කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ශිෂ්‍යාධාර ප්‍රදානය 1 වන දා
කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන “සාමණේර නියාමක
ව්‍යාපෘතිය” යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වලින් තෝරාගත් සාමණේර හිමිවරුන්
වෙත, 2019 වසර සඳහා පොත් පූජා කිරීමේ උත්සවය සහ “ප්‍රාචීන අධ්‍යාපනාභිවෘද්ධි
ව්‍යාපෘතිය” යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කළුතර උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ
සභාපති ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම
හිමියන්ගේ සහභාගීත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී දෙසැම්බර් මස 01 සෙනසුරාදා පස්වරු
2.00 ට පැවැත්වේ.
ඉතිරිය»
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ
ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා
පන්ති – 2019
කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම
සවස්වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන සිංහල මාධ්‍ය පන්ති සඳහා
2019 වර්ෂයට සිසුන් බඳවා ගනු ලැබේ. (වයස් සීමාවක් නොමැත) වැඩි විස්තර සඳහා පහත
සඳහන් දුරකථනයෙන් අමතන්නැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉල්ලීමක් කෙරේ.
දුරකථන අංකය – 0112695786
ඉතිරිය» ධර්ම දේශනාව: අවිද්‍යාව නිසා විනාශවන සාරධර්ම
සකල සත්වයන්ගේ සසර පැවැත්ම හා නොපැවැත්ම සිදුවන්නේ සත්වයාගේ ම ක්‍රියාකාරිත්වය නිසා
බවත්, එය බාහිර බලයකින් සිදුනොවන බවත් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක.
සත්වයෙකුගේ හා එම ජීවන හේතු ධර්මයන්ගේ ආරම්භය හා අවසානය කිසිම කෙනෙකුට කිව නොහැකි
වුව ද, අවිද්‍යාදී හේතුධර්මයන් නැතිකිරීමෙන් ලබන උතුම් නිවන් සම්පත් ලබාගැනීමේ
මාර්ගය බුදු,පසේබුදු, මහරහතන් වහන්සේලා දේශනා කරති.
අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කෝටි නපඤ්ඤායති
අගක්, මුලක් නොපෙනෙන, සසර සැරිසරන සත්වයාගේ අවිද්‍යාව හා තණ්හාව නිසා ජාති, ජරා,
මරණාදී අනන්ත දුක්දොම්නස් වේදනා කෙළවරක් නැත.
ඉතිරිය»
පැරැණි රජ දවස කෙත්වතු පිදූ සැටි
කෙත්වතු සඟ සතු කොට පිදීම හෙවත් සම්බුද්ධ ශාසනයේ යහ පැවැත්ම පිණිස ගොඩමඩ ඉඩ කඩම්
පූජා කිරීම ඈත අතීතයේ සිට ම බෞද්ධයන් විසින් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා දුර දක්නා
නුවණින් ද යුතු ව සිදු කරන ලද බවට අපේ මූලාශ්‍රය සාක්ෂි දරයි.
රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් මෙන් ම ප්‍රභූවරුන් හා සාමාන්‍ය මහජනයා විසින් ද මෙම
උතුම් පින්කම සිදු කරන ලද අවස්ථා අපමණවත් දඹදිව මෙන් ම ලක්දිව ද ශාසන ඉතිහාසයෙන්
සොයා ගත හැකි ය.
බුද්ධත්වයෙන් සත් මසෙක ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙන් නික්ම
රජගහනුවරට නුදුරෙහි වු තල් වනයට වැඩම කළ බවත්, එහි පැමිණි පිරිවර සහිත බිම්සර රජු
උන්වහන්සේ හමුවීමෙන් අනතුරුව ප්‍රසාදයට පත්ව රජගහ නුවරට වැඩමවා දන් පැන් පූජාකොට
ස්වකීය රාජකීය උද්‍යානය වූ වේළුවනය පූජාකළ බවත් සඳහන් වෙයි. ඒ වනාහි සාසන ඉතිහාසයේ
හමුවන ප්‍රථම කෙත්වතු පූජාව ය. “මගධෙශ්වර වූ සේනා ඇති ඒ බිම්සර රජු හට අපගේ මේ
වේළුවන උයන ගමට නොදුරෙහි ය. නොලංහි ය. ගමනාගමනය ද පහසු ය. වුවමනා මිනිසුන්ට
පහසුවෙන් යා හැකි ය. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රිය නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනාවාස
නැත. රහසිගත හමුවීම්වලට ද සුදුසු ය. කාය විවේකයට යෝග්‍ය ය. ඒ වේළුවන උයන බුද්ධ
ප්‍රමුඛ භික්ෂු සංඝයාට පුදන්නේ නම් යෙහෙකැ’ යි සිත් විය. රජතෙමේ ඒ බව බුදුරදුන්ට
සැළ කළේ ය.
ඉතිරිය»
|