|
පැරැණි රජ දවස කෙත්වතු පිදූ සැටි
කෙත්වතු සඟ සතු කොට පිදීම හෙවත් සම්බුද්ධ ශාසනයේ යහ පැවැත්ම පිණිස ගොඩමඩ ඉඩ කඩම්
පූජා කිරීම ඈත අතීතයේ සිට ම බෞද්ධයන් විසින් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා දුර දක්නා
නුවණින් ද යුතු ව සිදු කරන ලද බවට අපේ මූලාශ්‍රය සාක්ෂි දරයි.
රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් මෙන් ම ප්‍රභූවරුන් හා සාමාන්‍ය මහජනයා විසින් ද මෙම
උතුම් පින්කම සිදු කරන ලද අවස්ථා අපමණවත් දඹදිව මෙන් ම ලක්දිව ද ශාසන ඉතිහාසයෙන්
සොයා ගත හැකි ය.
බුද්ධත්වයෙන් සත් මසෙක ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙන් නික්ම
රජගහනුවරට නුදුරෙහි වු තල් වනයට වැඩම කළ බවත්, එහි පැමිණි පිරිවර සහිත බිම්සර රජු
උන්වහන්සේ හමුවීමෙන් අනතුරුව ප්‍රසාදයට පත්ව රජගහ නුවරට වැඩමවා දන් පැන් පූජාකොට
ස්වකීය රාජකීය උද්‍යානය වූ වේළුවනය පූජාකළ බවත් සඳහන් වෙයි. ඒ වනාහි සාසන ඉතිහාසයේ
හමුවන ප්‍රථම කෙත්වතු පූජාව ය. “මගධෙශ්වර වූ සේනා ඇති ඒ බිම්සර රජු හට අපගේ මේ
වේළුවන උයන ගමට නොදුරෙහි ය. නොලංහි ය. ගමනාගමනය ද පහසු ය. වුවමනා මිනිසුන්ට
පහසුවෙන් යා හැකි ය. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රිය නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනාවාස
නැත. රහසිගත හමුවීම්වලට ද සුදුසු ය. කාය විවේකයට යෝග්‍ය ය. ඒ වේළුවන උයන බුද්ධ
ප්‍රමුඛ භික්ෂු සංඝයාට පුදන්නේ නම් යෙහෙකැ’ යි සිත් විය. රජතෙමේ ඒ බව බුදුරදුන්ට
සැළ කළේ ය. පැන් වත්කොට පුදන ලද එම භූමිය පිළිගත් බුදුරජාණන් වහන්සේ රජුට දහම් දෙසා
සිත් පහදවා සතුටු කොට භික්ෂූන් ඇමතූහ.
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30
වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30
වන දා සිකුරාදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා
|
|
|
|
|
|
|