා
ඉතිරිය»
ඒහි පස්සික 37: නිසි අවබෝධය වේදනා දුරු කරයි
ත්‍රිපිටක දහම-18 නිරෝධය
භව නාටකය බලා සංවේගී වෙමු
තෙවළා බුදු වදන් අතරින් 52 : ප්‍රිය වස්තු යම්තාක් වේ ද දුක ද එපමණ ම වේ
ඇලීමෙන් තොරව සෞන්දර්ය විඳීම
සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත
කඨින චීවර දානය
ආසවක්ඛයා වහං හෝතු
ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?
බෝසත් දරුවන්ට : සංසාර පුරුද්දයි පින්දහම් සිදු කිරීමයි
සම්බුදු සසුන් කෙත එකලු කළ මහා යතිවරයාණෝ දොඩම්පහල චන්දසිරි මහා නා හිමි
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 48: අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ
බොදු ඇසින් දකින කාල කළමනාකරණය 2020 ට
ඉතිහාසය නැවත කියවිය යුතුව තිබේ
පූජාච පූජනියනං
සදහම් අරණ
කොස්සින්න රජමහා විහාරය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]