ජනපති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්
එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ 72 වන සම්මේලනයට සහභාගීවීමෙන් අනතුරුව,ඇමෙරිකා එක්සත්
ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවක් (23) ඉකුත්දා පස්වරුවේ ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දුගීභාවයෙන් රට නිදහස් කරගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම්
සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම, උසුලන්නට
බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම යන කාර්යයන් සඳහා
පසුගිය වසර දෙක හමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ
කළේ ය. නිව්යෝක්නුවර කුවින්ස් බෞද්ධ විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා එය වැඳ පුදා
ගැනීමෙන් අනතුරුව එම හමුවට එක් විය.
කුවින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නා හිමිපාණන් වහන්සේ සිදුකරන ශාසනික
සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර
සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඉතිරිය» දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩි වග යි
" බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තීන්ට අනුව වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය
කරන්නේ ද වප් පොහෝදා ය. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් කාලය අවසන් වීමත් ඒ අනුව
භික්ෂූන් වහන්සේ නැවතත් ජනපද චාරිකාව ඇරඹීමත් ය. තවද වප් පොහොය දා පටන්
විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් පටන් ඉල් පොහෝදා තෙක් ඊට සුදුසු
භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජා කිරීමට පුළුවන."
කෘෂිකාර්මික පසුබිමක් සහිත අපගේ සංස්කෘතියේ වප් මාසයට ලැබී ඇත්තේ අද්විතීය
ස්ථානයකි. ඊට හේතුව නම් වප් මාසය මුල්කරගෙන කුඹුරු වපුරා මනා අස්වැන්නක් ලබා ගැනීමට
අප සමාජය පුරුදු වී තිබීම යි. එම වප් මාසයේ පුර පසළොස්වක දා බුද්ධ චරිතයේ විශේෂ
සිද්ධීන් ගණනාවක් ම සිදු වී ඇති බව පෙනී යයි.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වී සතියකින් මහා මායා දේවිය මනුලොවින් නික්ම තව්තිසා
දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවා ය. මාතෘදිව්‍ය රාජයාට කෘතුගුණ සැලකීම
පිණිස උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවීමට තීරණය කළේ එදා ඇසළ පොහෝ දින ගණ්ඩම්බ නම්
අඹ රුක මුල යමා මහ පෙළහර පෑ අවස්ථාවේදී ය. තීර්ථකයන් දමනය කිරීම පිණිස යමා මහ පෙළහර
පා වදාළ බුදුරජාණන් වහන්සේ එය අවසන්වීමත් සමඟ ම එකෙනෙහි ම අතුරුදහන් වූ සේක.
ඉතිරිය» ධර්ම දේශනාව:
පින නිබඳව ම කළ යුතු ය
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථෙ’තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො
යම් පුද්ගලයෙක් පින්කම් කරන්නේ නම් නැවත නැවත ඒවා කරන්නේ ය. එහි කැමැත්ත තබා ගන්නේ
ය. පින් රැස් කිරීම සැප ලැබීමට හේතු වන හෙයිනි,’ යනු මෙහි සරල අර්ථය වේ. මිනිසෙකු
වශයෙන් උපත ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බැවින් ඉන් උපරිම ඵල නෙළා ගැනීම බුද්ධිමත්
පුද්ගල ලක්ෂණයක් වේ. පින වූ කලී සෑම පුද්ගලයෙකු ම ලද අවස්ථාවේ රැස් කළ යුතු ධර්මයක්
වේ, ඒ සඳහා මොහොතක් හෝ ප්‍රමාද වීම දුර්වලතාවයක් වේ. මෙහි වැදගත් පදයක් වනුයේ
‘පුඤ්ඤ’ යන්නයි, එය නිතර නිතර සිදු කළ යුතු ය යන්නෙන් මෙහි වටිනාකම තවත් තීව්‍ර වේ.
මෙහි පින් යනුවෙන් අදහස් කොට ඇත්තේ දාන, සීල, භාවනා වශයෙන් දැක්වෙන ත්‍රිවිධ පුණ්‍ය
ක්‍රියාවන් ය. තවද මෙය දස වැදෑරුම් ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එම දස
වැදෑරුම් පුණ්‍ය ක්‍රියා නම් දන් දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින් දීම, පින්
අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම හා
සම්‍යක් දෘෂ්ඨියෙන් යුතුව වාසය කිරීම යන කරුණු දහයයි.
ඉතිරිය»
අම්පාරේ හිඟුරාන
උත්තර ජයමහා විහාරස්ථානය
උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද, සමාජයීය , ශාස්ත්‍රීය සංවර්ධනයේ ද
තෝතැන්නක් වූ හිඟුරාන උත්තර ජය මහා විහාරස්ථානය ඓතිහාසික පින්බිමකි. එහි ඉතිහාසය
සද්ධාතිස්ස රාජ සමය දක්වා ඈතට දිවයයි. දැනට විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක සඳහන් වන
ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ ආරම්භක සමයේ ම මෙම
විහාරස්ථානය ද ගොඩනඟා ඇති බව පැහැදිලි වේ. විහාරස්ථ ගල් කටාරමෙහි ඇති සෙල්ලිපියට
අනුව මෙම ස්ථානය පෙර උත්තර ලෙනක් ලෙස හැඳින්විණි. සද්ධාතිස්ස රජුගේ බිසවක් වූ
උත්තරා දේවිය ගේ නමින් එය උත්තර ලෙන නමින් වූ අතර ඇය පරිහරණය කළ ලෙන පසුකාලීනව මහා
සංඝරත්නයට පූජා කොට විහාරස්ථානයක් ලෙස ගොඩ නංවා ඇත.
ඉතිරිය» |