UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2018 නව වසර උදාවත් සමඟ ශ්‍රී පාද පද්මය වෙත දහස් පෙතියා මල් දස ලක්ෂයක් පූජා කිරීමේ මහඟු පින්කමක් 2017 දෙසැම්බර් 31 රාත්‍රී 12 ට පොතුහැර ජානක ශ්‍රී සේනාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීපාදස්ථානයේ දී පැවැත්විණි.සියලු ලෝසතුන්ට සෙත් පැතීමේ අරමුණ ඇතිව 6 වන වරටත් පවත්වනු ලැබූ පින්කමට බැතිමත්හු විශාල පිරිසක් සුදෝ සුදු වතින් සැරසී පැමිණ සිටියහ. එහි දී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල තැබුවාවූ සමන්තකූට පර්වතය මත සිට මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජානක ශ්‍රී සේනාධිපති මහතා විසින් දහස්පෙතියා මල් අසුරනු ලැබූ අයුරු.

 

 

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 20 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී

මධ්‍යම පළාතේ හාරිස්පත්තුව , තුම්පනේ,උඩුනුවර, යටි නුවර, දුම්බර, හේවාහැට යන ප්‍රදේශවල යළ මහා දෙකන්නේ වී අස්වැන්නෙන් සහ සුළු අපනයන බෝග සම්පත්වලින් සශ්‍රීක වූ සාරවත් ප්‍රදේශ වෙති. රටේ සෞභාග්‍යයත්, ආශිරිවාදයත් ප්‍රාර්ථනා කරමින් එම ප්‍රදේශවලින් බුද්ධ පාත්‍රයකට එකතුකරන ලද මාස්පතා බෙහෙත් ඖෂධ වර්ග අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන්ට පූජා කිරීමේ පූජෝත්සවයක් 63 වෙනි වතාවටත් ජනවාරි මස 20 වෙනි දින පැවැත්වීමට මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම සංවිධානය කර ඇත. ජය සිරිමහ බෝ සමිඳුන් සිරිලකට වැඩමකොට, වසර 2326 ක් සපිරීම, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 51 ක් පිරීම, රට වැසි සැමට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීම මූලික අරමුණු කොට වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අසිරිමත් මහ බෝ වන්දනා සහ මහ බෝ පෙරහරට ප්‍රදේශ රැසක ගරුතර මහා සංඝරත්නය, සැදැහැවතුන් සහභාගි වෙති. බෝග වගාවත්, අස්වනු පූජා වට්ටි ලෙස සකස් කරගත් ගොවි පවුල් එම වන්දනා පෙරහරට සහභාගි වීම විශේෂ සිද්ධියකි. අනුරාධපුර ථූපාරාම චෛත්‍ය මලුවෙන් සවස 2.00 ට පමණ ගරුතර මහා සඟරුවන පෙරටු කර ගෙන පිටත්වන මහ බෝ පෙරහරේ ජයසිරිමහ බෝ සමිඳුන්ට පුදන මහා කප්රුකක් රැගෙන යෑමෙන් ප්‍රාර්ථනාවන් සිහි පත්කර ගනිති.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]