පැරැණි සිංහල කලාකරුවා නිම කළ
ලෝකඩ ඇත්පහන
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
" අචල ජල විද්‍යාව අනුව ක්‍රියාත්මක වන මෙම ඇත්පහනට අයත් තෙල් ආධාරකය නිසාම මෙම
ඇත්පහන සිහල වාත්තු විද්‍යාත්මක කලා කරුවාගේ කලා ඤාණය පමණක් නොව ශිල්පීය විද්‍යා
ඤාණය ද මැනවින් ප්‍රකට කරයි."
දැදිගම කොටවෙහෙර පිහිටි පුරාවිද්‍යාස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පිහිටා ඇත.
කොළඹ ,මහනුවර මහාමාර්ගයේ සතළිස් වන සැතපුම් කණුව අසලින් හැරී නෙළුම්දෙණිය තුංතොට
රුවන්වැල්ල පාරේ සැතපුම් දෙකක් පමණ ගිය විට සුවිශේෂී පුරාවිද්‍යා ස්ථානය හමුවේ.
මෙම පුරාවිද්‍යා ස්ථානය වෙහෙරවත්ත යන නාමයෙන් ඒ ප්‍රදේශයේ ජනතාව අතරේ ප්‍රසිද්ධියට
පත්වී ඇත. මෙම වෙහෙර හෙවත් දාගැබ වැඳුම් පිදුම් කිරීම සඳහා සාදන ලද්දක් නොවේ.
පොළොන්නරුවේ රජ වූ මහ විජයබාහු රජතුමාට පසුව මේ රට යළි ඉතා සුවිශාල වූ සංවර්ධනයක්
සිදුකරමින් පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් ලංකාව පත් කළ (ක්‍රි.ව. 1153-86) මහා
පරාක්‍රමබාහු
රජතුමා උපත ලැබුවේ මෙම ස්ථානයේ ය. එම නිසා මෙම ස්මාරකය “සූතිඝර චේතිය”
යන නමින් ද හැඳින්වේ. තවත් ලෙසකින් සඳහන් කරතොත් මහාපරාක්‍රමබාහු රජතුමා උපන්
තිඹිරිගෙය (උපන් ස්ථානය) වට කර සාදන ලද මෙම දැදිගම කොට වෙහෙර නමින් ප්‍රකට වූ
ස්මාරකය ඒ අනුව බෞද්ධ පුදබිමක් නොවේ. මෙවැනිම ස්මාරකයක් දකුණු පළාතේ යුදඟනාවේ ඇත.
එය මහාපරාක්‍රමබාහු රජතුමාගේ මව්තුමිය වූ රත්නාවලී බිසව ආදාහනය කළ ස්ථානයේ ඉදි කළ
ස්මාරකයක් ලෙසින් සැලකේ. එය ද කොට වෙහෙරකි. කොටවෙහෙර නමින් ප්‍රකටව ඇත්තේ එම
දාගැබ්වලට කොතක් නැති නිසා ය.
ගඩොලින් සාදන ලද දැදිගම කොටවෙහෙර 1951 ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට පසුව
පුරාවිද්‍යා කොමසාරිස් තනතුර බැබළවූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින්
පුරාවිද්‍යා කැණීමක් කරන ලදී. ඒවන විට ගරා වැටී තිබූ කොටවෙහෙරේ තිබී ලෝකඩ ඇත් පහන්
දෙකක් හමු වී ඇත. එයින් එකක් කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ද ,අනෙක දැදිගම කොටවෙහෙර
ස්ථානයේ ද පිහිටුවන ලදී. පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ද තැන්පත් කර ඇත.
මෙම ඇත්පහන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. 1.ඇත්පහන 2.ඇත්පහනට අයිති දම්වැල.
මෙහි ඇති ඇත්පහන එල්ලීම සඳහා දම්වැලක් ද නිර්මාණය කර ඇත. ඇත් පහන කොටස් හතරකින්
යුක්ත ය. 1.තෙල්තැටිය 2.ඇතා 3.ඇතා පිට නැගි මිනිස් රූප දෙක 4.මකර තොරණ
මකර තොරණ හා එම මකර තොරණ දෙපසින් නැගී සිටින සිංහ රූප දෙකකි. එම සිංහ රූප දෙක මත
මකර තොරණ සාදා ඇත. මෙම මකර තොරණ යට ඇතා පිට නැගි ඇත්ගොව්වා සිටී. මකර තොරණේ
මුදුනින් දම්වැලක් සම්බන්ධ කර ඇත.
තෙල් තැටිය
මෙම මකර තොරණ සවිකර ඇත්තේ පහනෙහි ප්‍රධාන තෙල් තැටියට අමතරව ඇති තවත් තෙල් තැටියක්
මත ය. මෙම ඇතුළත තෙල් තැටිය මත ඇත් රූපය සවිකර තිබේ.
මෙම පහනෙහි ඇතාගේ ඉදිරි දකුණු පාදයේ යටිපතුලෙහි ඇති කුඩා කුහරය මගින් පහනට තෙල්
පිරවිය හැකි ය. එසේ පුරවන ලද තෙල් කුඩා නලයක් මගින් ඇතාගේ උදරයේ ගබඩා වෙයි. ඉන්
පසුව ඇතුළත හා පිටත ඇති තෙල් තැටිය මත ඇති වේදිකාවක් බඳු ස්ථානයෙහි ඇතා සවි කර ඇත.
පිටත තෙල් තැටියේ පහන් තිර දමා දැල් වූ විට දැල්වෙන ප්‍රමාණයට සරිලන තෙල් පහනට
බින්දු බින්දු ලෙසින් වැටෙනු ඇත. මෙසේ ඇතාගේ කුස තුළ ඇති තෙල් දැවී අවසන්වීමට බොහෝ
කාලයක් ගත වේ.
ඇත්පහන සම්බන්ධ කර ඇති දම්වැල ද ලෝකඩ ශිල්පීන්ගේ නිර්මාණාත්මක භාවය මැනවින් ප්‍රකට
කරවන නිර්මාණයක් ලෙසින් සඳහන් කළ යුතුව ඇත. එම දම්වැල කොටස් හයකින් යුක්ත ය.
1. පුරුක් සහිත දම් වැලෙහි ආරම්භක කොටස
2. පෙනය සහිත නාගයා
3. බෙර වාදකයා
4. ඇත්පහන එල්ලා තැබීම සඳහා වූ කොක්ක
5. තාලම් වාදකයා
6. නාටිකාංගනාව
මෙම ලෝකඩ ඇත් පහනෙහි ඇතා හොඬවැලෙන් උක් දණ්ඩක් දරා සිටී. එයින් ඇතාගේ හොඬවැල
ඉදිරිපස දෙපාවලට බද්ධකර ඇත. මේ නිසා ලෝකඩ පහන කිසිදු කැඩීමක් හෝ බිඳීමක් සිදු නොවේ.
අචල ජල විද්‍යාව අනුව ක්‍රියාත්මක වන මෙම ඇත්පහනට අයත් තෙල් ආධාරකය නිසාම මෙම
ඇත්පහන සිහල වාත්තු විද්‍යාත්මක කලා කරුවාගේ කලා ඤාණය පමණක් නොව ශිල්පීය විද්‍යා
ඤාණය ද මැනවින් ප්‍රකට කරයි.
(පැරැණි හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග දෙවැනි මුද්‍රණය පි. 152-155 සමුද්‍ර
පොත් ප්‍රකාශකයෝ -2017)
මෙම දැදිගම කොටවෙහෙර පුරාවිද්‍යා කැණීමෙන් පසුව මෙයින් තව බොහෝ පුරාවස්තු හමුවිය. ඒ
පිළිබඳ විශේෂ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස්
ගොඩකුඹුර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එය The
Kotavehera at Dedigama නම්
විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස 1669 දී එය ප්‍රකාශයට පත් විය.
මෑත භාගයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර සියයක් සපිරීම (1990 දී) වෙනුවෙන්
පැවැති සියවස් සමරුවේ දී වසර 25 වැඩිකාලය එම දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවකයින්ට සහ
නිලධාරින්ට මෙම ඇත්පහනේ අනුරුවක් ප්‍රදානය කිරීම ද සිදුවිය. ලෝකඩ පහනේ ආකෘතිය අනුව
සාදන ලද එම නිර්මාණය සැබැවින්ම ඉතා අගනා තිළිණයක් වූයේය.
මෙම ඇත්පහන් ස්තූපයේ ධාතු ගර්භයේ තැන්පත්කොට තිබී හමුවීම ද, මහා පරාක්‍රමබාහු රජු
උපත ලද ස්ථානය සොයා ගැනීම ද ඉතා වැදගත් ලෙසින් සඳහන් කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ ලෝකඩ මූර්ති කලා උරුමය – ප්‍රධාන සංස්කාරක – මහාචාර්ය ලීලානන්ද
පේ‍්‍රමතිලක – 1995) |