ඓතිහාසික යුදඟනාව වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය
ඓතිහාසික යුදඟනාව රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහර
මංගල්‍යය 17 වැනි වරටත් මෙම අගෝස්තු මස 09 වන දින සිට 13 වන දින දක්වා පුරා දින 05
ක් අලි ඇතුන් සහිත උඩරට පහතරට සහ සබරගමු නර්තනවලින් සමන්විතව පැවැත්වේ.
ඉතිරිය»
සේරුවිල නිකිණි පෙරහර
සේරුවිල නිකිණි පෙරහර පුණ්‍යෙීත්සවයයේ මහා පෙරහර අගෝස්තු මස 12 වෙනිදින මංගල මහා
චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා වීථි සංචාරය කෙරේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දුක සේ ලැබිය යුතු දුලබ සම්පත් හතර
බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ බුද්ධවග්ගයට අයත් ඉහත ගාථා පාඨයෙන් අදහස් වනුයේ
මිනිසත් බව ලැබීම දුෂ්කර බව ය. එයට හේතු වන්නේ අංගවිකල භාවයෙන් තොරව පරිපූර්ණ
මිනිස් සිරුරක් සහිතව ඉපදීමට බොහෝ පින් අවශ්‍ය බැවිනි. එසේම මිනිසාගේ දිවි පැවැත්ම
ද දුක් සහිත වේ. ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී ධනය උපයා ගත යුතු ය. එසේ නොමැති
නම් මහත් වූ දුක් කරදර මැද ජීවිකාව ගෙන යා යුතු වේ. එම නිසා දිවි පැවැත්ම ද දුෂ්කර
වේ. තවද සත්ත්වයාගේ දෙලොව යහපත පිණිස උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ද ඉතා දුර්ලභ
කරුණකි. බුදුවරයෙකුගේ උප්පත්තිය ද ඉතා දුර්ලභ වේ. මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ
ඒරකපත්ත නාගරාජයා මුල් කරගෙන ය. ඒරකපත්ත නාගරාජයා, පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උතුම් මිනිසත්බව ලැබ
බුදුසසුනෙහි මහණදම් පිරූවෙකි. එකල උන්වහන්සේ ගඟකින් එතෙර වීමට අඟුලකට නැගීමට තැත්
කරද්දී ඒරු අත්තක් අල්ලා ගන්නා ලදී. අඟුල දියත් වෙද්දී අත්තෙන් එක් පතක් කැඩුණි.
එසේ පතක් කැඩීමෙන් සුළු ඇවැතක් සිදු විය. ඒ ඇවැතින් මිදීම සඳහා ඇවැත් දෙසීමක් නොකළ
හෙයින් අපවත්වන වේලෙහි ඇවැතින් මිදුණු නැති බව සිහිවී පසුතැවිලිව අපවත් වී ඔරුවක්
පමණ නාගරාජයෙකුව උපන්හ. මහානුභාව සම්පන්න ඒ නා රජු ඒරකපත්ත නම් විය.
ඉතිරිය»
මහනුවර ඓතිහාසික
සංස්කෘතික මංගල්‍යය
හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 24 වන
දින සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය. ප්‍රථම කුඹල් පෙරහර 29
දා වීදි සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 03 දින ය. අවසන්
රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිත ය.
කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන්ද අසූවක් පමණ සහභාගි වෙමින් දින එකොළහක්
පුරා පවත්වන්නාවූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත. එක්
පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුවද තවත් පසෙකින් මෙය දළදා සමිඳුන් උදෙසා මෙන් ම සතර
මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි. පැරැණි රජ දවස පටන් රාජ්‍යය
අනුග්‍රහය ලබමින් පැවැත්වු පෙරහර මංගල්‍යය අද ද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි.
ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන
වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ටය. වසර 2005 දී
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී
එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 13
වන වරටය. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ඉතිරිය»
නිකිණි පොහෝදා ශාසනික සිදුවීම්
බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන
ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. මුල්ම ධර්ම
සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි. නිකිණි පොහෝදා ආරම්භ කරන ලද ‘පංචසතිකා’ නම් වූ මෙම පළමු සංගායනාව සිදුකිරීමට හේතුවූ
ආසන්න කාරණා දෙකකි. මුල්කාරණාව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආගමික
ශාස්තෘවර නිගණ්ඨනාථ පුත්‍ර අභාවප්‍රාප්ත වීමත් සමඟම එම ශාසනයේ අනුගාමිකයන් විවිධ
විවාද ඇතිකොට ගෙන සී සී කඩ විසිරී යාමයි. මේ නිසා ශාසන භාරධාරි මහ රහතන් වහන්සේලා
කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ධර්ම සංගායනාවක් කර බුද්ධ ධර්මය
ස්ථාපිත කළ යුතු බවයි.
ඉතිරිය»
|