UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

   අරමුණු සපුරා ගන්නට අවබෝධය දියුණු කරන්න

අරමුණු සපුරා ගන්නට අවබෝධය දියුණු කරන්න

" ඔබ බලවත් සැම අවස්ථාවකම ඔබ ඉවසිය යුතු ය. ඔබගේ නිවස තුළ ආර්ථික බලය ඔබ සතු නම්, සැම විටම ඔබ ඉවසිය යුතු ය. ඔබගේ නිවස තුළ වැඩිම කායික බලයක් ඔබ සතු නම්, ඔබ ඉවසිය යුතු ය. ඔබගේ ගෙදර වැඩි සමාජමය බලශක්තීන් ප්‍රමාණයක් ඔබ සතු නම්, ඉවසිය යුත්තේ ඔබ ය."

අරමුණු සපුරාගැනීම සඳහා අවබෝධය දියුණු කරගැනීම වැදගත් වේ. අරමුණක් සම්පුර්ණ වන තෙක් ඉවසා සිටීම කල්මැරීමක් මිස, ඉවසීමක් නොවේ. කල්මැරීමක් තුළින් තිරසාර විසඳුම් ලැබෙන්නේ නැත. දීර්ඝ කාලිනව පවත්වාගත හැකි ජයග්‍රහණයන් කල්මැරීම තුළින් ලබාගත නොහැකි ය

අඛණ්ඩව කිසියමි දෙයක පවතින හේතුඵල සම්බන්ධතාවය වටහාගැනීම ඇතුළත පුද්ගලයෙකු තුළ ඛන්ථී ගුණය වර්ධනය වේ. එය අවබෝධය ඇතුළත වර්ධනය වන්නකි. එම ඉවසීම ඇතුළතින් ක්‍රියාත්මක වනවා මිස බාහිරින් අපගේ ජීවිතයට එල්ලන ලද දෙයක් නොෙවි.

ගොඩනඟාගත් ඉලක්කයක් හදාගෙන ඒ දක්වා ඉවසීම වර්තමානයෙහි පවතින අර්බුදයයි. එය ඉවසීමක් නොවේ. කොකාට හත් වාරයක් එනවා නම්, තිත්තයාටත් එක් වාරයක් හෝ පැමිණෙනවා යන පිරුළ ඒ සඳහා ගැළපේ. එම උපදේශය ලබාගත් පුද්ගලයා තිත්තයාට උපමා වන අතර ඔහුට ප්‍රශ්න ඇතිකරන කොකා වෙනම සිටී.

තිත්තතයාට ඉවසීමක් තිබෙනවාද? නැතහොත් කොකාගේ බෙල්ල මිරිකීමට වාරයක් තිත්තතයාට ද පැමිණෙන තෙක් බලා සිටිනවා ද? ෙවිලාව පැමිණෙන තෙක් බලාසිටින්න තිත්තයන් නිර්මාණය නොකළ යුතු ය. කිසියම් දෙයක අයහපත් බව වටහාගෙන එය ක්‍රියාත්මක නොකර සිටීම උචිත ම ක්‍රමය වේ.

යම්කිසි කතාවක අන්තර්ගත වන අයහපත් බව වටහාගෙන ඒ පිළිබඳ කතා නොකරන පුද්ගලයෙකු ගොඩනැඟිය යුතු ය. එය දුෂ්කර කාර්යයක් වුවද, එය අවබෝධ කරගෙන කළ යුත්තේ එයම වේ.

යම්කිසි හැසිරීමක අයහපත් බව හඳුනාගෙන එම හැසිරීමෙන් ඉවත්විය හැකි මනුෂ්‍යයෙකු ඔබ තුළ නිර්මාණය කරගත යුතු ය. එවිට යමක තිබෙන අයහපත්බව වැරැද්ද වටහාගැනීම ඇතුළත , ඔබ කලබලකාරී නොවේ. එම අවබෝධය තුළ ජීවිතයට ගලා එන දරුණු අභියෝග හමුවේදී ද ඉතාම සමාකාමීව සිනාමුසු මුහුණින් කලබල නොවී විසඳුම් සොයා ගත හැකි ය.

ඉවසීම යනු තරහව පමණක් තැන්පත් කර සිටීමක් නොවන බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක. තරහව ජීවිතාන්තය දක්වාම ස්ථාවර තැන්පතුවක් ලෙස තබාගන්නා අවස්ථාවන් නැතිවා නොවේ.

හැම අවස්ථාවක දී ම පොලියෙන් පලි ගනී. එම ස්වභාවය ටිකෙන් ටික හෝ ඉවත් නොකර කුඩා කොටස් වශයෙන් හෝ පලිගනී. අප තරහව ළඟ තබාගෙන කල්මැරීමක් සිදුකරනවා මිස ඉවසීමක් ඒ තුළ අන්තර්ගත නොවේ. එවැනි පුද්ගලයන් ඉතාම භයානක පුද්ගලයන් වේ. හරිම ඉවසීමක් සහිත, පුදුම දරාගැනීමක් තිබෙන, දරාගැනීමේ හැකියාව තිබෙන පුද්ගලයන් ලෙස ඔවුන් පිළිබඳ වර්ණනා කරන අවස්ථාවන් ඕනෑ තරම් හමු වේ. ඔබ ඉවසන තරම් , මට නම් ඉවසන්න බැහැ, යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාවන් ඇත. ඔහු ගේ හෝ ඇයගේ හෘදය සාක්ෂිය සමඟ කතා නොකර ඔහු ඉවසනවාද? කල්ගන්නවාද ? යන බව සත්‍ය ලෙස ප්‍රකාශ කළ නොහැකි ය.

ඔබ බලවත් සැම අවස්ථාවක ම ඉවසිය යුතු ය. නිවස තුළ ආර්ථික බලය ඔබ සතු නම්, සැම විටම ඔබ ඉවසිය යුතු ය. ඔබගේ නිවස තුළ වැඩිම කායික බලයක් ඔබ සතු නම්, ඔබ ඉවසිය යුතු ය. ඔබගේ ගෙදර වැඩි සමාජමය බලශක්තීන් ප්‍රමාණයක් ඔබ සතු නම්, ඉවසිය යුත්තේ ඔබ ය. දුර්වලයන් ඉවසා සිටින්නේ වෙලාව පැමිණෙන තෙක් ය.

බලවතුන් ඉවසා සිටින්නේ ඉවසීම තේරුම් ගෙන එය යහපත් බැවිණි. ඔහුට එම කාරණාව පිළිබඳව පුළුල් අවබෝධයක් පවතී. දුර්වලයන් ඉවසා සිටින්නේ යමක් කළ නොහැකි බැවිණි. අපගේ අභ්‍යන්තර ජීවිතයෙහි සත්‍ය එයයි. ඔබ තුළ ඉවසීම සත්‍ය වශයෙන් ප්‍රගුණ වී ඇතිද? යන්න බලාගැනීමට ඔබ බලවත් අවස්ථාවල දී දුර්වලයන් ගේ දුර්වලතාවය පිළිබඳවත්, හැසිරෙන ආකාරය දෙසත් බැලිය යුතු ය.

ඔබට වඩා දුර්වලයන් සමීපයේදී ඔබට හැකියාව තිබියදීත්, ඔබ යම් යම් තිණ්දු තීරණ ගනිද්දී, අයහපත් බවට ගමන් නොකර, යහපත් බව නොඉක්මවා, ඔබගේ සද්භාවික ගුණ නැතිකර නොගන්නේ නම්, සත්‍ය වශයෙන්ම ඔබ ඉවසන පුද්ගලයෙකු වේ.

බුදුපියාණන් දේශනා කොට වදාළා වූ උතුම් ඛන්ථී ගුණය ඔබ තුළ ප්‍රගුණ වී ඇත. මිනිස්සු යහපත්කම් පවත්වාගෙන යනු ලබන්නේ බලය ලැබෙන තුරු පමණක් බවට අප තුළ අවිඤ්ඤාණික විශ්වාසයක් ගොඩනැඟී ඇත. බලය ලැබුණාට පසු මිනිසා ස්වභාවිකවම යහපත්කම ඉක්මවීමට අවශ්‍ය කරන දරුණු ආත්මාර්ථයකුත් ,දරුණු නොඉවසිල්ලකුත් ඔහුගේ හෝ ඇයගේ ඇතුළත තිබෙන බවට අප ද දන්නා කාරණාවක් වේ.

බලය නොලැබුණ කල තිබුණ ඉවසීමට වඩා වැඩි ඉවසීමක් බලය ලැබුණාට පසු තිබිය යුතු ය. දරාගැනීම ප්‍රගුණ කළ යුතු ය. බලය තිබෙන විට ඉවසීම ඔහුගේ යහපත් ස්වරූපයයි. බලය නොලැබුණ අවස්ථාවක ඉවසීම කපටි නරියෙකුගේ ගතිය මිස බුද්ධිමතුන්ගේ ස්වභාවය නොෙවි.

කේජු කෑල්ල ලැබෙන තෙක් වෙලාව ගැනීමක් වෙ යි. යම් අවස්ථාවක් පැමිණෙනතෙක් කපටි ලෙස වෘත රකිනවාද? යනුවෙන් විමර්ෂණය කරමින් එවැනි තත්ත්වයන්ගෙන් ඉවත් විය යුතු ය. කපටිකම් කරමින් වෘත සමාදන්ව සිටි පමණින් ඔබ සාර්ථකයෙකු නොෙවි. හෘද සාක්ෂියට එකඟව ජීවත් විය යුතු ය.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]