ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුවට පින්කම්
ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 131 වන ජන්ම සමරුව නිමිත්තෙන්
මෙම මස 18 සහ 19 වනදා ලේක්හවුස් ආයතනයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.
18 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වෙන අතර එහි මහ පිරිත් දේශනාව
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මඟින් සජීව විකාශනය කෙරේ. 19 වන දා
දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමේ.
පිරිත් දේශනාව ඇතුළු එම පින්කම කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර
නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) අනුශාසනා පරිදි සිදු කෙරේ. කොටුව
සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන් ඇතුළු මහ සඟරුවන ද
වැඩම කෙරේ.
ඉතිරිය» එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළෙහි නිල වෙබ් අඩවිය ජනපති අතින්
එළිදැක්වේ
මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ (14) වන ජාත්‍යන්තර වෙසක් සැමරුම
සහ ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය ඉකුත්දා (07) ජනාධිපති
කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කෙරිණි. සමාජ
සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම යන තේමාව යටතේ මැයි මස 12 වනදා
සිට 14 වනදා දක්වා ජාත්‍යන්තර වෙසක් උළෙල උත්කර්ෂවත් අයුරෙන් මෙරටදී පැවැත්වෙන අතර
ඒ පිළිබඳ සියලු තොරතුරු unwesak2017org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
ඉතිරිය» ධර්ම දේශනාව:
මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා
උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාප මිත්තතා,
පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච
කුසලාධම්මා පරිහායන්තී’ ති.
අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි ඇතුළත් ඉහත දැක් වූ පාඨයෙහි සිංහල අර්ථය නම්, යමක්
හේතුකොටගෙන නූපන්නා වූ අකුසල කර්ම උපදින්නේ නම්, උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි නම්
එයට මූලික වන්නේ පාප මිත්‍ර ඇසුර බවයි. පාප මිත්‍රයන් ඇත්තා හට නූපන්නා වූ අකුසල
ධර්ම උපදියි. උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි. මේ අනුව බැලූ කල පාප මිත්‍ර ඇසුර මිනිසෙකු පරිහානිය කරා යොමු කරවීමට කෙතරම්
බලපාන්නේ ද යන්න මනාව පැහැදිලිය. යම් පුද්ගලයන් තුළ සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද
ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ
වෙති.
ඉතිරිය»
දෙමහල් ධර්ම මන්දිරය 20 වනදා ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන
අමුගොඩ ජයසුමනාරාමය
ජගත් සබඳතාවයේ ප්‍රතිඵලයක්
අමුගොඩ ජයසුමනාරාම මහා විහාරස්ථානයට ඇත්තේ දීර්ඝ කාලීන ඉතිහාසයකි. එය යටත් විජිත
යුගය දක්වා දිව යයි. මෙය ශ්‍රී ලංකාවේ ශාසනවංශ කථාවේ ,අමරපුර භික්ෂු වංශයේ ඕමත්තේ
අභයතිස්සාභිධාන මහ නාහිමියන්ගෙන් බිහිවූවකි. සබරගමුවේ පමණක් නොව ඌව පළාතේ ද අමරපුර
භික්ෂු වංශයේ ආරම්භය උන්වහන්සේගෙන් සිදුවී ඇත.
එවන් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකගෙන් ඇරඹුණු අමුගොඩ ජයසුමනාරාමයේ වත්මන්
විහාරාධිපති පදවිය උසුලනු ලබන්නේ අමරපුර මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ
අනුනායක ධුරන්දර අමුගොඩ සෝමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ පාලන කාලය
තුළ විහාරස්ථානයේ දියුණුව සඳහා කළ කැප කිරීමත්, රටට වැඩදායි ශිෂ්‍ය පිරිසක් සසුනට
දායාද කිරීම නිසාත්, අමුගොඩ ජයසුමනාරාමය ලෝක පූජිත විහාරස්ථානයක් බවට පත් වී ඇත.
ඉතිරිය»
|