UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.

168. ජයවර්ධනපුර – ලංකාසභා කනිටු විදුහලේ
1 ශ්‍රේණියේ
ඒ. රනුමි පෙතාරා දහනායක

169. බත්තරමුල්ල - ලෝඩ්ස්ටාර් ජාත්‍යන්තර පාසලේ,
අපර් කින්ඩර් ගාර්ටන් හි
ඒ. සෙනුම් දිතාරා දහනායක

170. ගාල්ල – අනුලාදේවි බාලිකා විදුහලේ
9 ශ්‍රේණියේ
කේ. බුද්ධිමා සෙව්මිණි

171. මාලිගාතැන්න – රජමහා විහාර දහම් පාසලේ,
2 වසරේ,
ආකාශ් විශ්මිත මුනිරත්න

172. මොරටුව - සිරිසේන දහම් පාසලේ
3 ශ්‍රේණියේ
අභීත ප්‍රභාෂ්වර සිල්වා

173. උලපනේ - සිරි සීලරතන දහම් පාසලේ
4 ශ්‍රේණියේ
වංගීස දුලංගන දිසානායක

174. අඹේපුස්ස - ශ්‍රී භාරතීන්ද්‍ර දහම් පාසලේ
11 ශ්‍රේණියේ
ඩබ්.ආර්.ඒ. ලක්ෂාන් නිරෝෂණ


බුද්ධ ප්‍රතිමා වහන්සේ

බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන ස්ථානයක් හිමි බුද්ධ ප්‍රතිමාව ‘මූර්ති’ නම් කලාංගයට අයත් වේ. ත්‍රිවිධ චෛත්‍යයේ උද්දේසික චෛත්‍ය ලෙස දැක්වේ. බුදුදහම පැතිර ගිය රටවල විවිධාකාරයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී ඇත. බුද්ධ ප්‍රතිමා ඉන්දියාවේ මථුරා, ගන්ධාර, අමරාවතී වැනි සම්ප්‍රදායන්ට නිර්මාණය කර ඇත. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව, මහා කරුණාව වැනි ගුණාංග ප්‍රතිමා තුළින් විද්‍යමාන වේ. ධ්‍යාන මුද්‍රාව, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව හා වරද මුද්‍රාව ලෙස මුද්‍රා වර්ග සයකි. වීරාසනය, භද්‍රාසනය, වජ්‍රාසනය, පද්මාසනය යනුවෙන් ආසන සතරකි. හිටි පිළිම, හිඳි පිළිම හා සැතපෙන පිළිම යනුවෙන් ඉරියව් වෙයි. සමාධි බුද්ධ ප්‍රතිමාව, තොලුවිල බුද්ධ ප්‍රතිමාව, අවුකන බුද්ධ ප්‍රතිමාව ලංකාවේ විශිෂ්ට බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස සඳහන් කළ හැකි ය.


පුන් පොහොයක දහම් සිසිල

සාධු සාධු හඬ දසත ඇසෙන්නේ
පෝදා පුර සඳ අහසෙ දිළෙන්නේ
උවැසි උවැසියෝ සිල් රකිමින්නේ
පොහොය දිනක සිසිලස ය දැනෙන්නේ

ඝන්ඨා නාදය පිළි රැව් දෙන්නේ
සුදු ඇඳගෙන අපි පන්සල් යන්නේ
පන්සලෙ අසිරිය ගමට බෙදන්නේ
පොහොයක සිසිලස සිතේ මැවෙන්නේ

ලා දලු බෝපත් සෙමින් සැලෙන්නේ
සමන් පිච්ච මල් සුවඳ හමන්නේ
පහන් එළිය ගම අඳුර මකන්නේ
පුන් පෝ දා සිසිලයි බෙදන්නේ


සදහම් අරණ

සම්බුදු සිසිලයි - සදහම් ගඟුලයි
අපේම සතුටයි - ‘සදහම් අරණයි’


මතින් තොර ලොවක්

ලෝකය ඉතාම සුන්දර තැනකි. කුරා කුහුඹුවාගේ සිට විසල් අලි ඇතුන් දක්වා සත්ත්වයෝ එහි ජීවත් වෙති. ගහේ කොළේ පිපෙන මල් ද රස ඵල සොයා එන ගිරා මලිති බටිත්තන්ද, සොබා දහම ඉතා වර්ණවත් කරයි.

මිහිතලය මෙ තරම් ම සුන්දර තැනක් වෙද්දී එහි ඇති සුන්දරත්වය වනසා දැමීමට කල් යාමේ දී මහා රකුසකු බිහි විය. මත්ද්‍රව්‍ය යනු ලෝකය රකින්නට සිටින මිනිසා විසින් ම ලෝකය වනසන්නට කළ ඉතා බිහිසුණු නිර්මාණයකි.

ලෝකයට වින කරන මත්ද්‍රව්‍ය මේ සුන්දර ලෝකය විනාශ කරමින් ඒ සුන්දර ලෝකයේ වසන්නන්ගේ සතුට සහ පැවැත්ම විනාශ කරමින් තිබේ. ලෝකයෙහි තිබූ සුන්දරත්වය විනාශ කර දමා ඉතාම සැහැසි ලෙස, කුරිරු ලෙස ඒවා ක්‍රියාත්මක වෙමින් පවතියි. ලස්සන ලෝකය විනාශ කරමින් මේ මත්ද්‍රව්‍ය මහා දැවැන්ත අපරාධයක් සිදු කොට ඇත. ලෝකය මෙයින් මුදවා ගෙන නැවත සුන්දරත්වය කරා ගෙන යා යුතු ය. ලෝකය නැවත සැනසීම කරා ගෙන යා යුතු ය. ඒ සඳහා මතින් තොර ලොවක් අත්‍යවශ්‍යම ය. අපඵට හැකි උපරිම ආකාරයෙන් අකුසලයෙන් මිදී ලෝකය සුන්දර කිරීමට සැවොම එකාවන්ව පෙළ ගැසෙමු.


හෙළදිව අභිමන්

බුදු බණ පළමුවෙන් පොත්වල ලියූ තැනයි
මුළු ලොව සදා කල්හි ම එහි අගේ කියයි
රහතන් වහන්සේලා වැඩ විසූ ලෙනයි
මාතලේ මුදුන් මල් කඩ අළුවිහාර යයි

එදා සිහල දස්කම් හෙළි කරන ලෙද
උජාරුවට වැජඹෙන මහ වනය මැද
එපා නො වන බැලුවත් කොයිතරම් හිඳ
කලා දැකුම් මඬුවකි සීගිරිය හොඳ

මන කුට වඩන අව් අතු අස්ගිරියේ බැඳෙයි
එහි මිට ලාකඩයේ සපුවිද ගමේ හැදෙයි
පඬි විට දවුල් බෙර හොඳ තාලයට වැදෙයි
උඩ රට නැට්ටුවා තල්ගහ ගොඩින් ඇදෙයි

කුමට ද යටත් වී නැත නිදහසට ඉඩ
යමු ඉදිරියට පෙන්වා හෙළයාගේ හඬ
නිදහස පතාගෙන නැංවූ වීර හඬ
අමතක වේද බණ්ඩා ගොංගාළෙ ගොඩ



 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]