UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා වන්දනා චාරිකා සංවිධාන

2018 වසරට ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

ඉන්දියාවේ සහ නේපාලයේ සංචාර සංවිධානය කරන ශ්‍රී ලාංකික වන්දනා චාරිකා සංවිධාන 2018 වසර සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශය කියයි. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති 2018 වසර සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන වන්දනා චාරිකා සංවිධාන සඳහා අදාළ අයදුම්පත් බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ලබාගත හැකි වේ. නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2017.12.15 දින දක්වා භාර ගනු ලබන අතර 2018 වසර සඳහා ලියාපදිංචි කරනු ලබන වන්දනා චාරිකා සංවිධාන වෙත ඒ බව ලිඛිතව දන්වන බව ද එම අමාත්‍යාංශය කියයි.

ඉතිරිය»

මෙරට ඉතිහාසයේ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර


මෙරට ඉතිහාසයේ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර ලබාදී ඇත්තේ වර්තමාන ජාතික ආණ්ඩුව මගින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය. ජනාධිපතිතුමා යටතේ සහ තමන් යටතේ පවතින අරමුදල්වලින්ද, බුද්ධශාසන, අධ්‍යාපන සහ අනෙකුත් අමාත්‍යාංශ යටතේ ඇති අරමුදල්වලින්ද විහාරස්ථානවලට විශාල වශයෙන් ආධාර උපකාර ලබා දෙන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ආධාර නගරයේ විහාරස්ථානවලට පමණක් සීමා නොකර ගමේ පන්සල්වලට ද සමානව ලබා දෙන බව ද සඳහන් කළේ ය. ඊට අමතරව වත්මන් රජය බුදුසසුන වෙනුවෙන් දක්වන අනුග්‍රහය සහ සංවර්ධනය වෙනුවෙන් කරනු ලබන කැපවීම ගැනද තවදුරටත් අදහස් දැක්වී ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

සීල විසුද්ධියෙන් පිරිසුදු ව තමන්ගේ කය හා වචනය මැනවින් හික්මවා ගත් තැනැත්තා අනතුරු ව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම නම් වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට දෙවන පියවර තබයි. ඒ පඤ්ච නීවරණයන්ගෙන් තමන්ගේ සිත මුදවා ගෙන අභ්‍යන්තරික පාරිශුද්ධත්වය ලැබීමට ය. මෙහි ලා පඤ්ච නීවරණ නමින් සැලකෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන කෙලෙසුන් ය. රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන පඤ්චකාමයන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම, ඇල්ම, ආශාව කාමච්ඡන්දය නමින් හැඳින්වෙයි. තරහව, ක්‍රෝධය, ද්වේෂය යන නමිවලින් හැඳින්වෙන්නේ ව්‍යාපාදය යි. ථීනමිද්ධය නම් චිත්ත චෛතසිකයන්ගේ පවත්නා අරමුණු ගැනීමේ අදක්ෂතාව, හෙවත් සිත, කය දෙකේ පවතින අකර්මණ්‍යතාවයි. උද්ධච්චය නම් සිතේ ඇතිවන නො සන්සුන් බවයි. කුක්කුච්ච නො කළ කුසල් ගැනත්, කළ අකුසල් ගැනත්, සිත - සිතා පසුතැවිලි වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ආදී කරුණු අටක් සම්බන්ධ සැක කිරීම විචිකිච්ඡාව යි. මෙම කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ නමින් හැඳින්වෙන්නේ ද ඒ අර්ථය සලකා ගෙන ය. එසේ ම ප්‍රඥාව නමැති ඇස වසාලන නිසා ද නීවරණ යැයි කියයි.

ඉතිරිය»

විශ්මිත ගුණ දෙන පිරිත් දේශනාව

බෞද්ධයාගේ ආගමික චාරිත්‍රයක්, පුණ්‍ය කර්මයක් මෙන් ම මෙලොව, පරලොව සුවසෙත ශාන්තිය, රැකවරණය සලසන මහඟු ශාන්තියක් හා බලවේගයකි ‘පිරිත’. පිරිත යනුවෙන් අදහස් කරනුයේ කුමක් ද? සිංහල ව්‍යවහාරයට අනුව හඳුන්වන පිරිත පාලි භාෂාවේ පරිත්ත නමින් ද, සකු බසින් පරිත්‍රාණ යනුවෙන් ද දැක්වේ. පාලි අටුවාචාරීන් පිරිත විග්‍රහ කර දක්වනුයේ මෙසේ ය.  හාත්පසින් ම ආරක්ෂාව සලසන නිසා පිරිත වේග අන්තරාය දුරුකරමින් ආරක්ෂණය කරන හෙයින් පිරිත වේ. සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරන බැවින් පිරිත වේ. හාත්පසින් සත්ත්වයන්ගේ බිය ද, උවදුරු ද, අනතුරු ද, දුරුකොට ආරක්ෂා කරන බැවින් පිරිත වේ යනුවෙනි.  බුදුදහමට අනුව මිනිසා මවුකුසට පැමිණි දා සිට මරණය දක්වාත්, මරණින් පසුවත් ආරක්ෂාව, රැකවරණය ලබාදෙන මිල කළ නො හැකි ආශිර්වාදයක් ලෙස පිරිත හැඳින්විය හැකි ය. මහජනතාවගේ සුබ නැකැත් කටයුතුවල දී පැමිණෙන දෝෂ ද, ඇස්වහ, කටවහ, හෝවහ ආදී සියලු දෝෂ ද දුරු කරයි.

ඉතිරිය»

රූපශ්‍රීයෙන් මත්වූ ඛේමා දේවිය
බුදුරදුන් දැක නිවන් දුටුවා ය

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]