[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

අරිට්ඨ කුමරු ඇතුළුව පනස් පස් දෙනෙකු පැවිදි ව නොබෝ කලකින් ම දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇමතියෙක් තවත් පන්සියයක් පමණ පිරිසක් සමඟ පැවිදි වූ හ. එසේම දෙවනපෑතිස් රජුගේ ම සොහොයුරෙකු වන අභය කුමාරයා සමඟ දහසක් පමණ දෙනා ද , චේතාපි, මිහරවිජ, දොරමඬුලු, ගල්පිටිය, උපතිස්ස යන නමින් හැඳින්වෙන අය සමඟ පන්සියයක් බැගින් ද, මහණවීම තුළ අනුරපුර යුගයේ මුල්කාලීනව ම කෙතරම් භික්ෂු ප්‍රජාවක් ලංකාව තුළ නිර්මාණය වී ඇද්ද යන්න වටහා ගැනීමට පුළුවන. භික්ෂු සමාජයේ වර්ධනය මෙලෙසින් සිදුවන අතරතුර සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවා ගෙන ලක්දිවට පැමිණීමත් සමගින් භික්ෂුණී ශාසනය ලංකාව තුළ බිහිවීම අනුලා බිසව ඇතුළු පන්සියයක් කතුන්ගේ ප්‍රවෘජ්‍යාව නිසා සිදු විය. මහින්දාගමනය ලක්දිවට ඓතිහාසික ම ය සංසිද්ධියක් වූවා සේ ම, දුමින්දාගමනය ද ඓතිහාසික සංසිද්ධියක් බවට ප්‍රවර්තනය වී ඇත. මන්ද අනුරාධපුරයෙන් ඔබ්බට බුදුදහමේ පණිවුඩය ගලායන්නේ දුමින්දාගමනයත් සමගින් වීම නිසාවෙනි. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ දෙවනපෑතිස් රජු ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා උතුර දකුණ යා කරමින් ජනපද අධිපතියන් කැඳවීමට කටයුතු සම්පාදනය කළේ ය. ඒ අනුව කතරගම ක්ෂත්‍රීය යෝ ද, චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීය යෝ ද, තිවංක බමුණා ප්‍රධාන ජනයා ද මහා බෝධිරෝපණය සඳහා අනුරාධපුරයට පැමිණියහ.


උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]