දස පින් කිරියවත්
කරයි භවයම සුවපත්
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, ඉවසීම නැති තැන ප්‍රාණඝාතාදී අකුසල පවා සිදුවිය හැකි බව කීවා මතකයි
නේද? ප්‍රාණඝාතාදී අකුසල් නිසා අකුසල විපාක ලැබෙනවා. අකුසල විපාක ලැබෙන විට අනන්ත
දුක් විඳින්න සිදු වෙනවා.
අම්මා, තාත්තා කියන දෙයකට ඉවසුම් නැති වුණොත්, එකට එක කිවහොත්. අතින් පයින්
ගැහුවොත් විපාකය අතිශයින් ම දරුණුයි. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ කොහොම ද? කුසල් දහම්
කිරීමෙන්. හොඳින් පින් කරනවා කියන්නේ හොඳින් කුසල් දහම් වඩනවා කියන එකයි. කුසල්
දහම්වලට පින්කම් කියලත් කියනවා. පින්කම් ගැන අපේ දරුවෝ බොහෝ දේ දන්නවා. විශේෂයෙන් ම
කළ යුතු පින්කම් දහයක් තිබෙනවා. ඒවාට කියනවා දස පුණ්‍යක්‍රියා වස්තු කියලා. අපි ඒ
ගැන විස්තර සහිත ව දැන ගනිමු.
දස පින් කිරියවත් කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන්ටම තමයි. මේවාට දස පුණ්‍යක්‍රියා
වස්තු කියලා කියන්නේ ආනිශංස ලැබීමට හේතුවන නිසයි.
දානං සීලංච භාවනා
පත්ති පත්තානු මොදනා
ව්‍යෙයාවච්චාපචායන්ච
දේශනා සුති දිට්ඨිජු
දානය, ශීලය, භාවනාව,පින්දීම, අනුමෝදන් වීම, බණ ඇසීම, දෘෂ්ඨිය ඍජු කරගැනීම කියන
කරුණු දහය මතක තබා ගන්න, මේ ගාථාව හොඳින් කටපාඩම් කරගන්න ඕනෑ. ‘සද්ධම්මෝපායන’ නම්
ග්‍රන්ථය රචනා කළ අභයගිරි නිකායික ආනන්ද හාමුදුරුවෝ පින්කම් දොළහක් ගැන දක්වා
තිබෙනවා.
දානං සීලංච භාවනා
පත්ති පත්තානුමෝදනා
දේසනා සවණං පූජා
ව්‍යෙයා වච්චං පසංසනා
සවනං අනුස්ස තී චේව
පුඤ්ඤ වත්තුනිබාරස
දානය, ශීලය. භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, බණ දෙසීම, බණ ඇසීම, පිදිය යුත්තන්
පිදීම වතාවත් කිරීම, පින් කරන අයගේ ගුණ වැනීම. තෙරුවන් සරණ යෑම, බුදු ගුණ සිහි
කිරීම යන එම කරුණු දොළහ ගැනත් පින්කම් හැටියට මතක තියා ගන්න ඕනෑ. මේ කවි කටපාඩම්
කළොත් එය වඩාත් පහසු වේවි.
දන්සිල් භාවනා
පින් දෙනු අනුමෝදනා
බණසනු දේශනා
පිදිය යුත්තන් පුදනු සමනා
කරනු ද වතාවත්
පින්කරු ගුණ වැනීමත්
සරණ සිහි වීමත්
කළොත් පින් දැන කරව යාපත්
දන්නවා ද? මේ කවි රචනා කළේ කවුද කියලා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ
විසින් රචිත කාව්‍යශේඛරයේ මේ කවි ඇතුළත් වෙනවා.
දරුවනේ, දැන් අපි මේ පින් කිරියවත් ගැන එකින් එක විස්තර දැන ගනිමු
‘දීයති එතේ නාති දානං’
මේ කියන නිර්වචනයට අනුව හිතට එන සිතිවිල්ලක් හේතුවෙන් පූජනීය වස්තුවක් දන් දෙනවා ද,
ඒ පරිත්‍යාග චේතනාවට තම යි දරුවනේ දානය කියලා කියන්නේ. ටිකක් ගැඹුරින් කියනවා නම්,
ආහාරපාන. වස්තුව දීමට පෙරත් (පූර්වයේ) ලෝභය අත්හැර, දෙන මොහොතේ ද (මුඤ්චන) ලෝභය
අත්හැර, දන් දී අවසානයේ දී ත් (අපර චේතනා) ලෝභය නැතිව සතුටු සිතින් කටයුතු කරනවා
නම්, ඒ දෙන දෙයට දානය යැයි කියනවා. ඒ වගේ ම කර්ම. කර්මඵල පිළිබඳ ව නුවණින්,
පරිත්‍යාග චේතනාවෙන් දෙන දෙයට දානය යැයි කියනවා.
‘අන්නාදි දාන වත්ථුනං
චාගො සුබුද්ධි පුබ්බකො
යෝ තං දානංති දීපෙන්ති
බුද්ධා දානග්ග දායිනො”
දන් දුන් දෙය ඉදිරී
පලදෙයි නැණින් පෙරදැරි
දුන් දන් එනු ද හැරී
ජවන් සිත වේ මෙකී රඟසරී
දරුවනේ, දානයේ ආනිශංස බොහෝ තිබෙනවා. දෙවි මිනිසුන් අතර සැප ලබා ගන්නට. පියකරු ශරීර
වර්ණයක් ලබාගන්නට මිහිරි කටහඬක්, පි‍්‍රයමනාප රූපයක් ලබන්නට, සෑම අවස්ථාවක ම
ප්‍රධානත්වය ගන්නට, බොහෝ පිරිවර ලබන්නට, රාජ සම්පත් , දිව්‍ය ,බ්‍රහ්ම සම්පත්
ලබන්නට, කල්‍යාණ මිත්‍රයන් ලබන්නට දානය හේතු වෙනවා. ඒ විතරක් නොවෙයි. හොඳින් ගුණ
නුවණ ඇති කරගත හොත් ත්‍රිවිද්‍යා, අෂ්ට සමාපත්ති, ඒ වගේ ම උතුම් නිර්වාණය
ලබාගන්නත්, හේතුවෙන්නේ දානයේ ආනිශංසය තමයි. දරුවනේ. දන්දීම කියන්නේ ගරු නම්බුනාම
ලැබෙන දෙයක්. දන් දීම කියන්නේ අන් අයට කරන ශාන්ති කර්මයක්. දිව්‍ය ලෝකයට යන්නට
ඉණිමඟක් .නිවන් අවබෝධ කරගන්නට හේතුවක්. පුංචි ඔබත් දානාදී කුසල් වඩන්නට කුඩා කල
සිටම හුරු පුරුදු වෙන්නට ඕනෑ.
රමණි සුබසිංහ |