UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරදේව අසපුවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිකෙරෙන “අමරදේව අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉකුත්දා (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී සිදුවිය. මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙතද ඇරයුම් කිරීම සුවිශේෂී සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි. අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120 කට අධික භූමියක් පුරා ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.

ඉතිරිය»

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය

බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ 2561 ක් ගත වන මේ අවධිය බුද්ධශාසනයේ චිරස්ථිතිය පිළිබඳව සිතා බලන්නට ඉතා සුදුසු කඩඉම් අවස්ථාවකි. දැනට ශ්‍රී ලංකාවේත් ඉන් බාහිර ලෝකයේත් සිදුවෙමින් පවත්නා තත්ත්වය දෙස බලන විට බුද්ධ ශාසනය පමණක් නොව මානව වර්ගයාත්, සමස්ත විශ්වයත් කෙතෙක් කල් පවතීදැයි සිතා ගන්නට බැරි තරම් වේගයකින් සියල්ලක් ම වෙනස් වෙමින් පවතී. විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමයෙන් ලෝකය වේගයෙන් දියුණුවෙමින් පවතින්නේ යැයි කියා කෙනෙකුට සිතෙන්නට හැකි වුවත් පාරිසරික වෙනස්කම් හා මානව වර්ගයාගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් දෙස බලන විට සමස්තය ඉතා අනතුරුදායක මට්ටමකට එළඹ ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය.  මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ බුදුසසුනේ චිරස්ථිතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අවධාරණය කළ කරුණු පිළිබඳව පුනරාවර්ජනයක් කරන්නටය. මෙහිලා පළමු කොටම ශාසනය යන්නෙන් කුමක් අදහස් වේදැයි පහදා ගත යුතුය. වර්තමානයේ සිටින බහුතරයක් ගිහි පැවිදි පිරිස් සිතාගෙන සිටින්නේ ශාසනය යනු වෙහෙර විහාර, චෛත්‍ය, බුදුපිළිම, ධර්මශාලා ආදී භෞතික වස්තූන් කියා ය. ඒ නිසා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා යැයි කියමින් චෛත්‍ය හා බුදුපිළිම වැනි ගොඩනැගිලි ඉදිකිරීමෙහි තරඟ වැදී සිටින බෞද්ධ සමාජයක අපි අද ජීවත් වෙමු. එහෙත් බුද්ධශාසනය යනු කිසිදු භෞතික ඉදිකිරීමක් නොව බුදුන් වහන්සේ වදාළ ධර්ම, විනය පමණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මෙහෙණි සසුන ඇරඹි බිනර පොහොය

වස් කාලය තුළ එළඹෙන බිනර පුර පසළොස්වක පෝය දිනයේ සම්බුදු සසුනේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමකි. කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දීමට තථාගත බුදුරජාණන් වහන්සේ ගත් උතුම් තීරණය මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත්කමක් දරයි. කාන්තාව මාතෘත්වයේ සංකේතය යි. සිය ස්වාමියා මළ විට එම දර සෑයට පැන තම දිවි හානිකර ගැනීමට සිදු වූ කාන්තාවට විමුක්තිය උදාකරගැනීමට හැකියාව ලැබුණේ බිනර පෝය දිනයක ගෝතමී දේවිය පැවිද්ද හා උපසම්පදාව ලැබීමෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙනි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර තම සුළු මව වූ මහා ප්‍රජාපති ගෝතමී දේවිය කාන්තාවන්ට පැවිද්ද ඉල්ලා සිටි විට තෙවරක් ම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි දැයි බුද්ධිමත්ව සළකා බැලිය යුතු කරුණකි. එකල සමාජ සංස්ථාව කාන්තාවන්ට ලබා දී තිබුණු තත්ත්වය මෙන් ම පවුල් සංස්කෘතියට කාන්තාව සම්බන්ධවීමේ මනෝවිද්‍යාත්මක පසුබිම ද බුදු ඇසට විද්‍යමාන වන්නට ඇත. එබැවින් වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙඩ බෝවීමක් ලෙස කාන්තා පැවිද්ද උපමා කළ බුදුරජාණන් වහන්සේ පසුව අෂ්ට ගරු ධර්ම පිළිපදින්නේ නම් පමණක් කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලැබීමට අවසර ඇති බව දේශනා කළ බව අටුවාවේ සඳහන් වේ.

ඉතිරිය»

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

පුරා විද්‍යාත්මක හා ආගමික අතින් සුවිශේෂී වැදගත්කමකින් යුත් මොරවක්කෝරළේ අනන්‍යතාව ප්‍රතාපවත් ලෙස සංකේතවත් කරන මහානුභාව සම්පන්න ගැටබරු රජමහා විහාරයට සහ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ දේවාලයට රුහුණේ ඓතිහාසික සිද්ධස්ථාන අතුරින් අද්විතීය ස්ථානයක් හිමි වේ. මේ පින් බිමෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ වළගම්බා රජු සමයේ මෙම සිද්ධස්ථානය කර වූ බව ඉපැරණි වංශ කතාවල සඳහන් වේ. ගැටබරු බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් ශුද්ධ වස්තුවක් ලෙස වන්දනාමානයට පාත්‍ර වෙද්දී මහානුභාව සම්පන්න ගැටබරු රජමහා විහාරය මොරවක් කෝරළයේ අසහාය ධර්ම මන්දිරය බවට පත් විය. තව ද රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් හා බැඳුණු විශ්වාස පද්ධතියක් අප හද තුළට පිවිසීමෙන් අපේකම එම විශ්වාස පද්ධතියේ කොටසක් වී ඇත. 1834 දී මෙම සිද්ධස්ථානය සොයා ගැනීමෙන් අනතුරුව 1835 දී රජමහා විහාරය සමාරම්භය සිදුවුණි.

ඉතිරිය»

මෙහෙණ සසුන් දොර මෙසේ විවර විය. සිතුවම - සත්සර ඉලංගසිංහ

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]