[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගිහි ගෙදරට දහම් වැටක් :

ධර්මය තිබිය යුත්තේ තමා තුළමය

අනාගතය පිළිබඳව සිහින මවාගෙන කටයුතු කිරීමෙන් පුද්ගලයාට ලැබිය හැකි යහපත අවම බව බුදුදහම පැහැදිලි කර දෙයි. මෙලොව යහපත්, අර්ථවත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු තුළ වෛරී සිතිවිලි පැවතිය යුතු නැත. ලෝභ. ද්වේෂ, මෝහ අකුසල් ඉවත් කර ගත යුතු ය . එවැනි ආකාරයේ සිතිවිලි සිතට නැගුණ සැණින් කුමන හේතුවක් නිසා එවැනි තත්වයට පත්වුණා ද? යන වග මැනවින් සිතිය යුතු ය.එවිට හේතුව වැටහෙනු ඇත. ධර්මය යනු එයයි. ධර්මය ඇත්තේ තමා තුළ ය. එක් කලෙක කොසොල් රට සැරිසරමින් සිටි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමඟම කාලාමයන්ගේ කේසපුත්ත නමැති විසල් නුවරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයකු තමාගේ නුවරට වැඩම කිරීම පිළිබඳව කාලාමවරු බොහෝ සතුටට පත්වූහ. බුදුරජාණන් වහන්සේට මහත් ගරුසරුව වැඳ නමස්කාර කළ කාලාමවරු බුදුරජාණන් වහන්සේ වට කොට බිම වාඩි වූ හ. ඒ අතර සිටි එක් කාලාමයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසී ය. “බුදුහාමුදුරුවනේ, අපේ ගම හරි විශාලයිනේ. ඒ නිසා මේ ගමට නොයෙක් මහණ බමුණන් පැමිණෙනවා. නමුත් ඒ හැම දෙනාම තමන්ගේ ධර්මය නිවැරැදි ලෙසත්, අන්‍ය ඒවා වැරැදි ලෙසත් පිළිගන්න යැයි අපට කියා දෙනවා. මෙසේ කියන නිසා ම හරි කවුද? වැරැදි කවුද? කියා අපට තේරුම් ගන්න බැහැ. ඇත්ත කියන්නේ කවුද? මුසා කියන්නේ කවුදැ’යි අප සිත තුළ පහළ වන ලෝභය ඔහුගේ යහපත පිණිස පවතිනවා ද? නැත්නම් අයහපත පිණිස පවතිනවාද?


පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]