මානව හිතවාදී සමාජයකට
දම්පල්
චින්තනයෙන් . . .
ජාතික පනතින්...
*
ගමේ ගොවි රාළගෙන් තරම් ඇතැම් මන්ත්‍රී කෙනෙකුගෙන් රටට, ජාතියට ප්‍රයෝජනයක් නැති බව
කරුණු සහිතව අවබෝධ කරනු
*
ධර්මයට අවනත වූ සංඝයාට කීකරු වෙනු
*
ශ්‍රමණ ප්‍රති රූපකයන් හැඳින ඔවුන්ගෙන් ඈත් වනු
*
ගුණයෙන්, ශීලයෙන් හා ඥානයෙන් යුතු බෞද්ධ භික්ෂූන්ගේ ආශ්‍රයෙන් බාල පරම්පරාව ඇති
දැඩි කරනු
*
‘ආණ්ඩුවේ රක්ෂාවක් ලබා ගැනීම මහ ලොකු වැඩකි’ යන පහත් හැඟීම අත් හරිනු
*
පටු කල්පනාකාර සමහර පත්‍ර කර්තෘන්ගේ වවුල් මත විශ්වාස කොට මුළා නොවෙනු
*
නිතරම සාවද්‍ය ප්‍රවෘත්ති පළ කරන ව්‍යාජ පත්‍ර කරුවන්ගෙන් පරෙස්සම් වෙනු
*
සුදුස්සා නුසුදුස්සා කොටත්, නුසුදුස්සා සුදුස්සා කොටත්, සත් පුරුෂයා අසත් පුරුෂයා
කොටත්, අසත් පුරුෂයා සත් පුරුෂයා කොටත්, ඥානවන්තයා අඥානයා කොටත්, අඥානයා ඥානවන්තයා
කොටත්, බඩ වියත නිසා පක්ෂ භජනයෙන් ලියන , කියන, පත්‍ර කර්තෘවරුන් දැන හැදින සිටිනු.
*
අතීතය සිහි කොට, අනාගතය අමතක කොට වර්තමානයෙහි සතුටු වන්නා හෝ දුක් වන්නා ද අඥානයකු
බව දනු
*
අවුරුදු සිය දහස් ගණනකට පෙර ජීවත් වූවන් මෙන් වර්තමානයෙහි ද ජීවත් වන්නට, කල දවස
යවන්නට නො සිතනු
*
වර්තමානයට වඩා අනාගතය වෙනස් වන බව සිතනු
*
තමා උපන් රට, ජාතිය වෙනුවෙන් ලේ - කඳුළු හෙළන්න ලැබීම මේ ජීවිතයාගේ ප්‍රයෝජනය සේ
සලකනු
*
ශාසනයාගේ ජාතියේ දියුණුව සඳහා කරන ආත්ම පරිත්‍යාගය රාජාභිෂේකය සේ සිතනු
*
ජාතික, ආගමික අදහස් බාල පරම්පරාව වෙත දීම ගුරු දෙගුරු දෙපක්ෂයේ යුතුකම් බව සලකනු
*
මව්පියන්ගේ දුර්වල ගති , නරක හැසිරීම්, නරක ඉරියව් ඇත් නම් ස්වකීය දූ දරුවන්ට
ප්‍රකට නො කරනු
*
ස්වකීය දූ දරුවන් පහත් කොට ඔවුන්ට නින්දා පරිභව නො කරනු |