[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පස්වන සතිය: අජපාල නුගරුක මුල වැඩසිටි සේක

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

මිහින්තලය අපේ ඉතිහාසයේ මූලාරම්භය යි

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජා පින්කමේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් සහ පොසොන් උත්සව උත්සවාකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන්ට වුවමනා වූ බවත්, ඒ අනුව අදාළ ආයතන සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු සාර්ථකව සිදු කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා (16) මිහින්තලයේ දී පැවසී ය. රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශවලට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියාකරමින් සිටින බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ ඓතිහාසික, මිහින්තලා පුදබිමේ විදුලි ආලෝක පූජා පින්කම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මිහින්තලා විදුලි ආලෝක පුජාව මෙවර ද ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. මිහින්තලා විදුලි ආලෝක පූජාවට එක්වීමට පෙර වික්‍රමසිංහ මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ වන්දනා කළේ ය.

අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකයේ දී

උදකුක්ඛේප සීමා, බද්ධ සීමා යන දෙතැනින් ම මහා සංඝයාගේ අනුමැතිය පරිදි උපසම්පදා විනය කර්මයක් සිදු කළ හැකි ය. උදකුක්ඛේප සීමා යනු ජලාශයක් මැද දර්ශනීය මණ්ඩපයක් තනා ඒ තුළ සිදුකරනු ලබන උපසම්පදා විනය කර්මය යි. බද්ධ සීමාව නම් ගොඩ බිම පිහිටි විනය කර්මයකින් අනුමත කරන ලද සීමා මාලකයක සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය යි. ධර්ම විනයට අනුගතව පිහිටුවාගත් සීමා මාලකයක් නම් මේ දෙකින් කවර එකක උපසම්පදා කළ ද වරදක් නැත. ඉහත කී පරිදි උදකුක්ඛේප සීමා, බද්ධ සීමා යන දෙයාකාර සීමා බෞද්ධ රටවල පිහිටුවා තිබේ. දැනට වසර 119 පමණ සපුරා ඇති මේ භික්ෂු වංශයෙහි මෙවර පවත්වනු ලබන්නේ 42 වැනි උපසම්පදා මහෝත්සවය යි. සම්බුද්ධ ශාසනයේ ආයුෂය මේ විනය කර්මය බව සලකා ඉදිරියටත් මෙවන් උතුම් පුණ්‍ය කර්මයන් සිදු කොට සසුන රැකගැනීමට සියලු දෙනාම උත්සාහවන්ත විය යුතු ය. එසේම වාසනාවන්ත කුළ දරුවන් සසුනට පූජා කළ යුතු ය.

 

ධර්ම දේශනාව:

අධර්මය ධර්මයෙන් ජය ගැනීම

පොසොන් සඳ එළියත් සමඟ තුන්සිංහලය සිසාරා ගලාගිය සම්බුද්ධ සදහම් පණිවුඩය තුළ මුලින්ම දැක්වෙන්නේ පංච ශීලය යි. පංච ශීලයේ දී මුලටම ඇත්තේ “පාණාතිපාතා” ලෙස අප කියවන පරපණ නැසීමෙන් වැළකී සිටීමේ සිල්පදය යි. අද වැනි යුගයක අපේ රටේ කොයි කවුරුත් දිනපතාම පාහේ මෙනෙහි කළ යුතු සිල්පදය වන්නේ “පාණාති පාතා” සිල් පදය යි. සටන වෙනුවට සාමය ඇතිකිරීමෙන් හිතේ ඇතිවන සමාධිය ගැන සම්බුදු හිමියන් ධම්මපදයේ දී මනා ලෙස විවරණය කර තිබේ. සටනක දී මිනිසුන් මරා දමා ජයග්‍රහණය කළත් එය ජයග්‍රහණයක් නොවන බවත්, සැබෑ ජයග්‍රහණය වන්නේ තමා ජයගැනීම බවත් සම්බුදු හිමියන් පැහැදිලිව දක්වා ඇත. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නමුත් අවෛරයෙන් වෛරය නැතිකොට මෛත්‍රී චින්තනයෙන් සාමය ඇතිකර ගත හැකි ය. සියලුම දෙනා දඬුවමට ද, මරණයට ද බියවෙති. මේ යථාර්ථය තුළ පිහිටා ආත්ම දමනය ඇතිකරගෙන තමා විසින්ම තමා පාලනය කර ගැනීමෙන් මුළු මහත් මානව සමාජය තුළ සාමය ඇතිකර ගත හැකි ය. ලෝකයේ ඉතාමත් අසීරු දෙය වන්නේ තමා විසින් තමා දමනය කර ගැනීම ය.

 

ගිහි ගෙදරට දහම් වැටක් :

ධර්මය තිබිය යුත්තේ තමා තුළමය

අනාගතය පිළිබඳව සිහින මවාගෙන කටයුතු කිරීමෙන් පුද්ගලයාට ලැබිය හැකි යහපත අවම බව බුදුදහම පැහැදිලි කර දෙයි. මෙලොව යහපත්, අර්ථවත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු තුළ වෛරී සිතිවිලි පැවතිය යුතු නැත. ලෝභ. ද්වේෂ, මෝහ අකුසල් ඉවත් කර ගත යුතු ය . එවැනි ආකාරයේ සිතිවිලි සිතට නැගුණ සැණින් කුමන හේතුවක් නිසා එවැනි තත්වයට පත්වුණා ද? යන වග මැනවින් සිතිය යුතු ය.එවිට හේතුව වැටහෙනු ඇත. ධර්මය යනු එයයි. ධර්මය ඇත්තේ තමා තුළ ය. එක් කලෙක කොසොල් රට සැරිසරමින් සිටි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමඟම කාලාමයන්ගේ කේසපුත්ත නමැති විසල් නුවරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයකු තමාගේ නුවරට වැඩම කිරීම පිළිබඳව කාලාමවරු බොහෝ සතුටට පත්වූහ. බුදුරජාණන් වහන්සේට මහත් ගරුසරුව වැඳ නමස්කාර කළ කාලාමවරු බුදුරජාණන් වහන්සේ වට කොට බිම වාඩි වූ හ. ඒ අතර සිටි එක් කාලාමයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසී ය. “බුදුහාමුදුරුවනේ, අපේ ගම හරි විශාලයිනේ. ඒ නිසා මේ ගමට නොයෙක් මහණ බමුණන් පැමිණෙනවා. නමුත් ඒ හැම දෙනාම තමන්ගේ ධර්මය නිවැරැදි ලෙසත්, අන්‍ය ඒවා වැරැදි ලෙසත් පිළිගන්න යැයි අපට කියා දෙනවා. මෙසේ කියන නිසා ම හරි කවුද? වැරැදි කවුද? කියා අපට තේරුම් ගන්න බැහැ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]