දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි
සංඝ ශෝභන ගුණ පිරි මහා යතිවරයෙකු වූ දෛවී භාෂා විශාරද, අග්ගමහා පණ්ඩිත, සංස්කෘත
චක්‍රවර්ති, සංස්කෘත සාහිත්‍ය විශාරද, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී,
සංස්කෘත සාහිත්‍ය සරස්වතී, සාහිත්‍යසූරි, ෂඩ්භාෂා පරමේශ්වර මහෝපාධ්‍යාය, ශ්‍රී
සුමංගල විද්‍යාවතංස, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරීනව වැඩ සිටි
දවුල්දෙණ ඤාණිස්සර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 2017 වසරේ අප්‍රේල් මස 03 වන දින
102 වසරක් ආයු වළඳා අපවත් වී වදාළ සේක. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර නිකායේ
උත්තරීතර මහානායක පදවිය 2003 සැප්තැම්බර් මාසයේ සිට අපවත් වීම දක්වා තුදුස් වසරක්
දැරූ සේක. උන්වහන්සේගේ 103 වන උපත් සැමරුම ඉකුත් දෙසැම්බර් මස 31 දිනට යෙදී තිබිණි.
අප්‍රේල් 03 දින අපවත් වී වදාළ උන්වහන්සේගේ ගුණ සිහිකරනු වස් 2017 දෙසැම්බර් 30 හා
31 දින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දර්ශනපති කරගහඋල්පත සුගතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
අනුශාසකත්වයෙන් ශතාධික මහා සංඝගත දක්ෂිණාවක් නුගේගොඩ පාගොඩ විද්‍යාවිජයාරාමයේ දී
සිදු කරනු ලැබිණි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන සම්භාවනීය
ගිහි දායකයෝ ද සහභාගී වූහ.
තව ද 31 දින සවස උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට හා සමස්ත රටවැසියනට නව වසරට
දිගාසිරි පැතීමේ සම්බුද්ධ පූජාමය පින්කමක් ද සිදුකෙරිණි. එදින ම මහා නා හිමියන්ගේ
සමීපතම ඤාති මුනුපුරෙකු වන පි‍්‍රයලාල් වනසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන්
විදුලි සංස්ථාවෙන් ධර්ම දේශනා දෙකක් ප්‍රචාරය විය.
මේ වන විට උන්වහන්සේ අවසන් කාලයේ වැඩ වාසය කළ නුගේගොඩ, පාගොඩ, පළමුවෙනි හරස්වීදියේ
ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර හිමි මාවතේ පිහිටි භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍රකොටගෙන
ශිෂ්‍ය බණ්ඩාරවෙල නන්ද ස්වාමීන් වහන්සේ විසින් දායකයන්ගේ අනුග්‍රහය ඇතිව මහා
නාහිමිපාණන් සිහිකරනු වස් තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් කෞතුකාගාරයක් ද ඉදිකරමින්
පවතී. උත්තරීතර මහානාහිමියන් වහන්සේට නිවන්සුව අත්වේවායි කෘතවේදී ව පුණ්‍යානුමෝදනා
කරමු.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ සම්පාදක
මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
මාතර විමලරතන මහා නා හිමි
අනුරාධපුර ගුවන්තොටුපල පාර
ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානාධීශ්වර, ශ්‍රී ලංකා අමරපුර (දඩලු) සිරිසුමන මහා
නිකායේ මහානායක, සිරිසුමන ධම්මාධිධම්ම, රාජාධිරාජගුරු ශ්‍රී ධම්මරක්ඛිත වංශපාල
ගණාචරිය පටිපත්තිධර, ගණපාමොක්කාචාරිය කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසන ධජ, ශාස්ත්‍ර
විශාරද, පණ්ඩිතාචාර්ය, මාතර විමලරතන මහා නාහිමිපාණන් වහන්සේගේ එකසිය තුන්වැනි (103)
ජන්ම දිනය නිමිත්තෙනි.
මාතර මැදගොඩ ග්‍රාමවරයෙහි 1915 දෙසැම්බර් මස 26 වැනි දින ජන්ම ලාභය ලැබූ විමලරතන නා
හිමියන්ගේ ගිහි නම වීරක්කොඩි ආරච්චිගේ ප්‍රේමදාසය. වීරක්කොඩි ආරච්චිගේ සව්නේරීස්
අප්පුහාමි මහෝපාසකතුමාත්, එදිරිසිංහ විදානආරච්චිගේ බංබුහාමි මහෝපාසිකාවත් වාසනාවන්ත
දූ පුතුන් හයදෙනෙක් මෙලොවට දායාද කළ අතර ඉන් පවුලේ තුන්වැනියා වූයේ ප්‍රේමදාස
කුමරුවා ය.
1922 දී අනුරාධපුර පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කළ මහාබෝධි පාසලට
ඇතුළත්ව 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබී ප්‍රේමදාස කුමරු 1927 වසරේ දී බූස්සේ
ශ්‍රී සුදර්ශනාරාමයෙන් නික්ම රට පුරා ධර්ම දේශනා පවත්වමින් අනුරාධපුරයට වැඩම කළ
බූස්සේ ධම්මරක්ඛිත මහා නා හිමියන්ගේ ඇසුරට පත්විය.
බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය ලෙස 1931 ඔක්තෝබර් මස
22 වෙනි දින මාතර විමලරතන නමින් සසුන්ගත විය. මාතර විමලරතන හිමියන් මුලින් ම
නේවාසිකව වැඩ සිටියේ අනුරාධපුර නිවන්තකචේතිය රජමහා විහාරයේ ය. මාතර විමලරතන මහා නා
හිමියන්ගේ සසුන්ගත ජීවිතයට ද දැනට වසර 87 ක් සපිරේ.
පැවිදිවීමෙන් අනතුරුව 1932 දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයේ දී ත්‍රිපිටක ධර්මය,
සාමණේර බණ දහම් පාලි, සිංහල, සංස්කෘත ඡ්‍යොතිෂ්‍ය වෙදකම ආදී විෂයයන්ද ප්‍රගුණ කළහ.
බූස්සේ පන්සලේ ගත කළ කාල පරිච්ඡේදය තුළදී සිවුරු මැසීමේ හා පඬු පෙවීමේ ශාස්ත්‍රයද,
පැරැණි වටිනා ධර්ම පුස්තකාලයක් බූස්සේ පන්සලේ තිබුණු බැවින් පොත් බැඳීමේ කර්මාන්තය
ද ඉගෙන ගැනීමට ද සමත් විය. දේශීය ඖෂධ පැළෑටි වර්ග ප්‍රයෝජනයට ගනිමින් කායික රෝගවලට
ප්‍රතිකර්ම ලබාදීම ද ඉගෙනගත් උන්වහන්සේ පැරණි වෛද්‍යවරයෙකුගේ ආශ්‍රයෙන් සර්පවිෂ
වෙදකම ද හදාරන ලදී.
1937 ජූනි මස 23 වෙනි දින බලපිටියේ මාදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදා ශීලයට
පත්ව 1938 වසරේ පොසොන් මස 20 වැනි දින මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම පිරිවෙනට
ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට
ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී දෙවන ලෝක යුද්ධය නිසා අගනුවර
පිරිවෙන් වසා දැමීමෙන් යළිත් අනුරාධපුරයට වැඩම කිරීමට සිදුවිය.
උන්වහන්සේ සමාජ සේවයට පිවිසියේ 1940 දී ය. ධර්ම දේශනා, කවි බණ, බෞද්ධ නාට්‍ය හා
විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් ගම තුළ සමගිය, දියුණුව ඇතිකිරීමට උන්වහන්සේ අපමණ
වෙහෙසක් ගත්හ. මැදවච්චිය, හොරොව්පොතාන, අනුරාධපුර, පොළොන්නරුව, මැදිරිගිරිය, යන
පළාත්වල හා මැකිච්ඡාව, ගල්කඩවල, කිරිඬගම, ලෝලුගස්වල යන ගම්මානවල විහාර ආරාම,
වැව්පොකුණු, මංමාවත් පිළිසකර කරවන ලදී. මැදවච්චිය ප්‍රදේශයේ ගම්මාන සඳහා ග්‍රාම
සංවර්ධන සමිති ආරම්භකර ගමට පන්සලක් මෙන්ම බාල පරපුරට අධ්‍යාපනය ලබාදීමට පාසලක්ද
ආරම්භ කළහ.
පුබුදුවිල කනිෂ්ඨ විද්‍යාලය හා තාලරුක්ඛාරාම විහාරය ආරම්භ කළේ විමලරතන නාහිමියන්
විසිනි. මෙම ගම්මානවල බෞද්ධ සමිති සමාගම්, දහම්පාසල්, කිරි මධ්‍යස්ථාන, පේෂකර්ම
මධ්‍යස්ථාන ආරම්භ කළ උන්වහන්සේ ගම්මානවල පුරාණ වෙල්යායවල රජයේ නිලධාරීන් ලවා
ගොවීන්ට යල මහ දෙකන්නයේම කුඹුරු ගොවිතැන් කිරීමටට හැකි වන පරිදි අබලන් වැව්
ප්‍රතිසංස්කරණය කරදීමට සමත් විය. උන්වහන්සේ ආරම්භ කළ විහාරස්ථානවල දරුවන් 15 දෙනෙක්
පැවිදි කළහ.
1966 වසරේ පොසොන් මස අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානය
ආරම්භ කළ නාහිමියන් දරුදැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් ශ්‍රී විමලධර්මදූත
දහම් පාසල ආරම්භ කරන ලදී. 1999.05.11 වෙනි දින එහි අභිනව විහාර මන්දිරයත්, සමාධි
බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලාව, සංඝාවාසය විවෘත කිරීමට
උන්වහන්සේ සමත් වූහ.
දඩලු සිරිසුමන පාර්ශ්වයේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී විමල ධර්මදූත
මධ්‍යස්ථානයේ ‘සීමාමාලකයක්’ ඉදිකළ නාහිමියෝ සිය නිකායේ උපසම්පදා මහෝත්සවය 2003
පොසොන් මස 21 වෙනි දින එම සීමාමාලකයේ දී සිදුකරන ලදී. නා හිමියන් ඉටුකළ ජාතික ආගමික
හා ශාසනික සේවාවන් අතරට වසර තිස් පහක් මුළුල්ලේ සතියකට වරක් අනුරාධපුර මහ රෝහලේ
නේවාසික රෝගීන් වෙනුවෙන් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ සංග්‍රහ කිරීම විශේෂ
තැනක් ගත්හ.
දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ මහානායක බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන්
ප්‍රමුඛ ‘සිරිසුමන’ කාරක සංඝසභාව විසින් 1968 දී පොසොන් මස 24 වෙනි දින බූස්සේ
ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ බද්ධ මංගල සීමාමාලකයේ දී ‘සිරි සද්ධාතිස්ස
ධම්මරක්ඛිත’ යන ගරු නාම සම්මුතිය සහිතව උතුරු හා උතුරුමැද දිසාවේ ප්‍රධාන අධිකරණ
සංඝ නායක ධූරයෙන් පිදුම් ලැබූ මාතර විමලරතන නාහිමියෝ 1992 වසරේ වෙසක් මස 27 වෙනි
දින දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ විංශද්වර්ගික මහා සංඝ සභාවේ නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් එම නිකායේ මහානායක ධූරයට පත්කරනු ලැබූහ.
මාතර විමලරතන නාහිමියන් ඉටුකරන ලද මහජන සේවය අගය කරමින් 1999 දී අධිකරණ අමාත්‍යාංශය
විසින් මුළු දිවයිනට බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද පිරිනමන ලදී.
තායිලන්ත ධර්ම දූත චාරිකාවේ දී 2000 වසරේ නොවැම්බර් 20 වෙනි දින මයියංකන් ආරණ්‍ය
සේනාසනයේ දී ‘විශ්ව කීර්ති ශ්‍රී සාමදූත ලෝකාර්ථ චරිය’, යන ගෞරව සම්මානයෙන්ද පිදුම්
ලැබූ උන්වහන්සේට 2001 ජාත්‍යන්තර බුදුමග සංවිධානය මගින් ‘ශාස්ත්‍ර විශාරද පණ්ඩිත’
ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී.
මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමු.
සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැගෙනහිර සමූහ |