UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරගම ශ්‍රී විපශ්‍යාරාමයේ ඇසළ මහා පෙරහර 22 දා

 

මහරගම විපශ්‍යාරාම විහාරස්ථානය පිහිටුවා මෙම වර්ෂයට වසර 200 ක් සම්පූර්ණ වේ. මෙම පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 42 වැනි වරටය. මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපතිව වැඩ සිට 2014 අපවත් වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය හෙබවූ ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි අනු නාහිමියන් මෙම පෙරහර මංගල්‍යයේ නිර්මාතෘවරයාණෝ වන්නාහ. 1976 වර්ෂයේ මල් පෙරහරක් වශයෙන් මුලින්ම ආරම්භ කරන ලදී. මෙවර ශ්‍රී විපශ්‍යාරාමයේ ඇසළ මහා පුණ්‍යෙීත්සවය ආරම්භ වූයේ, ඉකුත් මස 31 වැනි දින කප් සිටුවීමෙනි. එදින සිට සැප්තැම්බර් මස 21 වැනි දින තෙක් දිනපතා අටවිසි බෝධි පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ජීවන ගමනට මග වියදම්

උපනීයති ජිවිතමප්පමායු
ජරූපනීතස්ස නාසන්ති තාණා
ඒතං භයං මරණේ පෙක්ඛාමනෝ
පුඤ්ඤාති කයිරාථ සුඛාවහානි

යෝධ කායේන සඤ්ඤමෝ
වාවාය උදචේතසා
කං තස්ස පේතස්ස සුඛායභෝති
යංජීවමානෝප කරෝති පුඤ්ඤංති

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන කල වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. කුඩා කල පටන් සැපසේ ජීවිත ගත කළ මෙම බමුණන් දෙදෙනා ම පස්කම් සැප විඳිමින් පිනක් දහමක් නොකර සිට තමන්ගේ ගෙදර දොර ඉඩකඩම් දූ දරුවන්ට පැවරූහ. ජීවිතය අවසානයේ දූ දරුවන් ඇප උපස්ථාන කරාවි යන කල්පනාවෙන් එසේ පැවරූ නමුත් වයස් ගතව ඉතා ම දුබලව ජරාවට පත් වූ පසු දූ දරුවන් විසින් තම තමන්ගේ නිවෙස්වලින් පිටමං කරනු ලැබී ය. මහමඟට වන් බමුණන් දෙදෙනාට කිසිම පිහිටක් නොමැතිව අතරමං වන්නට සිදුවිය. මෙසේ අතරමං වූ මෙම මහලු බමුණෝ වෙව්ලන ගතින්, සැලෙන සිතින් තැවී හවුහරණක් සොයා බුදුරදුන් සමීපයට ගොස් සියලු තොරතුරු දන්වා පිහිටක් ඉල්ලූහ. එම අවස්ථාවේ අප බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාට මතු ජීවිතයේ සුව සඳහා මෙම උපදේශනාත්මක ධර්මය දේශනා කළහ.

ඉතිරිය»

 

ධර්මපාල චින්තනයෙන් ධර්මපාල පරපුරක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවකි

 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වූ කලි 19 වන සියවසේ අග භාගයේත්, 20 වන සියවසේ මුල් භාගයේත් ලක්දිව ඇති වූ බෞද්ධ පුනරුදයට අසහාය පහන් ටැඹක් වූ අද්විතීය යුග පුරුෂයෙකු යැයි නො පැකිල ව හැඳින්විය හැකි ධර්ම වීරයාණ කෙනෙකි. මීට වසර 85 කට පෙර ලංකා මාතාවගෙන් සමුගත් මේ ශ්‍රේෂ්ඨ වීරයාණන් ගේ 154 වන උපත් සමරුව යෙදෙන මෙ කල ලක්වැසියන් විසින් තම කෘතවේදිත්වය දැක්විය යුතු වන්නේ එතුමන් ජාතිය සතු කළ විශිෂ්ට චින්තාවලියට නව පණ දීමෙන් මිස අන් දෙයකින් නොවේ. 1864 සැප්තැම්බර් මස 17 වන දින කොළඹ දී, අගනුවර ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු ව සිටි දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාට දාව, ඉතා සැදැහැවත් කුල කාන්තාවක වූ මල්ලිකා හේවාවිතාරණ මහාත්මනිය ගේ කුසින් මෙලොව එළිය දුටු පින්වත් පුත් රුවනට එවක පැවැති ආගමික හා සමාජීය පසුබිම අනුව නම් තැබුණේ ‘දොන් ඩේවිඩ්’ යනුවෙනි. ඒ වන විට පැවැති ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය අනුව මූලික පාසල් ඉගැනීම ලැබුව ද මවුපියන් ගේ දූරදර්ශී මඟ පෙන්වීමත්, නිවෙස තුළ පැවැති බෞද්ධ වත් පිළිවෙත් පණ ගැන්වුණු පරිසරයත් හේතු කොටගෙන ළමා කල පටන් එතුමාට බුද්ධ ධර්මයේ අගය වැටැහෙන්නට පටන් ගති.

ඉතිරිය»

රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ශාක්‍ය කෝලිය දෙපිරිස සංසිඳුවීම

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]