UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට ඉතිහාසයේ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර

මෙරට ඉතිහාසයේ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර

මෙරට ඉතිහාසයේ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර ලබාදී ඇත්තේ වර්තමාන ජාතික ආණ්ඩුව මගින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය. ජනාධිපතිතුමා යටතේ සහ තමන් යටතේ පවතින අරමුදල්වලින්ද, බුද්ධශාසන, අධ්‍යාපන සහ අනෙකුත් අමාත්‍යාංශ යටතේ ඇති අරමුදල්වලින්ද විහාරස්ථානවලට විශාල වශයෙන් ආධාර උපකාර ලබා දෙන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ආධාර නගරයේ විහාරස්ථානවලට පමණක් සීමා නොකර ගමේ පන්සල්වලට ද සමානව ලබා දෙන බව ද සඳහන් කළේ ය.

ඊට අමතරව වත්මන් රජය බුදුසසුන වෙනුවෙන් දක්වන අනුග්‍රහය සහ සංවර්ධනය වෙනුවෙන් කරනු ලබන කැපවීම ගැනද තවදුරටත් අදහස් දැක්වී ය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉකුත් දා (04) අරලියගහ මන්දිරයේ පැවැති දෙදහස් පන්සිය වසරක උරුමයේ අබිමන් දැයේ මතු පරපුර වෙත සංරක්ෂණය කර සංවර්ධනය කර දෙනු පිණිස ආරම්භ කළ ජාතික වැඩසටහන සසුනෝදය දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

“සසුනෝදය” මඟින් විහාරස්ථාන දොළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් සඳහා ආධාර මුදල් ලබා දෙනු ලබයි.

එහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි අනුනාහිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සෝමවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි අනුශාසනා පැවැත් වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා ද එහි දී කතා කළහ.
 

 

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]