|
දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩි වග යි
" බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තීන්ට අනුව වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය
කරන්නේ ද වප් පොහෝදා ය. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් කාලය අවසන් වීමත් ඒ අනුව
භික්ෂූන් වහන්සේ නැවතත් ජනපද චාරිකාව ඇරඹීමත් ය. තවද වප් පොහොය දා පටන්
විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් පටන් ඉල් පොහෝදා තෙක් ඊට සුදුසු
භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජා කිරීමට පුළුවන."
කෘෂිකාර්මික පසුබිමක් සහිත අපගේ සංස්කෘතියේ වප් මාසයට ලැබී ඇත්තේ අද්විතීය
ස්ථානයකි. ඊට හේතුව නම් වප් මාසය මුල්කරගෙන කුඹුරු වපුරා මනා අස්වැන්නක් ලබා ගැනීමට
අප සමාජය පුරුදු වී තිබීම යි. එම වප් මාසයේ පුර පසළොස්වක දා බුද්ධ චරිතයේ විශේෂ
සිද්ධීන් ගණනාවක් ම සිදු වී ඇති බව පෙනී යයි.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වී සතියකින් මහා මායා දේවිය මනුලොවින් නික්ම තව්තිසා
දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවා ය. මාතෘදිව්‍ය රාජයාට කෘතුගුණ සැලකීම
පිණිස උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවීමට තීරණය කළේ එදා ඇසළ පොහෝ දින ගණ්ඩම්බ නම්
අඹ රුක මුල යමා මහ පෙළහර පෑ අවස්ථාවේදී ය. තීර්ථකයන් දමනය කිරීම පිණිස යමා මහ පෙළහර
පා වදාළ බුදුරජාණන් වහන්සේ එය අවසන්වීමත් සමඟ ම එකෙනෙහි ම අතුරුදහන් වූ සේක.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට
ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය
|
|
|
|
|
|
|