බුදුපිළිමයේ උපත - 54:
අනුරාධපුර ජේතවනාරාමය
දාගැබ අසලින් හමු වූ
අමරාවතී සම්ප්‍රදායේ
මූර්ති කැටයමක්
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
අමරාවතී බෞද්ධ කලා ශිල්ප සමඟ අප රටේ පුරාණ මූර්ති කැටයම් කලාවට සහ බුද්ධ ප්‍රතිමා
වහන්සේ නිර්මාණය කිරීමේ කලාවට කිසියම් බලපෑමක් කර ඇති බව ඉතා පැහැදිලි කරුණකි.
විශේෂයෙන් හිටි බුදුපිළිම නිර්මාණයේදී අමරාවතී බුදුපිළිම කලාව අනුව සිවුර නිර්මාණය
කිරීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයකි.
ජේතවනාරාමය දාගැබ පුරාණ ශ්‍රී ලංකාවේ විශාලතම දාගැබ ලෙසින් සැළකේ. අනුරාධපුරයේ
අභයගිරිය හා ජේතවනාරාමය ලෝක උරුමයන් ලෙසට යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර
ඇත.
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී අනුරාධපුර රාජධානියේ රජ කළ මහසෙන් රජතුමා ගේ කාලය වන
විට අනුරාධපුරය දක්ෂිණ භාරතීය මෙන්ම උත්තර භාරතීය මූර්ති කලා ශිල්පයන්ගේ බලපෑම
පමණක් නොව එතෙක් පැවති ථෙරවාදී බුදුසමයට අමතරව මහායාන බුදු සමයේ දියුණුවක්ද පැවති
බවට ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව පුරාවිද්‍යා කැණීම්වලදි හමුවූ රන්පත් ඉරු හතක්
(මහායාන බුදු සමයට අයත් ග්‍රන්ථයක කොටසක් ලියූ ) හමුවීමෙන්ද පැහැදිලි වෙයි.
ජේතවනාරාමය ආශි‍්‍රතව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සහ ඊට පෙර පිහිටුවන ලද ශ්‍රී
ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණය මගින් කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින්ද අමරාවතී
සම්ප්‍රදායට අයත් වන මූර්ති කැටයම් හමුවී ඇත. අප මීට ඉහතදී මහාමායා දේවිය හා
සම්බන්ධ වූ මූර්ති කැටයමක් පිළිබඳ විස්තර කළෙමු.
ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ පර්සියානු
,ගී‍්‍රක, ඉන්දියානු සහ වෙනත් රටවල් ආශි‍්‍රත වු මැටි බඳුන් හා වෙනත් පුරාවස්තු
රැසක්ම හමුවී ඇති බව ජේතවන දාගැබ අසල පිහිටුවා ඇති කෞතුකාගාරයේ ඇති පුරාවස්තුවලින්
පැහැදිළි වේ.
මේ අතරේ ඉතා විශිෂ්ටතම මූර්ති දෙකක් දැකිය හැකිය. මෙය කිසියම් වාස්තු විද්‍යාත්මක
ගොඩනැගිල්ලක් හා බද්ධ වූ මූර්ති කැටයම් ලෙසින්ද සමහරු සළකති. මෙම මූර්තියෙහි
නිරූපිත ප්‍රධාන රූප කොටස් තුනකි. ඉන් ප්‍රමුඛ ප්‍රතිමාව කාන්තා රූපයකි. කාන්තා
රූපය යක්ෂණී රුවක් ලෙසින්ද හැඳින්වේ. මෙම කාන්තා රූපය පූර්ණ ලෙසින්ම අමරාවතී බෞද්ධ
සම්ප්‍රදායට අයත්වන නාරිදේහ ලක්ෂණවලින් සමන්විත වන්නේය. ඇය සිටගෙන සිටින අන්දම
ත්‍රිභංග (තුන් පළකින් නැවුණු) ස්වරූපයකි. මෙහි ඉතාමත් වැදගත් කරුණ වන්නේ මේ කාන්තා
රූපය සමඟ ඉහළින් බද්ධ වී ඇති මකර රූපයක මූර්ති කැටයම ද දකුණු අත හා බද්ධ වන ලෙසින්
නෙළා ඇති කුළුණක මූර්තියක්ද නිරූපණය කර තිබීමයි.
මෙම මූර්ති ඉතා නිර්මාණාත්මකව නිමවා ඇති අතර අමරාවතී බෞද්ධ මූර්ති කලා සම්ප්‍රදාය
අනුව නිර්මාණය කර ඇති බව සඳහන් කළ යුතුව ඇත. මෙම කාන්තාවගේ ඉඟ සුඟ මෙන්ම ඇඳුමද
දෙපාවල පළඳවා ඇති වළලුද අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය මැනවින් නිරූපණය කරන බව
විද්වතුන් පිළිගෙන ඇති කරුණකි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙම අමරාවති මූර්ති සම්ප්‍රදාය ලංකාවේ හමුවී ඇති
අන්දම මෙසේ විස්තර කරයි.
ශෛලිය අනුව බලන විට කණ්ඨක චේතියේ (මිහින්තලේ) නැගෙනහිර සහ දකුණ වාහල්කඩවල කැටයම්
රූප නොගැඹුරුය. පැතලිය. ඒවා ත්‍රිමාන රූපවලට වඩා සෙවනැලි ලෙසින් නිමවා තිබේ. මේ
ලක්ෂණ හා වෙනත් ලක්ෂණ අතින් ඒවා භාරුත්, සාංචි සහ බුද්ධගයා යන ස්ථානවල දක්නට ලැබෙන
ඉන්දියාවේ කැටයම් කලාවේ පුරාණතම දේශීය සම්ප්‍රදායේ කැටයම්වලට සමානය. මෙරට පුරාණතම
මූර්ති කැටයම් වනාහි මධ්‍ය ඉන්දියාවේ දේශීය සම්ප්‍රදායේ පුරාණතම අවධිය මුල්කොට ගෙන
ඇති බව මෙයින් පැහැදිලි වේ.
පෞරාණික ලක්ෂණ මේ කැටයම්වලට වඩා ඉතා දියුණු ශිල්පීය න්‍යායක් හෙළි කරන මූර්ති
කැටයම් රූප විශේෂයෙන්ම අභයගිරිය සහ ජේතවන දාගැබ්වල වාහල්කඩවල දක්නට ලැබේ. අභයගිරියේ
දකුණු වාහල්කඩ සමහර රූප ඉඩකඩ පිළිබඳ හැඟීමක් ඇතිව නෙළා ඉතා ගැඹුරට කොටා තිබෙන නමුත්
ඉදිරිපස බලා සිටින ඒවා දරදඬු ඉරියව්වකින් යුක්තය. මේ ලක්ෂණ වලින් අපට සිහිපත්වන්නේ
අමරාවතියෙහි සහ නාගර්ජුන කොණ්ඩ පුදබිම්වලින් ආන්ද්‍ර දේශයේ වෙනත් බෞද්ධ ස්ථානවලත්
ඇති මූර්ති කැටයම්ය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළවෙනි කාණ්ඩයට මහාචාර්ය
සෙනරත් පරණවිතාන පඬිවරයා ලියූ – පැරණි යුගයේ ආගම සහ කලා ශිල්ප – පිටු අංක 256
–(1964)
|