ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජුනි 16 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මිහින්තලා පුදබිම ඡායාරූපය අමිල ප්‍රභාත් වනසිංහ
සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය
පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.
මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා
පසෙලාස්වක
ජූනි 16
අව අටවක
ජූනි 25
අමාවක
ජූලි 02
පුර අටවක
ජූලි 09
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී මෙම මස 15, 16, 17 යන තෙදින තුළදී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙනුයේ 57 වන වසරට යි. එහි සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැත් වීමට නියමිතය. මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි ප්‍රදානය දහසක් සිල් පිරිස වෙත සිදු කෙරේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ පාලන අධිකාරියේ පූර්ණ මෙහෙයවීමෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.
7 වන වසර:
අද වන් පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක ඓතිහාසික මිහින්තලා කඳු මුදුනින් ආරම්භ වී මෙරට සෑම දෙසටම ගලා ගිය ශාන්ති නායක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සදහම් ගංගාවෙන් සියලු සිත් සතන් නිවී පහන් විය. මෙරට දනන් අඳුරේ ගිලී සිටි මොහොතක දඹදිව් තලයේ සිට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් හෙළදිව් තලයම සදහම් ආලෝකයෙන් ඒකාලෝක විය. වසරේ දොළොස් පොහොයෙන් වෙසක් මහේ පුන් පොහොය ගෙවීයත්ම උදාවන පොසොන් මහේ පුන් පොහොය වෙසක් පොහොයට පමණක් දෙවන වන පොහොය යි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික දිනය පොසොන් පුර පසළොස්වක පෝදා ය. එදා පූජනීය මිහින්තලාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස සිහියට නැගෙත්ම අප අතීත මුතුන් මිත්තන් මිහින්තලා පුදබිම දැකබලා ගනිමින් වැඳ පුදා ගැනීමට පුරුදු වී සිටි අයුරු සිහියට නැගේ. පූජනීය සොළොස්මස්ථාන අතර ද එක් ඓතිහාසික මෙන්ම වන්දනීය ස්ථානයකි මිහින්තලා පුදබිම.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව දහ අට (18) වන වරටත් බෞද්ධාලෝක වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කළඅතර, එය අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය නිසා අවලංගු කරන්නට යෙදුණි. වර්තමානයේ දී අප රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් සම්මේලනය විසින් බෞද්ධාලෝක පොසොන් උදානය නමින් එළඹෙන පොසොන් පොහෝ දිනට පෙර දින සිට දින හතරක් (ජුනි මස 15 දින සිට ජුනි 18 දින දක්වා) පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.
ධර්ම දේශනාව:
සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ හායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්වා – න හනෙය්‍ය න ඝාතයේ
ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කරන්නට යෙදුනු මෙම ගාථා ධර්මය, බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ දණ්ඩ වග්ගයෙහි සඳහන් පළමු ගාථා ධර්මයයි. පින්වතුනි, මාතෘකා කරගත් ගාථා ධර්මයෙහි සරල අදහස වන්නේ “සියල්ලෝ ම දඬුවමට බිය වන බවත්, සියල්ලෝ ම මරණයට බියවන බවත් ය. එබැවින් තමන් උපමා කොටගෙන අන් අයට හිංසා පීඩා නොකරන්න. අන් අය ඝාතනය නොකරන්න” යනුවෙනි. මෙම අදහස් පිළිබඳ විමසීමේ දී ප්‍රධාන වශයෙන් දණ්ඩනයෙහි ආකාර දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. ශාරීරිකව සිදුකළ හැකි දණ්ඩනය හා මානසිකව සිදුකළ හැකි දණ්ඩනය යනු එම කොටස් දෙකයි. මෙම දණ්ඩනයන් දෙකෙහි ම ඵලය මරණයෙන් කෙළවර වීමට පවා බොහෝදුරට අවස්ථාව පවතිනවා. ශාරීරිකව සිදුකරන දණ්ඩනය ඒ අවස්ථාවේ දී වේදනාවක් ගෙන දුන්න ද, මානසිකව සිදුකරනු ලබන දණ්ඩනය ඉන් එහා ගිය තත්ත්වයක් ඇතිකිරීමට හේතුවක් විය හැකියි. එහි බරපතළකම වන්නේ කෙටිකාලීනව ලැබෙන වේදනාවට වඩා දීර්ඝකාලීන වශයෙන් මානසික දණ්ඩනයෙන් වේදනා විඳීමට සිදුවීමයි. ඇතැම්විට මුළු ජීවිත කාලයටම එම තත්ත්වය උදාවීමට හැකි ය.
පොසොන් පුන් පෝදා ලංකාවාසී අප සියලු දෙනාට ම ඉතාමත් ම වටිනා දිනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත්, දෙවනපෑතිස් රජතුමාට බුදුදහම දෙසා අවබෝධ කරවීමත්, ශ්‍රී ලංංකාවේ සම්මාසම්බුද්ධ ශාසනය පිහිටුවීමත්, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම හා දෙවනපෑතිස් රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කිරීමත්, භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කරවීමත් පොසොන් පුන් පොහෝ දා සිදු වූ නිසා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218 ක් ගතවනවිට බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ භික්ෂූන් විනය විරෝධීව කටයුතු කරන්නට වූ හෙයින් භික්ෂු ශාසනය පිරිසුදු කොට ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පිණිස ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ විසින් රටවල් නවයකට ධර්මදූතයාණන් වහන්සේලා පිටත්කර යවන ලදහ. ඒ වන විට ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව බුදුසමය හාත්පස පැතිරෙන්නට වූ නමුත් අනාගතයේ දී බුදු සමය දඹදිවින් තුරන්ව යන බව දිවැසින් දුටු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විශේෂයෙන් ම දඹදිවින් පිටත පිහිටා තිබුණු දුර බැහැර රාජ්‍යවලට මෙසේ ධර්ම දූත පිරිස් පිටත් කර යැවූ සේක. බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ ද ඒ අනුව ය.
නීලගිරි සර්වඥධාතු ප්‍රදර්ශනය මාවිත්තර දී
පොසොන් පෝදා පණිවුඩ
පෝදා පින්කම්
කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය - 2019
අධිසිල් ලබති
පොත් විත්ති
පිහිට පතයි
ඉතිරිය»
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය: නිවන්මග පහදන ඇත් අඩි උපමාව
ත්‍රිවිධ රත්නය හැර ගුණයක් ලොවේ කොතැනකවත් නෑ
ලෝකය අත්හළ තැන...
බාලපණ්ඩිත සූත්‍රය: බාලයා සහ පණ්ඩිතයා
ඇලීම හා බැඳීම පාලනය කරගැනීම පින්පිරි දිවියකට හිතකර ය
පේතවත්ථු විමානවත්ථු: භවයෙන් භවයට ගෙන යන කුසල අකුසල විපාක
දේවදූත සූත්‍රය: විස්මිත නුවණින් දැක වදහළ නිරයේ සැබෑ තත්ත්වය
ඒහි පස්සික 17: කරදර වලින් මිදෙන්න පන්සිල් රකින්න
අසමසම ගුණ මහිම: දානය සහ පි‍්‍රයවදන
ලක්දිව පොසොන් පොහොයේ අසිරිමත් සලකුණ
අනුබුදු මිහිඳු මාහිමි වැඩි පොසොන් පොහෝදා
මිස්සක පව්වෙන් පායා ආ පොසොන් සඳ
අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු
අනුවණ දන මෙලොව මත් වෙති යොවුන් මදයෙන්
මහින්දාගමනයයි සිංහල සභ්යත්වයයි
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 29: මිහිඳු මහ රහතන් වහන්සේ උපන් වේදිසගිරි පුදබිම
නිවන් සොයා යන අම්මාට මගේ පැවිදි දිවියෙන් හිමිවන කුසලයත් අත්වේවා - බ්‍රාහ්මණගම මුදිත හිමි
බෝසත් දරුවන්ට: හික්මීමට ශික්ෂා පද
සියවස සපිරෙන දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]