[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙරුවන් සරණයි
සුමන සමන් දෙවි පිහිටයි

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

ත්‍රිපිටකාභිවන්දන සතිය 16 – 23 දක්වා

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව 23 වන දා

වසර 2500කට අධික කාලයක සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා භික්ෂු පරම්පරාවේ නොමද දායකත්වය සහිතව සුරක්ෂිතව විදහා දක්වමින්, රාජ්‍ය අනුග්‍රහයෙන් රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට දායාද කිරීමේ අරමුණින්, මහා සංඝරත්නයේ උපදෙසින් හා මඟ පෙන්වීමෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පසුගිය දා (2019.01.05 ) ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම බෞද්ධයා ලද සුවිශේෂී භාග්‍යයකි. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස මහා සංඝරත්නයේ අනුශාසනාවෙන්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවට හිමි ප්‍රමුඛස්ථානයේ වගකීම මතකයට නංවමින් ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව පසුගියදා (2019.01.13 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලැබී ඇත.


උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයේ සිට...

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ අප මහා බෝසතාණන් වහන්සේ දඹදිව නේරංජනා නදිය අසබඩ ගයාවේ ඇසතු බෝමැඬ දී උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී වසර හතළිස් පහක් මුළුල්ලේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ බව අප සියලු දෙනාම දන්නවා. ඒ සියලුම ධර්මය නවාංග ශාස්තෘ ශාසනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නෙ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන , ඉතිවුත්තක,ජාතක,අබ්භූතධම්ම හා වේදල්ලයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයත් සමඟම මහලුකල පැවිදි වූ ඛුඩ්ඪපබ්බජිතයෙකු වූ සුභද්‍ර නම් භික්ෂුව මහා අභද්‍ර වචනයක් ප්‍රකාශ කළා. එනම් ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුනෙමු. අපට “මෙය කළ යුතු යැයි” “මෙය නොකළ යුතු යැයි” පැනවීමට දැන් කෙනෙක් නෑ. ඒ නිසා “අපි කැමති දෙයක් කරමු.

 

ධර්ම දේශනාව:

අකාලික වූ ශ්‍රී සද්ධර්මය


බහුම්පි චේ සහිතං භාසමානෝ
නතක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති
(ධම්මපදය – යමක වග්ගය)

තථාගතයන් වහන්සේගේ මෙම උතුම් ඉගැන්වීම සර්වකාලීනව වැදගත් වන ඉගැන්වීමකි. සිව්වනක් පිරිසෙහි ප්‍රමුඛයන් වූ ශ්‍රමණයන් වහන්සේලා ඉලක්ක කොට මෙම දේශනා සිදු කොට තිබේ. එහෙත් මෙය සෙසු පිරිස්වලට අදාළ නොවන්නක් බව ඉන් අදහස් නො කෙරේ. අකාලික වූ සද්ධර්මය අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් එකසේ ප්‍රත්‍යක්ෂ වන්නකි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් සිදු කිරීමේ දී ශ්‍රාවකයන්ට ඉතා පහසුවෙන් තේරුම් ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කොට ඇත. උපමා උපමේය භාවිතය එහිදී ප්‍රමුඛතම උපාය මාර්ගයක් ලෙස යොදා ගෙන ඇති අයුරු දක්නට ලැබේ. ත්‍රිපිටක ධර්මය තුළ දක්නට ලැබෙන එම උපමා බොහෝමයක් ශ්‍රාවකයාට නුහුරු නුපුරුදු ඒවා නොවේ.

 

සිරිපා වන්දනාව

අධ්‍යාත්මික සුවය සඳහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය පිහිටි ශ්‍රී පාදස්ථානය වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්, සැදැහැවතුන් ඉමහත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මහත් ඇපවීමෙන්, කැපවීමෙන්, පේවීමෙන් සමනලගිර සුමන සමන් දෙවිඳුගේ ආශීර්වාදයෙන් කරුණා කරයි. ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජමහා විහාරය යන විහාර ගණයේ අධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික, සාමාජික නිහඬ මෙහෙවරක නිරත යතිවරයන් වහන්සේ නමක් වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]