|
අධි පොසොන් පොහොය
අධි පොසොන් පොහොය මෙවර යෙදී ඇත්තේ මේ වෙසක් මාසයේ ම ය. එනම් මැයි 29 දාට ය. එබැවින්
අප්‍රේල් 29 සිට මෙම 29 දක්වා වෙසක් මාසය ම වශයෙන් සැලකීමට ඇතැම් දෙනා කටයුතු
කිරීමට යොදා ඇති බව පෙනේ. එය උතුම් කරුණකි.
ඒ අනුව අප්‍රේල් 29 දාට යෙදුණු වෙසක් පොහොය ආමිස පූජාවට යොමු කළ බව ඇතැම් විට දක්නට
ලැබුණි. දාන, සීල, භාවනාමය පින්කම් ප්‍රතිපත්තිමය වශයෙන් එදින ගත කළ බව සඳහන් කළ
යුතු ය.
මෙම මැයි 29 දිනට යෙදෙන අධි පොසොන් පොහොය වෙසක් මාසයට ම යෙදුණු බැවින් වෙසක් පොහොය
වශයෙන් සැලකීම නිවැරැදි බව කිවයුතු ව ඇත.
1883 ද අප්‍රේල් මාසයේ අග වෙසක් පොහොය ද මැයි මාසයේ අග අධි පොසොන් පොහොය යෙදීම නිසා
එදා වැඩ සිටි ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගේ සහ බෞද්ධ පඬිවරුන්ගේ ද උපදෙස් ඊට ලැබී
ඇත. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි, වැලිගම ශ්‍රී
සුමංගල නා හිමි වැනි එදා වැඩ සිටි පණ්ඩිත නා හිමිපාණන් වහන්සේලාගේ සහ බටුවන්තුඩාවේ
පඬිතුමා, ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක
මැතිතුමා ආදී පඬිවරුන්ගේ උපදෙස් පරිදි අප්‍රේල් අගට යෙදුණු පොහොය දිනය වෙසක් පොහොය
වශයෙන් නක්ෂත්‍රයට අනුව ද යෙදී පැවැති බැවින් එය ද වෙනස් නොකොට එම පොහොය
ප්‍රතිපත්ති පූජාමය කටයුතුවලට යොදවා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ. මැයි මාසයේ අගට
යෙදෙන අධි පොසොන් පොහොය ආමිස පූජාවන්ට යොදා ගැනීමට එදා උපදෙස් ලැබී ඇත.
ඉතිරිය»
|
|
අධි පොසොන් පුර පසළොස්වක පෝය
අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29
වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන
දා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|