UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

උතුම් ධර්ම දානය

ලොව උතුම් ධර්ම දානය අගතැන්ගන් නේ
ධර්මය පිළිබඳව එවිටයි වැටහෙන් නේ
තිසරණ සරණ ලැබුවොත්නම් සැනසෙන් නේ
ධර්මය දෙන අය දෙලොවම ජය ගන් නේ

අවිහිංසා හඬ හැම තැන ඇති වේවා
වෛරය මාන්නය දින දින අඩු වේවා
ධර්ම දාන දෙන අය තව වැඩි වේවා
බුදුසරණ ලැබ දුක් කරදර නැති වේවා

****

පන්සිල් රකිමු

පන්සල බෝ මළුව වෙත පැමිණ බැති සිතින්
සන්සුන් සිත් ඇතිව සැරැසිලා සුදු වතින්
දන් සිල් භාවනාවල යෙදී හද වතින්
පින්බර දිවිය සරසමු වතින් පිළි වෙතින්

අන් දිවි නොගලවමු සව් සතට මෙත් සිතින්
දුන් දේ මිසක් නොගනිමු යමක් සොර සිතින්
වෙන් වෙමු වැරැදි පහසින් මුසාවෙන් මතින්
පන්සිල් රකිමු සපිරෙමු වතින් පිළි වෙතින්

****

දහම් පද

රාගය ගිනි හුලකි සත සිත දවාලන
මෝහය මිරිඟුවකි එහි ඇත්තක් ද නැත
දොසෙන් බැඳි සිතක කරුණා ගුණය නැත
මෙය දුරු කළොත් ඒ සිත මත නිවන ඇත

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]