UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාරියපොල තිස්සව නුවරකන්ද රජ මහා විහාරය

වාරියපොල තිස්සව නුවරකන්ද රජ මහා විහාරය

දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා පලා ආ වළගම්බා රජු මෙම ස්ථානයේ සැඟව සිටි බව ලේඛනවල සඳහන් වේ. මෙහි දක්නට ඇති පිළිම වළගම්බා රජු විසින් කරවන ලද බව සනාථ වී තිබේ. මෙම පුදබිමේ දී දැකගත හැකි සුවිශේෂී නිර්මාණයක් නම් දහයියා, මී පැණි, ගොරක සහ ගස්වල පොතු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.


දහයියා ඇතුළු ද්‍රව්‍යවලින් නිර්මාණය කළ ප්‍රතිමා වහන්සේ

නුවරකන්ද රජ මහා විහාරය පිහිටා ඇත්තේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තිස්සව ගම්මානයේ ය. මෙම විහාරය දර්ශනීය කන්දක් මත පිහිටා තිබීම නිසා නුවරකන්ද නමින් හඳුන්වා ඇත.

විහාර භූමිය පුරා විසිරී ඇති පැරණි ගොඩනැඟිලි දකින විට මෙය අතීතයේ දියුණු විහාරස්ථානයක් වශයෙන් තිබී ඇති බව පැහැදිලි වේ. මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සූරතිස්ස රජු විසිනි.

මහාවංශයේ සඳහන් වන අන්දමට සූරතිස්ස කුමාරයා විසින් මෙහි විහාරයක් සහ චෛත්‍යයක් ඉදිකරවා ඒ බැව් දේවානම්පියතිස්ස රජතුමාට දන්වා ඇත. එයින් දැඩි ලෙස සතුටට පත් දේවානම්පියතිස්ස රජතුමා නුවරකන්දට රහතන් වහන්සේ තිස් දෙනමක් වැඩම කරවා තිබේ. ඒ රහතන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ගල් ලෙන් තිස් දෙකක් ද ඉදිකරවා ඇත. එදා මෙම ගල් ලෙන් හරහා වෑවල විහාරස්ථානය දක්වා උමගක් තිබී ඇති අතර, දැනට එය වසා දමා එහි දොරටුව ඉදිරිපිට කුඩා ස්තූපයක් ඉදි කර තිබේ. බ්‍රාහ්මී අක්ෂර සහ පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් සෙල් ලිපි ඇති කටාරම් සහිත ලොකු කුඩා ගල් ලෙන් රාශියක් මෙහිදී දැකගත හැකි ය. දෙවනපෑතිස් රජුගෙන් පසු මෙම ලෙන්වල භික්ෂූන් වහන්සේ වැඩ සිටි ඇති බව මූලාශ්‍රවලින් හෙලි වී තිබේ.

නුවරකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ විශාල ගල්තලාවක් මත ය. පියගැට නැග ඉදිරියට යන විට ගල්තලාවේ සටහන් කර ඇති දැනට මැකී යමින් තිබෙන සෙල් ලිපි ගණනාවක් දැකගත හැකි ය. ඊට නුදුරින් ගල්තලාවේ කොටා ඇති සුවිශේෂි ගල් ඇඳන් දෙකක් දක්නට ඇත. මේ ගල් ඇඳන් එකල භික්ෂූන් වහන්සේ විසින් පරිහරණය කරන්නට ඇතැයි සිතිය හැකිය.

ක්‍රි.පූ. 104 දී දකුණු ඉන්දියානු ආක්‍රමණය නිසා වළගම්බා රජු පලා විත් මෙම ස්ථානයේ සැඟව සිටි බව ලේඛනවල සඳහන් වේ. මෙහි දක්නට ඇති පිළිම වළගම්බා රජු විසින් කරවන ලද බව සනාථ වී තිබේ. මෙම පුදබිමේදී දැකගත හැකි සුවිශේෂී නිර්මාණයක් නම් දහයියා, මී පැණි, ගොරක සහ ගස්වල පොතු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේය. මේ අයුරින් ඉදිකර ඇති බුදුපිළිම වයඹ පළාතේ වෙනත් විහාරස්ථානයක දක්නට නැතැයි විහාරාධිකාරි නැටියේ සීලරතන හිමියෝ පවසති. තවත් සුවිශේෂි ස්ථානයක් මෙම පුදබිම තුළදී දැකගත හැකි ය. එනම් ගල් ලෙනක් තුළ ඉදිකර ඇති නගුල් ගෙයයි. මෙය වලගම්බා රජුගේ සේනාවන් විසින් ආයුධ ගබඩාව පවත්වාගෙන ගිය ස්ථානය වශයෙන් සැලකේ. දේවානම්පියතිස්ස රජුගේ පාලන කාලයේ දි ඉදිකරන ලද චෛත්‍යය අද වන විට දක්නට නොමැති බවත්, වළගම්බා රජු මෙම ස්ථානයට පැමිණෙන විට මෙහි වාසය කර ඇත්තේ සිවුරංගා නමැති වැදි රජෙකු බවත්, එකී වැදි රජුගේ චිත්‍රයක් අද පවා දැකගැනීමට ඇති බවත් විහාරාධිකාරි හිමියෝ සඳහන් කළහ.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk