සඳකඩ පහණ හා
එය ආශි‍්‍රත කලා නිර්මාණ
පැරැණි විහාරයකට හෝ දාගැබ් මළුවකට ඇතුළුවීමට ඇති පියගැට පෙළ පාමුල බොහෝ විට අර්ධ
කවාකාර ගල්පඩියක් දක්නට ලැබේ. සඳෙන් අඩක් බඳු ගල යන අරුත ඇති ව මේ ගල් පුවරුව සඳකඩ
පහණ යන නමින් හැඳින්වෙයි. මුලින් ම නෙළන ලද සඳකඩ පහණ කැටයම් රහිත වුවත් පසු කාලයේ
දී එය අලංකාර කැටයමින් හෙබි කලා කෘතියක් බවට පත් විය. සඳකඩ පහණ ආශි‍්‍රත තවත් කලා
නිර්මාණ කිහිපයකි.
පියගැට
පියගැට යනු ගල් පඩි ය. දාගැබ් මළුවකට හෝ විහාර මළුවකට නැගීමට ඇති පියගැට පෙළක පහළම
පඩිය නම් සඳකඩ පහණයි. අනුරාධපුරයේ බොහෝ පියගැටවල දෙකෙළවර හා මැද වන වාමන රූප තුනකි.
පොළොන්නරුවේ පියගැටපෙළ දක්නට ලැබෙන විශේෂ වෙනස නම් මෙම වාමන රූප සංඛ්‍යාව සහ ඉරියව්
වෙනස් වීමයි.
කොරවක් ගල්
පියගැට පෙළ දෙපස පිහිටි කැටයමින් අලංකෘත විශාල ගල් පුවරු දෙක කොරවක් ගල් නම් වේ.
පියගැට පෙළේ ආරක්ෂාව සැපයීමත්, පියගැට මත ගමන් කරන්නන්ට අත් වැලක ආධාරය ලබා දීමත්,
එසේ ම පියගැට පෙළට අලංකාරයක් ලබාදීමත් කොරවක් ගලෙන් අපේක්ෂා කෙරේ.
මුරගල්
කොරවක් ගල්වලට ඉදිරිපසින්, සඳකඩ පහණට දෙපසින් පිහිටුවා ඇති සාමාන්‍යයෙන් අර්ධ
කවාකාර මුදුනක් සහිත කැටයම් කළ ගල්පුවරු මුරගල් නම් වේ. ද්වාරපාල රූප, දොරටුපාල රූප
නමින් ද මුරගල් හැඳින්වේ. මේ මුරගල් ගුප්ත මූර්ති කලා ලක්ෂණ පෙන්වන බව කලා විචාරකයෝ
පවසති.
නිසලි පුදාරා හපුතන්ත්ර
10 වන ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම්පාසල, ව ැල්ලවත්ත
****
හෙළ ගොවියා
තෙරුවන් වැඳ දෙවියන් වැඳ කුඹුරට හේනට යන්නේ
පොළොවට වැඳ නඟුලට වැඳලයි ගොවිතැන අරඹන්නේ
මුල් අස්වනු ගෙන බුදු හිමි පුදනා සිරිතකි වන්නේ
පුරවයි අටු පිරුණු සතුටු සම දිවියකි ගෙන යන්නේ
රටටම බත සපයන ගොවියා දන්පතියෙකු වන්නේ
මඩ නා ගත වැරදාගෙන බිම කොට ලයි වවන්නේ
සරලව දිවි ගෙවනා ඔහු අවිහිංසක වන්නේ
මඩසෝදා ගත් ගොවියා රජ පදවිය ලබන්නේ
මල්ෂා ප්‍රමුදි කරුණාතිලක
11 ශ්‍රේණිය
ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල
තලකිරියාව
****
ඉවසීමේ අගය
ඉවසීම අප තුළ තිබිය යුතු ම ගුණාංගයකි. එදිනෙදා ජීවිතයේ දී අප මුහුණ දෙන විවිධ අසීරු
අවස්ථාවන්ට සන්සුන්ව මුහුණ දීම ඉවසීම ලෙස නිර්වචනය කළ හැකි ය. ඉවසීම අපේ ජීවිතයට
ඉතා වැදගත් වේ. ඉවසීම ජයගත් පුද්ගලයෙක් ලෙස බුදු හිමි දවස පුණ්ණ හිමි නම් කළ හැකි
ය. උන්වහන්සේ සුනාපරන්ත දේශයට භාවනා කිරීම පිණිස යාමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර
ගැනීමට පැමිණිය හ. එවිට බුදුරදුන් පැවසුවේ එම දේශයේ ඉතා දරුණු මිනිසුන් සිටින බවයි.
පුණ්ණ හිමි එම දේශයේ ජනතාවගේ කිසිදු අනතුරක් නොමැතිව වස් තුන්මාසය තුළ දී රහත්
භාවයට පත්විය. සුනාපරන්ත දේශයේ ජනතාවට ද ධර්මය අවබෝධ කරවී ය. උන්වහන්සේ ගමක
මිනිසුන්ට ලෞකික, ලෝකෝත්තර සුවය ලබා දුන්හ. අපි එදිනෙදා ජීවිතයේ දී ඉවසීම ප්‍රගුණ
කර අප වෙත එන විවිධ අභියෝග ජය ගනිමු.
කෞෂි කේෂාණි
10 වන වසර
සුවිශුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත.
****
මිනිසත් බව
මිනිසා තරම් වටිනා සම්පතක් ලොවේ
නැති බව සිතා අප ජීවත් විය යුතුවේ
මේ ටික මතක නැති වේ නම් මිනිස් බවේ
තිරිසන් සතුන් හා මිනිසුන් සම සම වේ
දහමට අනුව ජීවිත සකසා ගනිමු
මේ ලොව සියලු දේ නැසෙනා බව සිතමු
තෙරුවන් සරණ සමගින් සැනසුම ලබමු
හෙළ බිම යළිත් සදහම් දීපය කරමු
ඩී.ජී. පාරමී සඳලිකා
10 ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ දහම් පාසල, කතරගම
****
අම්මා
දස මසක් කුස දරාගෙන මා මෙලොවට බිහි කර ආදරයෙන්, සෙනෙහසින් රැකබලා ගත්තේ මගේ ආදර
අම්මා යි. ලේ කිරි කර පොවා අතපය නොකඩා මා උස් මහත් කළේ මගේ අම්මා යි. ඇය කුසගින්නේ
සිටයි මගේ කුසගින්න නිවා දැමුවේ. ඇගේ නින්ද අත්හැරලයි මා නිදි කෙරුවේ. සසර සැරි
සරනතුරු ඇය මගේ අම්මා වේවා. මතු යම් දවසක අම්මාට මේ දුක්ඛිත සසරින් එතෙර වීමට මා කළ
පින් ද හේතු වේවා.
අඹේගොඩ සමිද්ධ හිමි
04 වන ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය හඳපානාගල
****
ඇසුරක වෙනස
ආශ්‍රය නිසා මිනිසුන් වෙනස් වේ. අප ආශ්‍රය කළ යුත්තේ ගුණ, යහපත්, විපතක දී උපකාර
කරන මිනිසුන් ය. අප ආශ්‍රය කරන අයගේ ගති පැවැතුම් අපටත් හුරු පුරුදු වේ. අප නරක
මිනිසුන් ආශ්‍රය කළහොත් අයහපත් ප්‍රතිඵල ගෙන දේ. හොඳ මිනිසුන් ඇසුරු කළහොත් අපගේ
දියුණුවට හේතුවේ. ඇසුරක් නිසා ඕනෑම පුද්ගලයෙක් වෙනස් විය හැකි බව සත්තිකුම්භ
ජාතකයෙන් පැහැදිලි වේ. අපිත් නිතර හොඳ මිනිසුන් ඇසුරු කරමු.
රෙසඳි නෙහාෂා
04 වන ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත
****
බාහිය දාරුචීරිය රහතන් වහන්සේ
මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරදුන් විසින් අභිඥාලාභි භික්ෂුවක් අගතනතුරට
පත්කරනු දුටු එක් කුල පුත්‍රයෙක් එවැන්නක් පතනු බව දත් බුදුරදුන් විසින් එම පැතුම
ගෞතම බුදු රදුන්ගෙන් ලැබෙන බවට විවරණ දෙනු ලැබී ය. දෙව් මිනිස් ලෝකවල ඉපදෙමින්
කාශ්‍යප බුදු සමයේ සත් දිනක් නිරාහාර ව මහණදම් පුරමින් සිට මියගොස් ගෞතම බුදුන්
සමයේ දඹදිව බාහිය නුවර ඉපිද වෙළඳාමේ යන විට සයුර මැද නැව කැඩී ලෑලි කැබැල්ලක
ආධාරයෙන් පිහිනා ගොස් සුප්පාරක නැව්තොටින් බැස ගොඩ දිය සෙවලින් ඇඟ වසා සිඟමනේ යමින්
ජීවත් විය. පෙර අත් බවයක මිතුරෙක් අනාගාමි ඵල ලැබ සුද්ධාවාස බඹ ලොව සිට පැමිණ තම
මිතුරා මුණගැසී නියම මහණ දම් පිරීම සඳහා ගෞතම බුදුන් හමුවන ලෙස දැන්වී ය. ඒ අනුව
මෙතෙම දර පතුරෙන් ඇඳුමක් ගැට ගසා සැවැත් නුවරට යන අතර මඟ දී බුදුන් වහන්සේ හමු වී
ඉතා කෙටියෙන් බණ පදයක් අසා රහත් ඵලයට පත්විය. මහණ උපසම්පදාව ලැබුමට සිවුරක් සකසා
ගනු සඳහා කසළ ගොඩේ රෙදි කැබලි එකතු කරමින් සිටින විට ගව දෙනෙකගේ අං පහරින්
පිරිනිවන් පෑහ. බුදුරදුන් භික්ෂූන් සමඟ වඩින විට මේ දැක දේහය ආදාහනය කරවා සෑයක් ඉදි
කළහ. කෙටි දහම් පදයක් අසා රහත් ඵලයට පත් වූ හෙයින් දර පතුරුවලින් සැකසූ සිවුරකින්
යුත් හෙයින් බාහිය දාරචීරිය නමින් අභිඥාලාභි භික්ෂූන් අතරින් අග තනතුරට පත්කර වදාළ
සේක.
ඩබ්.එම්. සඳලි උමේෂා
09 වන ශ්‍රේණිය
ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල, තලකිරියාව ****
නලපාන ජාතකය
කළුබෝවිටියන මෙත්තජී හිමි
04 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන, කතරගම
****
අගසව් දෙනම
පෝප්පිටියේ දමිතරක්ඛිත හිමි
03 වන වසර
ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන
මහරගම
සංස්කරණය
නයනා නිල්මිණි |