UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මතභේද මූලාශ්‍රවල දක්නට ලැබේ.

මෙම සංගායනාවෙහි ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර

සංගීතියෙහි දී විනය ශාසනයාගේ ආයු බැවින් බුදුරජාණන් වහන්සේ විසින් විනයධාරීන්ගෙන් අග්‍ර ස්ථානයෙහි තැබූ උපාලි මහා ස්ථවිරයන්, සංඝස්ථවිර වශයෙන් විනය සංගායනාව පළමුව කළහ. දෙවනුව ආනන්ද මහා ස්ථවිරයන් සංඝ ස්ථවිර කොට ධර්මය සංගායනා කළහ. තවද මෙහිදී විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම නිකාය වශයෙන් පසකට බෙදා සංග්‍රහ කරන ලදුව එනම්,

1. දීඝ නිකාය, 2. මජ්ක්‍ධිම නිකාය 3. සංයුක්ත නිකාය 4. අංගුත්තර නිකාය, 5. ඛුද්දක නිකාය යනුවෙනි. පසුව විනය, අභිධර්ම පිටක නමින් වෙන් වූ ධර්මය ද ඛුද්දක නිකායටම ඇතුළත් වූ බව ‘චත්තා රොනිකායො ඨපෙත්වා අවසේසං බුද්ධවචනං ඛුද්දක නිකායො නාම (සමන්ත පාසාදිකා) යන්නෙන් පෙනේ. බුද්ධ වචනය පරපුරෙන් පරපුරට අවිච්ඡින්නව ගෙන යාම සඳහා විනය උපාලි ස්ථවිරයන්ට ද, දීඝ නිකාය ආනන්ද ස්ථවිරයන්ට ද, සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන්ට ද, මජ්ක්‍ධිම නිකාය සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයන්ට ද, අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන්ට ද, ඛුද්දක නිකාය සියලු දෙනාටද භාර කළහ. ධර්ම විනය දෙකෙහි භාරකාර පරපුර භාණකවරුන් වශයෙන් පසුකාලීනව මූලාශ්‍රවල සඳහන්ව ඇත.

ප්‍රශ්නය

“අජද්ධු මාරිකං” මෙය ව්‍යග්ඝප්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර

සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා අජද්ධුමාරික නම් වෙයි. අනාථ මරණය යනුවෙන් ද මෙය හඳුන්වා ඇත.

ප්‍රශ්නය

සිත පිරිසුදුව තබාගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තියෙනවා. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර

ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන මනසාචෙ පදුට්ඨෙන, මනසාචෙ පසන්නෙන යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන පසන්නෙන යන පද දෙකින් ගම්‍යමාන වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවය ය. “භවාංග චිත්ත” යැයි නම් කරන භවයා ගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදු ය. මඩ බොර නැති ප්‍රසන්න ජලයක් සේ පිරිසුදු ය. මේ පිරිසුදු සිත ඇස්, කන්, නාස් ආදී වූ දොරටු මඟින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ ද්වේශ මෝහාදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. “පහස්සරමිංදං භික්ඛවෙ චිත්තං කං ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපකිලිට්ඨ” ආදි දේශනා අනුව වඩාත් පැහැදිලි වනු ඇත.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk