UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ජීවන ගමනට මග වියදම්

උපනීයති ජිවිතමප්පමායු
ජරූපනීතස්ස නාසන්ති තාණා
ඒතං භයං මරණේ පෙක්ඛාමනෝ
පුඤ්ඤාති කයිරාථ සුඛාවහානි

යෝධ කායේන සඤ්ඤමෝ
වාවාය උදචේතසා
කං තස්ස පේතස්ස සුඛායභෝති
යංජීවමානෝප කරෝති පුඤ්ඤංති

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන කල වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. කුඩා කල පටන් සැපසේ ජීවිත ගත කළ මෙම බමුණන් දෙදෙනා ම පස්කම් සැප විඳිමින් පිනක් දහමක් නොකර සිට තමන්ගේ ගෙදර දොර ඉඩකඩම් දූ දරුවන්ට පැවරූහ. ජීවිතය අවසානයේ දූ දරුවන් ඇප උපස්ථාන කරාවි යන කල්පනාවෙන් එසේ පැවරූ නමුත් වයස් ගතව ඉතා ම දුබලව ජරාවට පත් වූ පසු දූ දරුවන් විසින් තම තමන්ගේ නිවෙස්වලින් පිටමං කරනු ලැබී ය. මහමඟට වන් බමුණන් දෙදෙනාට කිසිම පිහිටක් නොමැතිව අතරමං වන්නට සිදුවිය. මෙසේ අතරමං වූ මෙම මහලු බමුණෝ වෙව්ලන ගතින්, සැලෙන සිතින් තැවී හවුහරණක් සොයා බුදුරදුන් සමීපයට ගොස් සියලු තොරතුරු දන්වා පිහිටක් ඉල්ලූහ. එම අවස්ථාවේ අප බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාට මතු ජීවිතයේ සුව සඳහා මෙම උපදේශනාත්මක ධර්මය දේශනා කළහ.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]